web analytics

ඔබත් කැමතිද Refresh.LK අපිත් එක්ක එකතු වෙන්න?

ඔයා Blogger කෙනෙක්ද?  

මුද්‍රිත මාධ්‍යන්ට පමණක් කොටුවූ කෙනෙක්ද?

එහෙම නැත්නම් හැකියාවෙන් වැඩක් නොගත් කෙනෙක් ද? 

ඔයා කවුරු උනත් දැනුම බෙදා ගන්නකොට තමයි ඒකෙ වටිනාකම වැඩිවෙන්නෙ. මාසයකට ලක්ෂයකට අධික පිරිසක් කියවන අපේ website එකට යමක් එකතු කරන්න ඔබත් කැමතිද? ඔයාට ගෙදර ඉඳන්ම මේ වැඩේ කරන්න පුලුවන්.

 

රූපලාවන්‍ය සහ උපදෙස් 

Beauty tips & tricks ගැන ඔබේ තියන උනන්දුව වැඩිද? ඔබේ හිතේ තියන දේවල් අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුනෙ නැද්ද?  

 

සොබාදහම සහ සංචාර

ඔයා නිතරම travel කරන කෙනෙක්ද? බෙදාගන්න දහසකුත් දේවල් තියනවද? ඔබ දැකපු ලස්සන හැමෝටම පෙන්වන්න  කැමතිද?

 

තාක්ෂණය සහ විශේෂාංග

අලුත්ම Tech trends ගැන වැඩිපුර දැනුමක් තියනවද? ලංකාව සහ ලෝකයේ වෙන දේවල් ගැන ඔයාගෙ දැනුම up to dateද?   

සුදුසුකම් මොනවද?

පොඩ්ඩ්ක් කියවල බලන්න පහල තියන මේ සුදුසුකම් ඔයාට තියනවද කියල. එහෙමනම් වැඩේ ගොඩ.

 

පළමු සුදුසුකම

සිංහල යුනිකෝඩ් වලින් ලියන්න පුලුවන් හැකියාවක් තිබීම. 

සිංහලෙන් ලියන්න බැරිද?

ඔයා මිට කලින් කවදාවත්ම කිසිම ලිපියක් ලියල නැත්නම් ඒකත් මේ වැඩේට හොඳ සුදුසුකමක් වගේම ඔබට ස්වයං අභියෝගයක් කියල හිතන්න. මේ ලින්ක් එක පාවිච්චි කරන්න. සිංහල යුනිකෝඩ් තවදුරටත් ලොකු මැජික් එකක් නෙමෙයි.

දෙවන සුදුසුකම

අපි බලාපොරොත්තු වෙන්නෙ අලුත් දේවල් අපේ පාඨකයින්ට ලබාදෙන්නයි. International websites වලින් ගත්ත ලිපි සිංහලට පරිවර්තනය කර ඉදිරිපත් කරන වැඩක් නෙමෙයි මේක.

පිටරට ඒව බලන්න බැරිද?

පුලුවන්. ඔයාට විවිධ මූලාශ්‍ර භාවිතා කරල අවශ්‍යය කරුණු රැස්කරගන්න පුලුවන්. ඒ සියල්ල ලිපිය අවසානයේ සඳහන් කල යුතුයි. කෙටියෙන්ම කිව්වොත් ඔයාගෙ වැඩ original වෙන්න ඕන.

 

තෙවන සුදුසුකම

ඔබ කොතරම් ඉවසිලිවන්තද කියන එක වැදගත් සාධකයක්.

ඉවසිලිවන්තකම අදාල වෙන්නෙ කොහොමද?

සමහර වෙලාවට ඔයා ගොඩාක් මහන්සි වෙලා ලියපු ලිපියකට ලැබෙන ප්‍රතිචාර ඉතා අඩු වෙන්න පුලුවන්. එහෙම  නැත්නම් ඔයා එවන ලිපි ප්‍රතික්ෂේප වෙන්නත් පුලුවන්.

ඒ වගේ වෙලාවට පසුබට නොවී ඉදිරියේදි කරන දේ හරියට සැලසුම් කරන්න තරම් හොඳ ඉවසීමක් අවශ්‍යයි.

අපට ලැබෙන්නෙ මොනවද?

Refresh.LK අපි හරිම පොඩි team එකක්, වැඩ පටන් අරන් ඉතාම කෙටි කාලයයි. දැනට අපි විශාල අදායම් ලබන තත්වයක නැහැ. අපට ලැබෙන අනුග්‍රාහක දැන්වීම් ප්‍රමාණය මත මේ තත්වය ඉදිරියේදි වෙනස් වේවි. මේ අවස්ථාවේදී අපට කරන්න පුලුවන් එකම දේ තමයි හැම මාසයක් අවසානයේදීම ඔබට පුංචි ත්‍යාගයක් දෙන එක, අපිට දැක්වූ සහයෝගයට කලගුණ සැලකීමක් විදිහට.

2017 අවුරුද්ද ඉවරවෙන්න කලින් මීට වඩා දෙයක් අපිට ඔබ වෙනුවෙන් කරන්න පුලුවන් වෙයි කියල අපි විශ්වාස කරනව. ඒ සඳහා වැඩ කරන්න අපි සූදානම්..

වැඩේට කැමතියි. එකතු වෙන්නෙ කොහොමද?

හරිම පහසුයි. පහල තියෙන google form එක හරහා register වෙන්න.  ඉන් පසුව අපි ඔබව සම්බන්ධ කරගන්නම්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes