web analytics

ඔබත් මුඛ දුර්ගන්ධයෙන් පීඩා විඳිනවාද?


ඔබේ මුවින් දුගඳක් පිටවේ යැයි බයෙන් සමහර විට ඔබ පොදු ස්ථානවලදී වැඩි කතා බහක් නොමැතිව සිටිනවා වන්නට පුලුවන්…

එසේත් නැත්නම් ඔබේ මිතුරාගේ, සැමියාගේ එසේත් නැත්නම් දරුවාගේ මුඛ දුර්ගන්ධයෙන් පීඩා විඳිනවා වන්නට පුලුවන්…

කෙසේ වුවත් මුඛ දුර්ගන්ධය එහෙමත් නැත්නම් කටගඳ ගැසීම අප බොහෝ දෙනෙක් ජීවිතයේ කවරදාක හෝ මුහුණ දී ඇති ගැටලුවක් බව නොඅනුමාණයි. ලෝක වැඩිහිටි ජනගහනයෙන් 25%ක් පමණම මුඛ දුර්ගන්ධයෙන් පෙලෙන බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. කොහොමද මේ මුඛ දුර්ගන්ධය ඇති වෙන්නේ? මේක වලක්වගන්න පුලුවන්ද? මේ ලිපිය ඔබට ඒ සඳහා පිලිතුරු සපයාවි.

මොකද්ද මේ මුඛ දුර්ගන්ධය?

Hand vor mund

මුඛ දුර්ගන්ධය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ හැලිටොසිස් (Halitosis) කියලයි. මෙහි පූර්ව ලක්ෂණය වන්නේ මුඛයෙන් අප්‍රසන්න දුගඳක් වහනය වීමයි. මෙම තත්ත්වය කඩින් කඩ මෙන්ම දීර්ඝකාලීනවද ඇති විය හැකියි. මේ සඳහා මූලික වශයෙන්ම හේතු වන්නේ මුඛය ආශ්‍රීත තත්ත්වයන් වන අතර මීට අමතරව වෙනත් රෝගාබාධ නිසාද මෙම තත්ත්වය ඇති විය හැකියි.

කොහොමද මේක හැදෙන්නේ?

කලින් කීවා වගේ මේ සඳහා මූලික වශයෙන්ම හේතු වන්නේ මුඛය ආශ්‍රිත තත්ත්වයන්. අපි බලමු මේ තත්ත්වයන් මොනවාද කියලා.

1. දිව ආශ්‍රීත බැක්ටීරියා

බොහෝ විට මුඛය ආශ්‍රීත මුඛ දුර්ගන්ධයට හේතු වන්නේ දිවෙහි (ප්‍රධාන වශයෙන් දිවෙහි උගුර දෙසට වන්නට තිබෙන ප්‍රදේශයේ) ජීවත්වන නිර්වායු බැක්ටීරියාවන්. දිවෙහි රැඳෙන ආහාර අංශු, මළ සෛල ආදිය මත වැඩෙන මෙම බැක්ටීරියා දුර්ගන්ධයෙන් යුත් සංයෝග නිපදවනවා. මේ අතර කුණු බිත්තර ගන්ධය නිකුත් කරන සල්ෆර් අඩංගු සංයෝග වන සල්ෆර් ඩයොක්සයිඩ් (Sulfer dioxide), මෙතිල් මර්කැප්ටාන් (Methyl mercaptan) ආදිය වෙනවා.

2. විදුරුමස

දත් හා විදුරුමස අතර රැඳෙන ආහාර කැබලි මත වර්ධනය වන නිර්වායු බැක්ටීරියාවන්ද ඉහත ආකාරයෙන්ම ක්‍රියා කරමින් දුර්ගන්ධය ඇති කරන සංයෝග නිපදවනවා. දන්ත ප්‍රදාහය ඇති අයගේ මෙම තත්ත්වය බහුලයි.

3. දත් කුහර

දත් දිරායෑම නිසා ඇතිවන දන්ත කුහර මත ආහාර කැබලි රැඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. මේවා මත වර්ධනය වන නිර්වායු බැක්ටීරියාවන්ද දුර්ගන්ධකාරක නිකුත් කරනවා.

4. දත් ගැලවූ කුහර

රුධිර කැටි වලින් පිරුණු මෙවැනි ස්ථානවල බැක්ටීරියා වර්ධනය ඉතා පහසුවෙන් සිදු වෙනවා. මෙම බැක්ටීරියාවන් දුර්ගන්ධකාරක නිකුත් කරනවා.

5. දත් අතර හිදැස්

මේවායේ රැඳෙන ආහාර කැබලි මත වැඩෙන බැක්ටීරියාවන්ද දුර්ගන්ධකාරක නිකුත් කරනවා.

මීට අමතරව කෘත්‍රිම දත් පැලදීම, මුඛ ආසාදන, මුඛයේ තුවාල ආදිය පැවතීමත් දුර්ගන්ධයට හේතු වෙනවා.

Image: macduffiemagnet.org

ඒ වගේම දුම් පානය, මත්ද්‍රව්‍ය භාවිතය, ඇතැම් ඖෂධ, දුර්ගන්ධය ඇති කරන ගෝවා වැනි ආහාර, ආතතිය, ආහාර පාලනය සඳහා නිරාහාරව දිගු වේලාවක් සිටීම වැනි හේතු නිසාද මුඛ දුර්ගන්ධය ඇති වන්න පුලුවන්.

මුඛය ආශ්‍රීත තත්ත්වයන්ට අමතරව තවත් බොහෝ කරුණු මේ සඳහා හේතු වෙන්න පුලුවන්.

1. නාසය ආශ්‍රීත තත්ත්වයන්

නාසය ආශ්‍රීතව ඇතිවන ප්‍රතිශ්‍යා තත්ත්වයන් නිසා දුර්ගන්ධයක් ඇති විය හැකියි.

Image: illingtonmedicalservices.org

2. ආහාර මාර්ගය ආශ්‍රීත තත්ත්වයන්

ආහාර මාර්ගයේ රෝගාබාධයන් ඇති අයගේද දුර්ගන්ධ තත්ත්වයක් ඇති විය හැකියි.

Image: rooziato.com

3. විවිධ රෝගාබාධ ආශ්‍රීත තත්ත්වයන්

වකුගඩු ආබාධ, අග්න්‍යාශයේ ආබාධ, දියවැඩියාව ආදී රෝගී තත්ත්වයන් බොහොමයක් නිසාත් මුඛ දුර්ගන්ධ තත්ත්වයක් ඇති විය හැකියි.

Image: medicinenet.com

කෙසේ වෙතත් උදෑසන අවදිවීමේදී ඇතිවන මුඛ දුර්ගන්ධය සාමාන්‍යය තත්ත්වයක් වන අතර ඒ සඳහා හේතු වන්නේ රාත්‍රි කාලය පුරා මුඛය තුල නිර්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වීමයි.

එසේම ඇතැම් පුද්ගලයින්ට තමන්ගේ මුඛයෙන් දුර්ගන්ධයක් හමන බව සිතට දැනුනත් එය සැබවින්ම සිදු නොවන අවස්ථා තිබෙනවා. මෙවන් තත්ත්වයක් පසුකලකදී මානසික රෝගී තත්ත්වයක් වන සියුඩොහැලිටොසිස් (pseudohalitosis) දක්වා පත් විය හැකියි.

කොහොමද මේ තත්ත්වය හඳුනා ගන්නේ?

මේ තත්ත්වය තමන් විසින්ම හෝ තම කිට්ටු පුද්ගලයෙකු මගින් හඳුනා ගැනීම තමයි පහසුම ආකාරය. මීට අමතරව මේ සඳහා නිවැරදි මිනුමක් ලබා දීමට පර්යේෂණ සහ හැලිමීටරය වැනි උපකරණ තිබෙනවා.
පහත දැක්වෙන්නේ එවැනි පරීක්ෂණ හා උපකරණ කිහිපයකි:

1. හැලිමීටරය (Halimeter)

Image: rankmydentist.com

මෙමගින් සල්ෆර් ඉතා අඩු මත්‍රාවක් පවා හඳුනා ගත හැක

2. Gas chromatography

මෙමගින් සල්ෆර් අඩංගු සංයෝග වන හයිඩ්‍රජන්  සල්ෆයිඩ්, මෙතිල් මර්කැප්ටාන් සහ ඩයිමෙතිල් සල්ෆයිඩ් මට්ටම නිර්ණය කල හැකිය.

3. BANA පරීක්ෂණය

Image: indiamart.com

මෙමගින් මුඛ දුර්ගන්ධය ඇති කරන බැක්ටීරියා මගින් නිපදවන එන්සයිමයක් පවතින ප්‍රමාණය හඳුනා ගනී.

4. බීටා-ගැලැක්ටොසිඩේස් පරීක්ෂණය

මෙමගින් බීටා-ගැලැක්ටොසිඩේස් එන්සයිමය පවතින ප්‍රමාණය හඳුනාගනු ලැබේ.

මේ තත්ත්වය වලක්වාගන්න පුලුවන්ද?

image: Menshealth.com

බොහෝවිට මේ තත්ත්වය වලක්වා ගන්න පුලුවන්. පහත දැක්වෙන්නේ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කීපයක්:

1. යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යාම. මේ සඳහා,

a. දිනකට දෙවරක් වත් හෝ සෑම ආහාර වේලකටම පසු දත් මැදීම
b. නියමිත කාල පරාසයකදී දන්ත පරීක්ෂාවක් සිදු කර ගැනීම
c. දත් මැදීමේදී දිව මැදීම මෙන්ම දත් අතර සහ දත් හා විදුරුමස අතර කලාපයද පිරිසිඳු කිරීම
d. මුඛ සේදුම් දියර වර්ගයක් භාවිතා කිරීම ආදිය සිදු කල හැකිය.

image: alpinelaserdental.com
2. හොඳින් ජලය පානය කිරීම මගින් නිතර මුඛය සේදීමට ලක් වීමත්, මුඛය වියළීමෙන් ආරක්ෂා වීමත් සිදු වීම මගින් නිර්වායු බැක්ටීරියා වර්ධනය පාලනය වේ.
3. මුඛ දුර්ගන්ධය ඇති කරන ආහාර වලින් වැළකී සිටීම හෝ එවැනි ආහාර ගත් වහාම මුඛය පිරිසිඳු කර ගැනීම සිදු කල හැකිය.
4. එසේ වුවත් දත් ගැලවීමක්, දත් වැටීමක් හෝ විදුරුමස ඉදිමීමක් සමග දුර්ගන්ධය ඇති වේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.
5. ඒ වගේම ඔබේ මුඛ දුර්ගන්ධයට හේතුව වෙනත් රෝගී තත්ත්වයක් නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යුතු අතර, මේ තත්ත්වය ගැන ප්‍රතිකාර කරන වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත්. එසේම ඔබ යහපත් මුඛ සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගෙන යද්දීත් මුඛ දුර්ගන්ධයක් හමනවානම් ඒ ගැන වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

ඉතින් එහෙනම් අද අපි කථා කලේ අප අතුරින් බොහෝ දෙනෙක් පීඩාවට පත් වන තත්ත්වයක් ගැන. මේ තත්ත්වය ගැන අවබෝධයක් ඔබට මේ ලිපියෙන් ලැබෙන්නට ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙවන් ලිපියකින් යලිත් අපි හමුවෙමු.


Like it? Share with your friends!

290 SHARES
290 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
5
Thanks
Cry Cry
2
Cry
Like Like
2
Like
Confused Confused
1
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඔබත් මුඛ දුර්ගන්ධයෙන් පීඩා විඳිනවාද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes