web analytics

උසාවි ගිහින් වරදකරුවන් වූ සතුන්


සතෙක් කරපු වැරැද්දකට උසාවියට අරන් ගිහින් නීති මාර්ගයෙන් දඬුවම් දුන්න කියල ජීවිතේට අහල තියෙනවද? අහල නැති උනාට ලෝකයේ විවිධ රටවල්වල මෙහෙම සිද්ධි සෑහෙන ප්‍රමාණයක් වාර්තාවෙලා තියෙනව අතීතයේ ඉඳලම. මෙන්න මේ වගේ අරුම පුදුම සිද්ධි එකතු කරල බ්‍රෑඩ් ස්ටීගර් කියන ලේඛකය පොතක් පළකරනව. අන්න ඒ පොතේ තියෙන රසවත් සිද්ධි කිහිපයක් තමයි මේ.

01. අවමන් ලැබූ ඌරන්.

Image: IGN.com

මධ්‍යතන යුගයෙ ප්‍රංශයෙ තිබුනු දෙයක් තමයි ඌරන්ගෙන් මිනිසුන්ට කරදර සිදුවුනොත් අදාල ඌරව උසාවියට ගෙනිහින් නඩු අහන එක. වැරද්ද ඔප්පු උනොත් දඬුවම තමයි කරත්ත රෝදෙක බැඳල නියමිත පහර ගණනක් දීම. ඒකත් කරන්නෙ උසාවි නිලධාරියෙක්. කරත්ත රෝදෙක බැන්දම ඌරට අවමානයක් වෙනව කියන එක තමයි ඔවුන්ගෙ විශ්වාසය.

02. බිත්තර දමා අපරාධයකට හවුල් වූ කිකිළිය.

Image: movies.wikia.com

1474 ස්විස්ටර්ලන්තයෙ බැසෙල් නුවර අරුම පුදුම සහ හාස්‍යජනක නඩුවක් විභාග වුණා කිකිළියෙක්ට විරුද්ධව. කිකිළි කරපු වැරැද්ධ තමයි බිත්තර දැමීම. මේ බිත්තර යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වලට ලබාගැනීම නිසා තමයි මේක අපරාධයක්වෙලා තියෙන්නෙ. අවසානයේදි කිකිළි සහ බිත්තර සියල්ල ගිනි තබනව.

03. මවගේ අඩි පාරේ ගිය ඌරු පැටව්.

Image: Zombie Portraits

1457 දි ලැවෙන්හි ඊරියකටයි පැටවුන්ටයි බරපතල චෝදනාවක් එල්ලවෙනව. මිනීමැරුම් චෝදනාවක්. කුඩා දරුවෙකු සපා කා මැරූ බවට නඩු පවරනව. මෙතෙන්දි විත්තියේ නීතීඥයා කියා සිටියෙ පැටවුන් සිදුකළේ තම මව ආදර්ශයට ගැනීම මිසක් වරදක් කරන හැඟීමකින් කළ දෙයක් නොවන බවයි. අවසානයේදී පැටව් නිදහස් කර ඊරිය එල්ලා මරා දමනව.

04. කූඩැල්ලන්ට තහනම් නියෝග.

Image: Brave Wilderness

මේකත් ස්විස්ටර්ලන්තයෙ කතාවක්. 1415 දි කූඩැල්ලන් පිරිසක් උසාවියට ඉදිරිපත් කරනව මිනිසුන්ගෙ ලේ උරාබීමේ වරදට. නඩුව අවසානයේදී කූඩැල්ලන්ට නියෝග කරනව වසර තුනක් ඇතුලත ප්‍රදේශයෙන් ඉවත්ව යා යුතු බවට.

05. ඉවත දැමුණු නඩුව.

Image: drinly.com

ප්‍රංශයේ ගම්බද ප්‍රදේශයක ගොවියෙකු නඩුවක් දානව මී මැස්සන්ට විරුද්ධව. ඒ පහරදීමක් සම්බන්ධයෙන්. උසාවි නිලධාරීන් අදාල ස්ථානයට යනවිට මී වදය එම ස්ථානයේ නොමැතිවීමත්, විත්තිකරුවන් හඳුනාගත නොමැතිවීමත් නිසා මේ නඩුව ඉවත දමන්න තීරණය වෙනව.

06. උසාවියෙන් කට්ටි පැන්න මීයෝ.

Image: fooray.deviantart.com

15 වෙනි සියවසේදි ප්‍රංශයේ එක්තරා නගරයක සිටි මීයන් පිරිසකට නඩුවක් වැටෙනව. චෝදනාව රංචු වශයෙන් නගරයට ඇවිත් කලබල ඇතිකිරීම. නඩුවට විත්තිය වෙනුවෙන් එක මීයෙක්වත් නොමැති නිසා තීන්දුව ලබාදෙනවට විත්තියේ නීතීඥතුමා විරුද්ධ වෙනව. නඩුව නැවත කල් යනව. දෙවෙනි අවස්ථාවෙදිත් මීයො නෑ. විත්තියේ නීතීඥතුමා උසාවියට දැනුම්දෙනව මීයන් උසාවි එන්න අදිමදි කරන බව. අවසානයේදි මේ නඩුවත් ඉවත දානව.

07. අලි කෙළි මහරජ.

Image: oscarchamps.com

මේ සිද්ධිය වෙන්නෙ අසල්වැසි ඉන්දියාවෙ හයිද්‍රාබාද්වල. 1922 දි හමුදා සේනාංකයකට අයත්වුණු සුලෙයිමාන් නම් අලියා කෝපයට පත්වීමෙන් මිනිසෙකු මරා දමනව. නඩුව විභාග කරන්නෙ හමුදා අධිකරණයෙන්. අවසානයේ සුලෙයිමාන්ට යකඩ දම්වැල් පහර දහයක් ලබාදීමට තීරණය වෙනව.

08. නොසන්ඩාල මයිනා.

Image: toriko.wikia.com

1972 දි ජපානයේ ටෝකියෝවල පොලීසිය මගින් මයිනෙකු අල්ලෙගෙන නීතිය ඉදිරියට රැගෙන එනව. චෝදනාව ප්‍රසිද්ධියේ මහජනතාව ඉදිරියේ අසභ්‍ය වචන කීම. කොහොම උනත් ඌට විරුද්ධව නීතිමය පියවර ගත නොහැකිවීම නිසා අවසානයේදී නිදහස් කර හරිනව.


Like it? Share with your friends!

374 SHARES
374 SHARES
What's Your Reaction?
Cute Cute
2
Cute
Lol Lol
11
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
4
Cry
Like Like
5
Like
Confused Confused
1
Confused
Dislike Dislike
2
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

උසාවි ගිහින් වරදකරුවන් වූ සතුන්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image