web analytics

සිංදු කියන මෙහෙණිය “ඩ්‍රෝල්මා”


මෙහෙණින් වහන්සේ නමක් සිංදු කියනවා කිව්වාම ටිකක් පුදුමයි නේද?

ලාංකික අපිට ටිකක් නුහුරු වුනත් මේ ලිපිය කියෙව්වට පස්සේ ඔයාට, ඒ ගැන සැක හැර දැන ගන්න පුළුවන්. කව්ද  මේ සිංදු කියන මෙහෙණිය, ඇය උපන් දේශය, ඇගේ ජිවිත කථාව සහ ඇගේ ජිවිතයේ කඨෝර අත්දැකිම් වගේම ඇය අභියෝග වලට සාර්ථකව මුහුණ දී ඒවා ජයගත් ආකාරය පිළිබඳව තොරතුරු මෙම ලිපියෙහි අඩංගු වෙනවා.

කවුද මේ ඩ්‍රෝල්මා මෙහෙණිය?

ටිබෙට් ජාතික සරණාගත යුවලකට දාව උපන් චෝයිං ඩ්‍රෝල්මා යනු බාලවියේ දී තම ගිහි ජිවිතය අතහැර, ඒ තුළින් තම ගායන හැකියාව ඔප් නංවමින් ජාත්‍යන්තර තලයේ ගායිකාවක බවට පත්වු මෙහෙණින් වහන්සේ නමකි.

Image: oldisgoldtravel.com

කටුක ළමා කාලයකට උරුමකම් කියු ඩ්‍රෝල්මාට කුඩා අවදියේ දී තම පියාගේ සාහසික පහර කෑම් වලට ලක් වන්නට සිදු වු අතර පියාගේ ඉක්මන් කේන්තිය නිසා තමාට එලෙස පහර කෑම් වලට මුහුණ දෙන්නට සිදු වු බව ඇය පසුකාලීනව මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

මේ පහර කෑම් වල ප්‍රතිඵලයක් ලෙස ඇයට ගිහි ජිවිතය කලකිරෙන අතර මෙහෙණින් වහන්සේ නමක් වී ධර්මයෙහි හැසිරි ,සැහැල්ලුවෙන් ජිවත් වන්නට ඇය තීරණය කළාය. ඇය පැවසුවේ වැඩිවියට පත් වි විවාහ වු කලකදි ද මෙලෙසම තම ස්වාමි පුරුෂයාගෙනුත් ගුටි කන්න සිදු වේ යැයි සිතා මේ තිරණය ගත් බවය.

Image: demuzevanmeise.be

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ළමා මනසට කෙතරම් දුරට බලපෑම් කරනවාද යන්න ඩ්‍රෝල්මා මෙහෙණිය ගේ ජිවිත කථාවෙන්ම අපට තේරුම් ගන්නට පුළුවන. මේ තිරණයට ඇගේ දෙමාපියන්ගෙත් කැමැත්ත ලැබෙන අතර කුඩා ඩ්‍රොල්මා හිස මුඩු කර කහ සිවුරක් දරා තම ළමා අවදියේදී ම උතුම් වු බුද්ධ ශාසනයට ඇතුළත් වුවාය.

Image: Youtube

“නාගි ගොම්පා” නම් මෙහෙණි ආරාමය කත්මණ්ඩු නිම්නයේ කඳු ගැටයක් අතර පිහිටා තිබු අතර එහි තිබු සාමකාමී පරිසරය ඇගේ මුළු ජිවිතයම වෙනත් දීශානතියකට හරවන්නට සමත් විය. කුඩා කල අත්විඳින්න සිදු වු හීත් රිදවිම් මෙහි නොවිය. සැබැවින්ම මෙම ආරාමය ඇයට පාරාදීසයක් මෙන් විය. වැඩහුන් මෙහෙණින් වහන්සේලා පවා කුඩා ඩ්‍රෝල්මාට කාරුණිකව සැලකුහ.

මානව හිමිකම් සුරැකිමේ සංවිධානය පවසන පරිදි නේපාලයේ ගැහැණු ළමයින් 37%ක් පමණ වයස අවුරුදු 18 දි පමණ විවාහ ජිවිතය ට ඇතුළත් වෙනවා. නැතිනම් ගණිකා වෘත්තියට යොමු කරනවා. දෙමාපියන් දැනුවත්ව හෝ නොදැනුවත්වම. ඊට හොඳම උදාහරණයක් තමයි Patricia Mccormick විසින් රචිත ග්‍රන්ථයට (Sold) අනුව Jeffrey D. Brown විසින් නිර්මාණය කරන ලද Sold කියන චිත්‍රපටය. නේපාලය සහ ඉන්දියාව අතර දේශ සීමාවේදී වයස අවුරුදු දහය සිට දහඅට පමණ වයස් සීමා අතර ගැහැණු ළමයි ගණිකා වෘත්තියට යොදා ගන්නවා සහාසික විදියට.

Image: patriciamccormick.com

මෙය නරඹද්දි ඔබේ නෙතට කඳුළක් ඉනුවේ නැත්තම් තමයි පුදුමේ. හේතුව මා පෞද්ගලිකවම අඩවපු චිත්‍රපටයක් Sold කියන්නේ. ඔබත් නරඹන්න. මන්ද ඔබට එයින් තේරුම් ගන්න පුළුවන් නේපාලයේ බොහෝ ගැහැණු ළමයින්ගේ ඉරණම. එම අවාසනාවන්ත ජිවිතයෙන් මිදි සැහැල්ලු, සුන්දර ජිවිතයක් ඩ්‍රෝල්මාට හිමිවුයේ ඒ ජිවිතයේ කඨෝර බව ඈ මැනවින් තේරුම් ගත් නිසාය.

සංගීත ජිවිතයේ ආරම්භය

මෙලෙස සුන්දර පරිසරයක ආගමික කටයුතු වල නියැලෙමින් උන් ඩ්‍රෝල්මා මෙහෙණියගේ ජිවිතයේ තවත් අළුත් පිටුවක් පෙරලෙන්නේ කවුරුත් නොසිතූ අයුරිනි. විදේශිකයෝ යම් අධ්‍යාත්මික අවබෝධයක් ලබා ගැනිම සඳහා නාගි ගොම්පා ආරාමයට පැමිණෙන්නට පුරුදු වි සිටිහ. ඊට හේතුව වුයේ,ඩ්‍රෝල්මා මෙහෙණිය සහ ඇගේ ගුරුවරයා වු තුල්කු උර්ජින් යටතේ භාවනාව ප්‍රගුණ කරන්නට ඔවුහු බොහෝ ඇලුම් කළ නිසාවෙනි.

Image: npr.org

ඒ අතර ඇමෙරිකාවේ ගීත තැටි නිපදවන්නෙකු වු ස්ටිව් ටිබට්ස් සහ ඔහුගේ භාර්‍යාවද වුහ. ස්ටිව් එහි ගත කළ අවසාන දිනයේ දි ඔහු කරා පැමිණි භාෂා පරිවර්තකයා ඔහුගෙන් යම් ඉල්ලිමක් කළේය. ඔහු ඩ්‍රෝල්මාගේ ගීතයක් තැටිගත කරන්න යැයි ස්ටිව්ගෙන් ඉල්ලමක් කලේ ඩ්‍රෝල්මා මෙහෙණියගේ සුමිහිරි කටහඬෙන් මුළු ලොවම සනසන්නට හිතා ගෙනය. එවිට ඩ්‍රෝල්මා මෙහෙණිය විසි දෙහැවිරිදි වියේ පසු වුවාය. මෙය දැනගත් ඩ්‍රෝල්මා මෙහෙණිය ලෙමන් ටෙන්ඩුල්ගේ ගීයක පද පෙළි දෙකක් ගැයුවේ ස්ටිව් සහ අසන්නන් පුදුම කරමිනි.

ස්ටිව් පවසා ඇත්තේ ඒ හඬ ඇසෙද්දි ඔහු විස්මයට පත් වි ගල් ගැහුණ බවය.

ඇගේ පටිගත කරන ලද ගීයත් සමඟ ඔහු ඇමරිකාව ට ගියේ දහසක් බලාපොරොත්තු හිතේ සගවා ගෙනය.එම බොදු ගී රාවයට උචිත ගිටාර් වාදනයකුත් ගලපා ගීතැටිය ආපසු නේපාලයට යැව්වේ ගීත ඇල්බමයක් කරන්නට ඇයට ආරාධනාවක් ද කරමිනි. මෙය ඇසු ඩ්‍රෝල්මා මෙහෙණිය මහත් සේ උදම් වි ඒ යෝජනාවට එක පයින්ම කැමති වුයේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් හිතේ තබා නොගෙන ය. පසුව ඇගේ පළමු වන ගීත ඇල්බමය “චෝ” (Cho) නමින් නිකුත් විය.

සිංදු කියන මෙහෙණිය

ආරාමය තුළඳිම ගායනා කර තැටිගත කරන ලද ඩ්‍රෝල්මා මෙහෙණියගේ ගීත ඇල්බමය ඉතාමත් හොඳින් අලෙවි විය. මෙහිදි කිසිදු ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තු නොවු මෙහෙණින් වහන්සේ ගී තැටි සම්බන්ධව ගණන් හිලව් ගැන කතා කිරිමට පවා අකැමති වුහ. නමුත් ඔවුන්ගේ පෙරැත්ත මත ඇයට ඇමරිකානු සංචාරයකට සහභාගි වන්නට සිදු විය. ඇමරිකානු සංචාරයේ දි ඇය පුදුමයට පත් වු කරුණ වුයේ එහි කාන්තාවන් සඳහා ඇති නිදහසය. මන්ද නේපාලය තුළ කාන්තාවන් ට තිබෙන නිදහස සිමා සහිතය. ඇය පවසන පරිදි ඇය ගී ගයද්දි ඇමෙරිකානු කාන්තාවන් තුළ යම් සංස්කෘතික තිගැස්මක් පවා ඇති වෙලා තියෙනවා.

මෙහෙණින් වහන්සේ නමක් වේදිකාවක් තුළ ගී ගයද්දි අපිටත් ඒ තිගැස්ම ඇති වෙනවා නේද?

නමුත් ඇය ගැයුවේ බෞද්ධ දර්ශනයට අනුරූප වු ගීතයන් පමණි. සමාජයට පණිවුඩයක් දිය හැකි ගීතය. ඒ නිසා ඇය ගැන ද්වේශ සිතින් නොබැලිය යුතුය .

සීහීනය සැබෑ විම

Image: nilam.de

ඇමෙරිකානු සංචාරයේ දි ඇයට ලැබුණු සියළු මුල්‍ය සම්පත් “මෙහෙණි සුභ සාධන පදනම” නිර්මාණය කිරිම සඳහා යෙදවිය. ඉන් දෙවසරකට පසුව ඇය ” නිදහස් ආර්ය තාරා නේවාසික පාසල “ආරම්භ කළේ දුෂ්කර ජිවිතයක් ගත කළ මෙහෙණින් වහන්සේලා අසු නමකට වැඩ සිටිම සඳහාය. මෙම පාසලේ ආගමික අධ්‍යාපනයට අමතරව ඉංග්‍රීසි, නේපාල භාෂාව, ගණිතය, විද්‍යාව හා පරිඝණක යන විෂයන් ද උගැන්විය.

මෙසේ කරන්නට හේතු වුයේ මෙහෙණින් වහන්සේලා ජිවීකා වෘත්ති සඳහා යොමු කිරිම සඳහාය. මේ හේතුවෙන් සමහර මෙහෙණින් වහන්සේලා උසස් අධ්‍යාපනය දක්වා තම අධ්‍යාපන කටයුතු කිරිම ඩ්‍රෝල්මා මෙහෙණියගේ සතුටට හේතු විය.

ඇගේ ඊලඟ ඉලක්කය වුයේ සංගීත සංදර්ශන වලට සහභාගි වී නේපාලයේ දුප්පත් පවුල් වල දැරියන් සඳහා නිදහස් පාසලක් පිහිටු විමයි. මඳ කාලයකට පසුව මේ මෙහෙණිය ලොකේ විවිධ ප්‍රදේශ වල ගීත සංදර්ශන පැවැත්වු අතර ඒ සඳහා විශාල ජනකායන් සහභාගි වි ඇත.

ටිබටයේ පැවැත්වු එක් සංගීත සංදර්ශනයක් සඳහා විසි දහසකට අධික ජනගහනයක් සහභාගි වීම ඊට හොඳම නිදසුනයි. ඩ්‍රෝල්මා මෙහෙණියගේ චරිතාපදානය “සිගිං ෆෝ ෆ්‍රීඩම් (Singing For Freedom ) (නිඳහස උදෙසා) නමින් 2008 දි ප්‍රංශයේ දී ප්‍රකාශයට පත් වී ඇත. පසුව එය භාෂා 15 කට පමණ පරිවර්තනය වී ඇත.

අන් අයගේ යහපත ගැනම සිතු ඩ්‍රෝල්මා මෙහෙණියගේ ඊළඟ සමාජ සත්කාරය වුයේ වකුගඩු රෝගීන් සඳහා “ආරෝග්‍යා පදනම” ආරම්භ කිරිමයි.එහිදි වකුගඩු රෝගින් රැසකටම සෙත සැලසුනේ ඩ්‍රෝල්මා මෙහෙණියගේ කාරුණික බව ලෝකයාටම පසක් කරවමිනි.

අභියෝග හමුවේ නොසැලිම

ඩ්‍රෝල්මා මෙහෙණියගේ ඇවතුම් පැවතුම් ගැන සමහර නේපාල මතධාරීන් ඇයට නිතර නිතර අභියෝග එල්ල කළහ.මන්ද මෙහෙණින් වහන්සේ නමක් හැසිරිය යුතු ආකාරය මිට වඩා වෙනස් විය යුතුයි යන්න ඔවුන්ගේ අදහස විය.

ගායනය,සංචාරය මෙහෙණින් වහන්සේ නමකට අකැප යැයි පැවසුවද ඒ ගැන ඇයගේ අදහස වුයේ මිනිසුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් තමන් එසේ සිදු කරන බවය.තමන් ගායනා කරන්නේ බෞද්ධ ගීත පමණක් බැවින් එයින් මිනිසුන්ගේ හීත් වලට කථා කරන්න, ධර්මයෙහි හැසිරෙන්න රුකුලක් වනු ඇතැයි ඇගේ විශ්වාසය යි.

Image: myhaitao.org

දුෂ්කර කුඩා අවධීයක් ගත කළ ඇයට අනුන්ගේ දුක හදවතට දැනෙන එක විශ්මයට කරුණක් නොවෙයි. ඒ නිසයි තම හැකියාවෙන් ප්‍රයෝජනයක් අරන් අසරණ මිනිසුන් හට උදව් උපකාර කිරිමට ඇය පෙළඹෙන්නේ.

ඔබත් ඇගේ ගීතයක් දෙකක් ඇසුවාට පසුව තේරුම් ගනිවි මේ කටහඬ ට ලොවක් වශි වුනේ ඇයි කියලා. කෙසේ හෝ ඩ්‍රොල්මා මෙහෙණියගේ ජිවිතයෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ‍ය වනුයේ තමා මොන දුෂ්කරතා සහිතව ඉපදුනත් උත්සාහය, කැපවිම උනන්දුව තුළින් ජිවිතය ජයගත හැකි බවයි.

Image: quangduc.com

විශේෂම දේ තමයි ලෝකයා මොන දේ පැවසුවත් තමාගේ ඉලක්කය කරා ළඟා වන තුරුම නොසැලි සිටිමේ ගුණය. තමන්ට කරන්න පුළුවන් කියලා දෙයක් හිතට දැනෙනවා නම් බාහිර බලපෑම් ගැන නොතකා ඉදිරියටම ගමන් කළ යුතුය.

ජිවිතය ජයගත් බොහෝ මිනිසුන් තුළ ඇත්තේ ඒ විශිෂ්ට වු ගුණාංගයයි

Cover Image: choying.com


Like it? Share with your friends!

609 SHARES
609 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සිංදු කියන මෙහෙණිය “ඩ්‍රෝල්මා”

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes