සංක්‍රමණික පක්ෂීන්ගේ සොදුරු නවාතැන ආනවිලුන්දාව


ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් හදුනා ගත් රැම්සා තෙත් බිම බුන්දල ජාතික වනෝද්‍යානයයි. දෙවැනි තෙත් බිම ලෙස හදුනා ගත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව අභය භූමියයි.

Image: jafdeal.com

1997 ජුනි 11 වැනිදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ආනවිලුන්දාව තෙත් බිම 2001 අගෝස්තු මස 03 වනදින අන්තර් ජාතික වශයෙන් වැදගත් රැම්සා තෙත් බිමක් ලෙස නම් කෙරුණි. අභය භූමියේ පවතින ජෛව විවිධත්වය, සංක්‍රමණික පක්ෂීන්ගේ ආහාර බිමක් ලෙස ක්‍රියා කිරීම, ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම එසේ නම් කිරීමට හේතු විය.

පිහිටීම

Image: roundtablecameraclub.org

ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත් බිම පුත්තලම දිස්ත්‍රික්කය තුළ හලාවත, පුත්තලම මහා මාර්ගයට බටහිරින් හලාවත සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටා ඇත.

මෙහි විශාලත්වය හෙක්ටයාර 1400ක් පමණය. අභය භූමියෙහි මායිම් ලෙස උතුරින් බත්තුලු ඔය – උඩප්පුව මහා මාර්ගයද, නැගෙනහිරින් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයද, දකුණෙන් සෙංගල් ඔයද බටහිරින් පාරු ඇළ (ඕලන්ද ඇල) ද වේ.

එල්ලංගා වාරි පද්ධතිය

Image: Thisal Kaluarachchi

මේ අභය භූමියේ සුවිශේෂ භූ ලක්ෂණය වන්නේ එල්ලංගා වාරි ක්‍රමයට සකසන ලද පුරාණ වැව් පද්ධතියක් පිහිටා තිබීමයි. එය උපරිම ගැඹුර මීටර් 4-5 පමණ වන කුඩා නොගැඹුරු වැසි ජලය රැස් කරන වැව් හතකින් යුක්තය. මේ වැව් හත අතරින් අද වන විට සැලකිය යුතු මට්ටමකින් ජලය රදවා ගත හැකිව ඇත්තේ පිංකට්ටිය, මරදන්සෝලේ, ආනවිලුන්දාව, සුරුවිල හා මයියාව යන වැව් පහේ පමණි. වෙල්ලාවල හා ඉරක්කාවෙල වැව්වල ජලය රදවා ගැනීමේ ධාරිතාව ඉතා අඩුවී ඇත. මේ වැව් පද්ධතිය ක්‍රි.ව. 12වැනි සියවසේදී සිරිලක එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා‍ගේ වාරි ව්‍යාපෘතියක් බව ඓතිහාසික මූලාශ්‍රවල සදහන් වෙයි.

හලාවත පුත්තලම දුම්රිය මාර්ගයට ආසන්නව අභය භූමියේ පවතින ඉඩම් බහුල වශයෙන් ජනාකීර්ණවී ඇත. ඉන් එපිටට වන්නට අභය භූමියේ ශාක විවිධත්වය අපුර්ව ලෙස දැක ගත හැක. මහා ගස් එකිනෙක ගැටී තුරුවියනක් දායාද කොට ඇති අතර දැඩි උණුසුම සමනය කිරීමට ඉන් හැකියාව ලැබී ඇත.

මෙහි ප්‍රධාන ජල සැපයුම වන්නේ වැසි ජලය හා රතඹලා ඔය ද්‍රෝණිය ඔස්සේ ගලා එන ජලයයි. මීට අමතරව දැදුරු ඔයෙන් ජලය ලබා ගන්නා වාරි ඇලක් මගින්ද වැසි කාලයේදී ජලය සැපයේ. මෙසේ ලැබෙන ජලය පහිනි එබ සිට ප්‍රධාන සොරොව් හතරක් හරහා වැව් අතර බෙදා හරිනු ලැබේ.

ශාක විවිධත්වය

Image: roadslesstravelledsrilanka.com

පා වෙන හා අනෙකුත් ජලජ වෘක්ෂලතා වලින් යුතු වැව්, වගුරු බිම් ආශ්‍රිතව විශේෂ පරිසර පද්ධතියක් මෙහි දක්නට හැකිය. ආනවිලුන්දාව අභය භූමිය තුළින් ශාක විශේෂ 264ක් හදුනාගෙන ඇත. මේ අතරින් 110ක් ගස් වර්ගද 54ක් පදුරු ශාකද 68ක් පැලෑටි වර්ගද වන අතර වැල් වර්ග30ක් හා අපි ශාක වර්ග 02ක්ද වේ. මේ අතරින් 22ක් පමණ ජලාශ්‍රිතව වැවෙන ශාකවේ. ඖෂධීය වටිනාකමක් ඇති ශාක විශේෂ බොහෝමයක්ද මේ අභය භූමියෙහි දක්නට පුලුවන.
එසේම ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන පුපුල ශාකයද මෙහිදී දැක ගත හැක. දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ ශාක වන කෙකටිය විශේෂයක් හා කලුවර ශාකයද මෙම අභය භූමියෙහි දක්නට ඇත.

නිවහනක් වූ වගයි.

Image: ayans-paradise.com

ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත් බිම සත්ත්ව විශේෂ රැසකටද නිවහනවී ඇත. මෙහි පෘෂ්ඨ වංශී සත්ත්ව විශේෂ 274ක් සිටින බව කියැවේ. එයින් 237ක් දේශීය සත්ත්ව විශේෂ වන අතර ඉතිරි 37ක් සංචාරක පක්ෂීන්ය. ජලජ පරිසර පද්ධතියක් බැවින් මිරිදිය මත්ස්‍ය විශේෂ 18ක් පමණද මෙහි වැව්වල වෙසේ. රැවුල් දණ්ඩියා, මගුරා, දංකොළපෙතියා සහ ඉපිලිකඩයා යන මත්ස්‍ය විශේෂ හතර ශ්‍රී ලංකාවට ආවේණිකවීමද විශේෂය. ගෙමැඩියන් මෙන්ම වෙනත් උභය ජීවී විශේෂ 9ක්, උරග විශේෂ 30ක් හා ක්ෂීරපායී විශේෂ 20ක්ද මෙම පරිසරයේ ජීවිතය ගෙනයන්නෝ වෙති.

දේශීය කුරුලු විශේෂ 131ක් පමණ මෙහි වෙසෙන බව වාර්තාවල සදහන්වේ. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්වන වලි කුකුළා සහ අලු කෑදැත්තාද මෙහි දැක ගත හැකිය. සත්ත්ව විශේෂ 10ක් ශ්‍රී ලංකාවට ආවේණික වන අතර 19ක් දේශීය වශයෙන් තර්ජනයට ලක්වූවන්ය.

Image: elis-birds.narod.ru

ඉන්දියාවෙන් දකුණට සංචාරය කරන කුරුල්ලන්ගේ අවසන් නවාතැන්පොළ වන්නේ ශ්‍රී ලංකාවයි. බටහිර පියාසර මග ඔස්සේ පැමිණ මන්නාරම ආශ්‍රිත ප්‍රදේශයෙන් ලංකාවට ඇතුලුවන ඔවුනට හමුවන පළමු නවාතැන්පොලක් හා ආහාර බිමක් ලෙස ආනවිලුන්දාව තෙත් බිම ඉතා වැදගත් තැනක් ගනී. ඉතා විශාල රංචු වශයෙන් පැමිණෙන ගගානි සේරුවන්, උල් පෙද සේරුවන් සුලභව මෙහිදී දැකගත හැක.

Image: https://www.jungledragon.com
Image: dsinspiringmoments.com

මෙම තෙත් බිම හැඩ කරන සමණළ විශේෂ අතරින් පොදු හීන් දුඹුරුවාට විශේෂ තැනක් හිමි වේ. එසේම මෙහි සමණළ විශේෂ 74ක් වාර්තාවී ඇති අතර ඉන් 12ක් දේශීය වශයෙන් තර්ජනයට ලක්වූවෝය

පරිසරයට දායාදයකි.

Image: jafdeal.com

තෙත් බිමක් මගින් විශාලවූ සේවයක් සැපයේ. එම සේවා පොදුවේ ආනවිලුන්දාව තෙත් බිම මගින්ද ලැ‍ෙබන බව නිසැකය. අඛණ්ඩ ජල සැපයුමක් පවත්වාගෙන යාම හා භූගත ජලය රදවා ගැනීම, ගං වතුර පාලනය කිරීම, විෂ ද්‍රව්‍ය හා වෙනත් දූෂක ද්‍රව්‍ය ඉවත්කර ජල පවිත්‍රකරණය, වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් උරා ගන්නා ස්ථාන ලෙස ක්‍රියා කිරීම, සංචාරක පක්ෂීන්ට පාරාදීසක් වීම, මසුන් ඇතුලු වෙනත් ජලාශ්‍රිත ජීවීන් සදහා අභිජනන හා ආහාර බිම් ලබාදීම හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ඒ අතරින් විශේෂ වේ.

කවර ඡායාරූපය:  www.stamps.gov.lk


Like it? Share with your friends!

189 SHARES
189 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
3
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සංක්‍රමණික පක්ෂීන්ගේ සොදුරු නවාතැන ආනවිලුන්දාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes