ගැස්ට්‍රයිටිස් මට්ටු කරන කෝමාරිකා ව්‍යාංජනය.


ඔයත් ගැස්ට්‍රයිටිස් නිසා වේදනා විදින කෙනෙක් ද? කොයිතරම් බෙහෙත් කරත් අඩුවක් නැද්ද ? එහෙනම් මෙකත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ලිපියෙන් අද අපි කථා කරන්නේ කෝමාරිකා ව්‍යංජනයක් හදා ගන්න විදිය ගැන. කෝමාරිකා ව්‍යංජනය අපි ඒ තරම් උයන්නේ නැති වුනාට ගුණ කෑමක්. ඒ වගේම ගැස්ට්‍රයිටිස් වලටත් ගොඩක් හොඳයිලු. කියවලා බලලා වෙනසකටත් එක්ක හදලා බලන්න.

⭕️අවශ්‍ය දේවල්

◀️ලොකු කෝමාරිකා පිති 2 – 3ක්

◀️මිරිස් කුඩු තේ හැදි ½ – 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)

◀️තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ

◀️පෙරුම්කායම් කුඩු ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)

◀️උළුහාල් ඇට තේ හැදි ¼ ක් පමණ

◀️බුරුයානි මලක් (තිබෙනවා නම් පමණක්)

◀️කරඳමුංගු / එනසාල් ඇට 1 – 2ක් පමණ

◀️සූදුරු ඇට ස්වල්පයක්

◀️කුරුඳු පොතු කැබැල්ලක්

◀️තක්කාලි පේස්ට් මේස හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)

◀️ප්ලේන් යෝගට් මේස හැදි 1

◀️ලුණු (රස අනුව)

◀️තෙල් ටිකක්

⭕️සාදා ගන්නා ආකාරය

 

◀️මුලින්ම කෝමාරිකා පිති වල කොළ පාට පොත්ත ඇහැලා අයින් කරන් මැද තියෙන විනිවිද පේන හරිය විතරක් අර ගෙන කෑලි වලට කපා ගන්න.

◀️පස්සේ භාජනයක් අරන් ඒකට කෝමාරිකා කෑලියි, ලුණු පොඩ්ඩක් එක්ක වතුර ටිකක් වැඩිපුර දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.

◀️වතුර හොදට නටන්න ගත්තට පස්සේ තවත් විනාඩි 2 – 3ක් උතුරවන් ලිපෙන් බාලා වතුර පෙරා ගෙන කෝමාරිකා කෑලි අයින් කරලා වතුර බේරෙන්න පැත්තකින් තියන්න.

◀️දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.

◀️තෙල් රත් වුණාට පස්සේ ඒකටම කරඳමුංගු, සූදුරු ඇට, කුරුඳු පොතු, බුරුයානි මල, උළුහාල් ඇට දා ගෙන ටිකක් තෙම්පරාදු කර ගන්න.

◀️ඊට පස්සේ ඒකටම මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, පෙරුම්කායම් කුඩුයි එකතු කරලා ටිකක් බැදෙන්න අරින්න.

◀️දැන් ඒකටම කෝමාරිකා කෑලියි, රස අනුව ලුණුයි දාලා හොදා කලවම් කරන් විනාඩි 2 – 3ක් තෙම්පරාදු වෙන්න දෙන්න.

◀️අන්තිමටම වතුර ටිකකුයි,  තක්කලි පේස්ට් ටිකයි, ප්ලේන් යෝගට් ටිකයි දාලා හොද්ද නටනකන් උයා ගෙන ලිපෙන් බාන්න.

? පහත රූප ඔබට පහසුවක් වෙවි.

⭕️වැදගත් කරුණු

◀️තක්කලි පේස්ට් නැත්තම් සියඹලා ඉස්ම එකතු කර ගන්න පුළුවන්.

◀️ඒ වගේම ප්ලේන් යෝගට්  වෙනුවට මී කිරි (Curd) වුණත් පාවිච්චි කරන්න පුළුවන්.


Like it? Share with your friends!

21 SHARES
21 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ගැස්ට්‍රයිටිස් මට්ටු කරන කෝමාරිකා ව්‍යාංජනය.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes