web analytics

ආලෝකෝ උදපාදි – චත්‍ර වීරමන් ඇනගෙනද?


මේ හදන්නෙ ඔය උඩ තියෙන ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යන්න. ඊට කළින් මේ හෑල්ල කියවන්න ලෑස්තිවෙන උන්දැලට කාරණා දෙකක් කියල ඉන්න ඕනෙ ඔක්කොටම කලින්.

පළවෙනි එක තමයි මේක මේ බරසාර ප්‍රබුද්ධ සිනමා විචාරයක් කියල වැරදි වැටහීමක් එහෙම තියෙනවනම් දැන්මම පැත්තකින් තියන්න හොඳේ. ජයවිලාල් විලේගොඩ, රොජර් ඊබර්ට් මොඩල් එකේ විචාර ලියන්න සිනමාව ගැන හොඳ හැදෑරීමක්, දැනුමක් තියෙන්න ඕනෙ.

මේක ඇවිල්ල සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක්  විදිහට මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ දැනුනු අවංක හැඟීම හැමෝටම තේරෙන සරල විදිහට සටහන් කිරීමක් විතරයි.

දෙවෙනි කාරණේ තමයි පුලුවන්නම් හැම කෙනෙක්ම සිනමාශාලාවකට ගිහිල්ල මේ ෆිල්ම් එක බලන්න. මොකෝ ඉතින් හැමදාම හෝල් එකෙන් ෆිල්ම් බලනව කියලයැ.

හරි දැන් බහිමු ෆිල්ම් එක ගැන කතා කරන්න. ට්‍රේලර් එක දැකපු දවසෙ ඉඳන් බලන්න සෑහෙන උවමනාවකින් හිටපු ෆිල්ම් එකක්. ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන්ම ආපු කොල්ලෙක්ගෙ රැල්ලෙන් පිටට පනින්න ගත්තු උත්සහයක් කියල දැනී දැනුන හින්ද තමයි මේ උනන්දුව වැඩිවුනේ. මේ රැල්ල ඇවිල්ල අර ජැක්සන් ඇන්තනී මහත්තයගෙ “අබා” එකෙන් පටන් අරන් මෙලෝ රහක් නැති වසංගතයක් තත්ත්වෙටම පත්වුන ඉතිහාස කතා, රජ කතා රැල්ල. “ආලෝකෝ උදපාදි” ඉතිහාස කතාවක් උනත් චත්‍ර වීරමන්ගෙන් ප්‍රේක්ෂකයො වෙනසක් බලාපොරොත්තු උනා. යම්තාක් දුරකට ඔහු සාර්ථකයි කියන එක තමයි මේ ලියන්නාගේ අදහස. හැබැයි ට්‍රේලර් එකෙන් දීපු ගැම්ම සමස්ත ෆිල්ම් එකේම තිබුනද කියන එකනම් ගැටලුවක්.

Image: Aloko Udapadi | alokoudapadi.com

දැක්ක ලොකුම දුර්වලකම තමයි පිටපත. අවන්කවම කියනවනම් ෆිල්ම් එකේ පළවෙනි අර්ධය අල්ලගෙන හිටියෙ සෑහෙන අමාරුවෙන්. ඒ වගේම තමයි එකම අදහස දෙන දෙබස් නිතර නිතර රිපීට් වෙන ගතියක් දැනුන. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම කියන කාරණය ෆිල්ම් එකේ තේමාව (අඩේ මට දැනුන විදිහටනම් ඒක තමයි තේමාව) උනාට ඒක නිතරම වගේ ඇහෙනකොට හරි කෘතිම ගතියක් දැනෙනව. හැබැයි අධ්‍යක්ෂකතුමා සමහර තැන්වල හොඳ උපක්‍රම භාවිතා කරල තියෙනව හෙන ගහනව වගේ ගෙඩිය පිටින් ඊළඟට වෙන්නෙ මොකක්ද කියල නොපෙන්වා ඒක ප්‍රේක්ෂකයගෙ විඥාණයෙන් තේරුම්ගත යුතු විදිහට නිමවීමෙන්. මමනම් ඒකට කැමතියි.

01. තිර රචනය සහ අධ්‍යක්ෂණය

Image: Vesess.com
Image: Prasheeth Rathnasekara

චත්‍ර සම්පූර්ණ ෆිල්ම් එකම ගොඩදාන්නෙ දෙවෙනි කොටසෙදි. නිදිමත කැලේ. දාන්න තියෙන වැඩ ටික ඔක්කොම දාල තියෙන්නෙ එතනින් එහාට කිව්වොත් හරි. තිර පිටපතේ තියෙන අවුල් සෑහෙන ප්‍රමාණයක් ඉස්මතු නොවන විදිහට අවශේෂ කාරණා ගොඩදාගන්න චත්‍ර සෑහෙන දුරකට සමත්වෙලා තියෙනව. ඒ කියන්නෙ මිනිහ වැඩ්ඩෙක්. මීට වඩා සාර්ථක පිටපතක් ලැබුනනම් චත්‍ර වීරමන්ට මීටත් වඩා දෙයක් කරන්න තිබුන කියන දේ තමයි දැනුනෙ.

තිර රචනය – 2.0

අධ්‍යක්ෂණය – 3.0

 

02. කැමරාකරණය

Image: Aloko Udapadi | alokoudapadi.com

කැමරාකරණය ගැනනම් කියන්නෙ තියෙන්නෙ සුපිරි කියල තමයි. තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති උනත් සමහර දේවල් ඇඟට දැනෙනවනෙ. මේකත් ඒ වගේ. ෆිල්ම් එකේ රූපරාමු අලංකාරයි. මෑතකාලීනව හැදුනු සිංහල ෆිල්ම්ස්වලට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක තියෙනව. මේ අලංකාරබව වැඩියෙන් කැපිල පේන්න ලොකුම හේතුවක් තමයි යොදාගෙන තියෙන දර්ශනතල ටික. පිස්සු කොර.

කැමරාකරණය – 4.0

 

03. කලා අධ්‍යක්ෂණය

ලංකාවෙ මෑත කාලීනව හැදුන ගොඩක් ඉතිහාස කතාවල තිබුනෙ වේදිකා නාට්‍ය ස්වරූපයක්. ඒකට එක හේතුවක් තමයි කලා අධ්‍යක්ෂණයෙ තිබුන ප්‍රාථමික ගතිය. ඒ වගේම කොණ්ඩ විලාසිතා, ඇඳුම් නිර්මාණවල තියෙන්නෙ සාම්ප්‍රදායික පිළුණු ගතියමයි. සමහර ඒව හෙන ගොන්. හැබැයි මේ ෆිල්ම් එකේ එහෙම ගැටලුවක් නෑ. සම්ප්‍රදාය තුළ උනත් දැනෙන වෙනසක් තියෙනව.

කලා අධ්‍යක්ෂණය – 4.0

 

04. දෘශ්‍ය ප්‍රයෝග

දෘශ්‍ය ප්‍රයෝග මගින් නැව් සහිත දර්ශනය නිමකර ඇති අයුරු. http://vesess.com

ආලෝකෝ උදපාදී විශේෂ සිනමා නිර්මාණයක් කියන කතිකාවත ඇරඹෙන්නෙ ට්‍රේලර් එකත් එක්ක. ඒකට ප්‍රධාන හේතුව දෘශ්‍ය ප්‍රයෝග. චත්‍ර වීරමන් ඒ සම්බන්ධයෙන් වැඩ්ඩෙක් කියන එක දැන් හැමෝම දන්න කරුණක් නිසා ඒක ගැන අමුතුවෙන් ලියන්න ඕනෙ නැහැ. කොහොම නමුත් ලංකාවෙ ෆිල්ම් එහෙක දෘශ්‍ය ප්‍රයෝග සාර්ථකව යොදාගත්ත දුර්ලභ අවස්ථාවක් හැටියට අවිවාදයෙන්ම පිළිගන්න ඕනෙ.

දෘශ්‍ය ප්‍රයෝග – 3.0

 

05. සංගීත අධ්‍යක්ෂණය

මේ ෆිල්ම් එකේ හොඳම දේ මොකක්ද කියල ඇහුවොත් මමනම් කියන්නෙ පසුබිම් සංගීතය. ඒක මාරයි. මිලින්ද තෙන්නකෝන්. මමනම් කලින් අහල නැති නමක්. ඒ උනාට වැඩේ කරල තිබුන ගින්දර වගේ. සමහර තැන්වල ඇඟේ මයිල් කෙලින් වෙන්නම දීල තිබුන. ෆිල්ම් එකේ අවසන් අර්ධයේ සාර්ථකත්වයට වැඩි බරක් පසුබිම් සංගීතය තුළින් ලැබිල තිබුන. අර හැමදාම ඇහෙන ඒකාකාරී නාද රටාවන් වෙනුවට නැවුම් බවක් තමයි අත්වින්දෙ.

සංගීත අධ්‍යක්ෂණය – 5.0

 

06. සටන් අධ්‍යක්ෂණය


ඊළඟට විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ තමයි සටන් අධ්‍යක්ෂණය. සිංහල ෆිල්ම්ස්වල සටන් කිව්වම හිනායන ගතියකුත් තියෙනව බොහෝ අවස්ථාවල. ඒ උනාට ඒ ගොන් පාට් මේකෙ නෑ. පැරණි යුද්ධයක් ප්‍රතිනිර්මාණය කරන්නෙ කොහොමද කියන එකට හොඳ උදාහරණයක් මේ ෆිල්ම් එක. අපේ තියෙන සම්පත්, තාක්ෂණය හා නිෂ්පාදන පිරිවැය වගේ කාරණා සේරම එකතු කරල ගත්තම මේක ඇත්තටම හොඳ වැඩක්. ඒ වගේම තමයි වළගම්බා සහ ධාඨිය අතර අවසන් ද්වන්ධ සටන. ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීණයෙක් පවා ඇනගත්ත තැනක් තමයි ඔය ද්වන්ධ සටන් කෙරුවාව. පොඩි පොඩි අඩුපාඩු තිබුනත් චත්‍ර ඒ වැඩේ ගොඩදාගෙන තියෙනව. සටන් අධ්‍යක්ෂකවරයාට එහි ගෞරවය ලැබිය යුතුමයි.

සටන් අධ්‍යක්ෂණය – 4.0

07. රංගනය

Image: Aloko Udapadi | alokoudapadi.com

සමස්ත ෆිල්ම් එකේම රඟපෑම් ගැනනම් විශේෂත්වයක් දැක්කෙ නැහැ. මේ දවස්වල ඉතිහාස කතාවලට උද්දික ප්‍රේමරත්න නැතුවම බෑ. උද්දික රජ කතාවලට කොටු වෙලාද කියලත් හිතෙනව. ඒත් ඒක මේකට අදාල නෑ. ඔහුගේ චරිතය තුළ විශේෂ යමක් දක්නට නැහැ. නමුත් කතාවේ ගලායාමට අවශ්‍ය දායකත්වය ඔහුගෙන් ලැබිල තියෙනව. ඒ ඇරුණම කැපී පෙනන චරිත දෙකක් තියෙනව. එකක් රොෂාන් රවීන්ද්‍ර රඟපෑ තීය බ්‍රාහ්මණ චරිතය. අනෙක දර්ශන් ධර්මරාජ් රඟපෑ ප්‍රධාන දුෂ්ට චරිතය වන ධාඨියගේ  චරිතය. මේ හැර මේනකා පීරිස් කළ චරිතය අගය කළ යුතුයි. නමුත් ඔවුන්ට පවා මීට වඩා දෙයක් කළ හැකිව තිබුන. අතිරේක නළු නිළියන්ගේ දායකත්වය හොඳ මට්ටමක පැවති බවත් කිව යුතුයි.

රංගනය – 2.0

 

ඔන්න දැන් මම හිතන්නෙ අර උඩින් තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්. චත්‍ර වීරමන් ඇත්තටම ඇනගෙනද? උත්තරය නැහැ. හැබැයි මීට වඩා දෙයක් කරන්න පුලුවන් අධ්‍යක්ෂකවරයෙක්. සිංහල සිනමාවට අලුත් දේවල් අවශ්‍යයයි. අලුත් චරිත අවශ්‍යයයි. චත්‍ර කියන්නෙ ඒ වගේ රැකගතයුතු චරිතයක්.

සමස්තයක් වශයෙන් “ආලෝකෝ උදපාදි” ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳ සිනමාපටයක්. නමුත් ඉතිහාස කතා රැල්ලේ වෙනසක් කරපු නිර්මාණයක් කියනවට වඩා එහි වර්ධනීයම අවස්ථාව කිව්වොත් නිවැරදියි.

සමස්ථය:  3.5

 

පළමු සිනමා නිර්මාණය හැටියට චත්‍ර වීරමන් අසාර්ථක නැහැ. නමුත් සාර්ථක වීමටනම් ඔහු මෙතනින් ඉදිරියට යා යුතුයි. ජය!

Update: ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ සියලුම ගුණ දොස් එහි සම අධ්‍යක්ෂක වන “භාරත හෙට්ටිආරච්චි” ටත් හිමිවිය යුතු බව මගේ අදහසයි.


Like it? Share with your friends!

2.5k SHARES
2.5k SHARES

What's Your Reaction?

Cute Cute
39
Cute
Lol Lol
43
Lol
OMG OMG
126
OMG
Thanks Thanks
56
Thanks
Cry Cry
41
Cry
Like Like
171
Like
Confused Confused
40
Confused
Dislike Dislike
37
Dislike
Damn Damn
92
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ආලෝකෝ උදපාදි – චත්‍ර වීරමන් ඇනගෙනද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes