නිරූපණය ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ නිවුන් ඇලි දරුවෝ.


අද ලිපියෙන් කථා කරන්නේ, අපිට වැඩිය වෙනස් විදියට ඉපදිලත් නිරූපණ ක්ෂේත්‍රය ජයගත් නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් ගැනයි. නොසිතූ අවස්ථාවකදී ගත් ජායාරූප කිහිපයක් නිසා ඔවුන්ගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.  කියවලා බලන්න එයාලා සතුටින් ජිවිතය ගෙවන විදිය .

Lara සහ Mara බ්‍රසිලයේ සාඕ පාවුලෝ නගරයේ ජිවත්වෙන වයස අවුරුදු 11ක් වන නිවුන් සහෝදරියන් දෙදෙනෙක්. එයාලා සාමාන්‍ය විදියට ඉපදුන නිවුන් දරුවන් නෙමෙයි. ඔවුන් ඇලි දරුවන්. ඒත් මේ දෙන්නගේ තියෙන අසාමාන්‍ය පෙනුමට මිනිස්සු ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා.

මෙයාලගේ අම්මයි, තාත්තයි බ්‍රසිලයේ ජිවත් වුනාට  දකුණු අප්‍රිකානු සම්භවයක් තියෙන අය. ඒ නිසා අනිත් සහෝදරියගේ සම අදුරු පාටයි. ඒත් මේ සහෝදරියෝ තුන්දෙනා  සහයෝගයෙන් , ආදරයෙන් ජිවත් වෙනවා.

ගිය අවුරුද්දේ එක්තරා දවසක තමයි මේ දෙන්නගේ ජිවිතයේ ලස්සනම දවස උදාවෙන්නේ . එකට හේතුව තමයි, Vinicius Terranova, කියන ජායාරූප ශිල්පියා මෙයාලව දැකලා ආරාධනාවක් කරනවා ජායාරූප කිහිපයකට පෙනි හිටින්න . ඔහුගේ පෞද්ගලික ව්‍යාපෘතියකට අවශ්‍ය ජායාරූප ගන්න තමයි ඔවුන්ව තෝරා ගන්නේ.

ඔහු තමන්ගේ ව්‍යාපෘතියට නම තියෙන්නේ Flores Raras කියලා.”පෘතුගිසියේ දුර්ලභ මල්” කියන තේරුම තමයි ඒ නමට තියෙන්නේ . ඉතිං ,ඊට පස්සේ, මේ ජායාරූප මුළු ලෝකය පුරා සංසරණය වෙලා මේ දෙන්නා ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. Lara ටයි, Mara ටයි Nike, Insanis, Bazaar Kids වැනි දැවැන්ත ආයතන වලින් ආරාධනාවන් එන්න ගන්නවා වෙළෙඳ දැන්විමි වලට පෙනි ඉන්න කියලා . අවසානයේදි ,කොහොම හරි මෙයාලා වෙළෙඳ දැන්විමි නිරූපිකාවන් බවට පත් වෙලා නිරූපණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කරනවා .

මේ දෙන්නගේ සහෝදරිය තමයි අවුරුදු 13ක් වෙන Sheila.එයා නම් ඇලි ළමෙක් නෙමෙයි. ඒත් තමන්ගේ සහෝදරියෝ දෙන්නත් එක්ක එකතු වෙලා මෙයත් දැන් නිරූපණ කටයුතු කරන්න පටන් අරන්. කොහොම හරි මෙයාලට දැන් Instagram එකේ followers 103k ක් විතර ඉන්නවලු.

” අපි ඇලි ළමයි වුනාට ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නෑ. අනිත් ළමයින්ට වඩා වෙනස් ලස්සනක් තමයි අපි දෙන්නට තියෙන්නේ . ඒ නිසා හැමදාම සතුටින් ඉන්න තමයි අපිට ඕන.”  මාධ්‍ය අහන ප්‍රශ්න වලට එයාලා උත්තර දෙන්නේ මේ වගේ හරිම සතුටින් .  


Like it? Share with your friends!

12 SHARES
12 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

නිරූපණය ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ නිවුන් ඇලි දරුවෝ.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes