ලංකාව ඇතුලෙ ට්‍රිප් එකක් යනව වගේ මාලදිවයිනට යන විදිහ

Now you can holiday in Maldives at the same cost as Sri Lanka!

මධුසමය ගතකරන්න පුලුවන් ලස්සනම, ප්‍රේමාන්විතම තැනකට යන්න ඔබටත් හීනයක් තියෙනවද? වෙනසකටත් එක්ක ලංකාවෙන්  පිටට යන්න ලැබුනොත් කොහොමද? මාලදිවයිනට වගේ යන්න තිබුනොත්? දැන් මෙහෙම කියනකොට මාලදිවයින මැවිල පේනවනේ, සුන්දර බිරිඳත් එක්ක මාලදිවයිනේ ලස්සන වෙරළ තීරයක අත් පටලගෙන ….

වාව්, මාරයි නේ.

අනුග්‍රහය

Image Credit: invitetoparadise.com

ඇත්ත, වැඩේ මාරයි. හැබැයි ඔන්න දැන් මතුවෙනව ලෝක ප්‍රශ්නයක්. අපි කොහොමද ඔච්චර වියදම් කරගෙන ඔය රට රාජ්‍යවල නැවතිලා රවුම් ගහන්නෙ. ඕව හොඳයි සල්ලිකාරයින්ට. ඔන්න ඔය වගේ දුක්ඛදායක සෝචනීය සෘණාත්මක සිතුවිලි දහසක් එකපාරටම ඔළුවට කඩාගෙන වැටෙනව නේද?

මේක තමයි බොහෝ දෙනෙක්ගෙ යථාර්ථය. එතකොට ඒව හීන විතරමද? ඔබට තවමත් එහෙම හිතෙනවනම් ඇත්තටම ඔබ තවම අතීතයේ ජීවත්වෙන කෙනෙක්. හිත හිත ඉන්න දෙයක් නෑ. දැන් ඔබට ජීවිත කාලෙටම ලැබෙන චාන්ස් එකක් වැදිල තියෙන්නෙ Vista Rooms වෙතින්.

සියලුම පහසුකම් එක්ක සුපිරි නවාතැන්, මාලදිවයිනේ සුන්දරත්වය විඳින්න වගේම නොමියෙන මතක සටහන් ගොන්නක් එකතු කරගන්න ඔබට අගනා අවස්ථාවක්. ඉතාම අඩු මිලකට. ඒ සේරමටත් වැඩිය ඔබ දැකපු හීනය යථාර්ථයක් කරගන්න මීට වඩා අවස්ථාවක් තවත් කොහෙන්ද?

maldives-evening
Image Credit: worldtravelstudio.com

හරි එහෙනම් ඉතින් තවත් මොනවද බල බල ඉන්නෙ. අදම පටන්ගන්න ඔබේ හනිමූන් එක ප්ලෑන් කරන්න. එතකොට වෙන මොකුත් ඕනෙම නැද්ද? එහෙ ගිහින් කොහෙද නතරවෙන්නෙ? කොහෙද ඇවිදින්නෙ? ලංකාව වගේ හුරුපුරුදු රටක් නෙමෙයිනෙ? ඔන්න ආයෙත් ප්‍රශ්න ගොඩයි. ඒ ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න තමයි අපි මේ හදන්නෙ.. වැඩිය සීරියස් හිතන්න එපා. මේක ලංකාව ඇතුලෙ Trip එකක් යනව වගේ සරලයි.

01. මාලදිවයින කොහොම තැනක්ද?

Image Credit: slh.com

කතාවක් තියෙනවනෙ රෝමෙට ගියානම් රෝමන්කාරයෙක් වගේ ඉන්න කියල. ඒ නිසා යන තැන ගැන දැනගෙන යන එක මාරම වැදගත්. මාලදිවයින කියන්නෙ ලංකාවට ඉතාම කිට්ටුවෙන් තියෙන ඉන්දියන් සාගරේ පිහිටි දූපත් රාජ්‍යයක් කියල හැමෝම දන්නවනෙ. කුඩා කුඩා දූපත් 1192ක් එකතුවෙලා තමයි මේ සුන්දර පාරදීසය හැදිල තියෙන්නෙ. දූපත් රාජ්‍යයක් නිසා මාලදිවයිනටම ආවේණික සංස්කෘතියක් තමයි ගොඩනැගිල තියෙන්නෙ. ඇත්තටම ඔවුන්ගෙ සංස්කෘතිය දකුණු ඉන්දියානු, අරාබි සහ සිංහල සංස්කෘතීන්ගේ මිශ්‍රණයක්. මෙහි ප්‍රධාන වශයෙන් සිටින්නෙ සුන්නි මුස්ලිම් වැසියන්. මේ රටේ ආර්ථිකය සකස්වෙලා තියෙන්නෙ සංචාරක ව්‍යාපාරය හා ධීවර කර්මාන්තය මත. රයිට් එහෙනම් රට ගැන ඔය විස්තර ටික දැනට ප්‍රමාණවත්නෙ.

02. මාලදිවයිනට යන සීසන් එක?

Image Credit: scmp.com

ඇත්තටම මාලදිවයින කියන්නෙ ලෝකෙ වටෙන්ම විදේශිකයො ගලාගෙන එන සංචාරක පුරවරයක්. අවුරුද්දෙ මොන කාලෙට ගියත් මාලදිවයිනේ සුන්දරත්වය විඳින්න පුලුවන්. නමුත් උණුසුම් දේශගුණික තත්ත්වයන් නිසාම සංචාරකයො වැඩිපුරම එන්නෙ නොවෙම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි. ඒ කියන්නෙ දැන් තමයි හොඳම වෙලාව. මැයි සිට ජූලි දක්වාත්, සැප්තම්බර් සිට නොවෙම්බර් ආරම්භය දක්වාත් මාලදිවයිනේ තියෙන්නෙ වැසි සහිත කාළගුණික තත්ත්වයක්. හැබැයි උණුසුම් දේශගුණය නම් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. ඔබ මාලදිවයින් සංචාරය සැලසුම් කරද්දි මේ දේවල් ගැනත් අවධානය යොමුකරන්න.

03. මාලදිවයිනට ගියා කියමුකො. කොහෙද නවතින්නෙ?

Image Credit: asiatophotel.com

අපි කලිනුත් කිව්ව වගේ මාලදිවයින සංචාරක පුරවරයක්. ඔවුන්ගෙ ආර්ථිකයෙ ප්‍රධානම අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒක හින්ද නතරවෙන තැන් ගැනනම් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ. සංචාරක හෝටල්, නිවාඩු නිකේතන ඕනෙතරම්.

ඒත් ඉතින් අස්ප ගණන් දීල ඔය තැන්වල නතරවෙන්න අපිට කොහෙද සල්ලි? තවත් දැවෙන ප්‍රශ්ණයක්. ඔන්න ඔය ප්‍රශ්ණෙට උත්තර දෙන්න තමයි Vista Rooms කට්ටිය ඉන්නෙ. ඔබ හීනෙන්වත් හිතන් නැති ගණනකට සියලු සැප පහසුකම් එක්ක ඔබේ අවශ්‍යතා ඉටුකරල දෙන්න දර්ශනීය ස්ථානවල පිහිටල තියෙන මෙන්න මේ නිවාඩු නිකේතන සියල්ලම ඔබ වෙනුවෙන් සූදානම්. අපි කිව්වටම හරියන්නෙ නෑනෙ. මෙන්න පහළ තියෙනව සේරම, ඔබටම පුලුවන් වැඩි විස්තර බලාගන්න මේ ලින්ක් ඔස්සේ ගිහින්.

රුපියල් 9,000ට නවතින්න පුලුවන්ද ?

රු. 9752/=
Vista BnB Dhiffushi 1 – Diffushi, Maldives

රුපියල් 12,000ට අඩුවෙන්?

රු.10,180/=
Air Dhiffushi by Vista – Diffushi, Maldives 
 

රු. 10,904/=
Captains Residence by Vista – Diffushi, Maldives
 

රු.12,618
Thoddoo Beach View by Vista – Thodoo, Maldives
 

රුපියල් 15,000ට අඩුවෙන්?

රු.13,630
Captains Sunset Lodge by Vista – Diffushi, Maldives

තවත් රූම්ස් වර්ග තියනවද? ඩිස්කවුන්ට් ලැබෙනවද? අමතර ගාස්තු මොනවද?

ඔව්, විස්තර ගොඩාක් තියනව දැන ගන්න. මේ ලිපිය ඉවර වෙනකන්ම කියවන්න. අපැහැදිලි නම් පහලින් කමෙන්ට්  කරන්න.

දැන් එතකොට නවතින එක විතරද කරන්න පුලුවන් මේ තැන්වල?

maldives-honeymoon
Image Credit: inspirational-travel.com

අපෝ නෑ. සුන්දර වෙරළ තීරයක රැයක් ගත කරන්න, අළුත බැඳපු ජෝඩුවට මුහුදෙ විනෝද වෙන්න, කිමිදෙන්න, ඒ වගේම බෝට්ටුවක නැගල මේ දූපත් වටේ රවුමක් ගහන්න ආදී අවස්ථාවන් රැසකටම Vista Rooms පහසුකම් සපයල තියෙනව. ඒ වගේම තමයි ඔබට ඔවුන් ගේ සේවාව ගැන 100%ක් විශ්වාසය තබන්න පුලුවන්. ආරක්ෂාව ගැන කිසිම ගැටලුවක්, සැකයක් හිතේ තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට අලුත් කපල් එකත් කැමති ඇතිනෙ ලස්සන ලස්සන ෆොටෝස්, සෙල්ෆී එහෙම අරගෙන Facebook, Twitter, Instagram අප්ලෝඩ් කරල නෑදෑ හිතමිත්‍රාදීන්ට පෙන්නන්න. Vista Rooms වල කිසිම ගැටලුවක් නෑ Free Wi-Fi තියෙනව. ඒ විතරක්ද ෆොටෝස් ගන්න ලස්සන ලොකේෂන්ස් ඕනෙ තරම්. ඔන්න දැන්නම් ගොඩක් ප්‍රශ්න විසඳිලා.

04. එතකොට කෑම බීම එහෙම කොහොමද?

screen-shot-2015-05-07-at-6-27-46-pm
Image Credit: vulcanpost.com

මොන දේ කරන්නත් හොඳට කාල බීල ඉන්න ඕනෙනෙ. ආගන්තුක රටකට යද්දි ඒ රටට ආවේණික ආහාරපාන ගැන දැනුවත් වෙන එක වැදගත්. මාලදිවයින ගොඩක් ප්‍රසිද්ධ සී ෆුඩ්වලට. ඒ විතරක් නෙමෙයි ඔවුන්ටම ආවේණික රසවත් ආහාර වට්ටෝරු වගේම ජාත්‍යන්තර ආහාර වට්ටෝරුත් ඔබට අවශ්‍ය විදියට රස විඳින්න පුලුවන්. ඒ හින්ද කෑම බීම ගැන වදවෙන්න දේකුත් නෑ. මාලදිවයිනේ ප්‍රසිද්ධම කෑම වට්ටෝරු ටිකක් ගැන දැනගෙන යන එක කෝකටත් හොඳයි.

Garudiya

valhomahu-garudhiya1
Image Credit: ccfoodtravel.com

මේ තියෙන්නෙ මාලදිවයිනේ සාම්ප්‍රදායික ආහාරයක්. ටූනාවලින් හදන සුප් එකක්.

Roshi

Image Credit: ccfoodtravel.com

ලංකාවෙ රොටි කාල තියෙනවනෙ. මේ තියෙන්නෙ මාලදිවයිනේ රොටි.

Mashuni

mashuni_382668832
Image Credit: cocomaldives.com

මාලදිවයිනේ ජනප්‍රියම උදෑසන ආහාරය.

Dhon Riha

dhon-riha
Image Credit: goodthingsmagazine.com

තවත් ප්‍රසිද්ධ ටූනා ව්‍යාංජනයක්.

Theluli Mas

theluli-mas
Image Credit: ccfoodtravel.com

ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් මාලදිවයිනේ ජනප්‍රිය බැදපු මාළු.

Banbukeylu Harisa

banbukeylu-harisa
Image Credit: route79.com

මාලදිවයිනේ තවත් ජනප්‍රිය ආහාරයක් තමයි දෙල්. මේ තියෙන්නෙ දෙල්වලින් හදන ව්‍යාංජනයක්.

Fihunu Mas

fihunu-mas
Image Credit – recipeshubs.com

ග්‍රිල් කරපු මාළු.

Bis Keemiyaa

bis-keemiyaa
Image Credit: pearledhijabi.wordpress.com

ටූනා සහ බිත්තර එකතුවෙන් හදාගන්න පේස්ට්‍රි වර්ගයක්.

Banbukeyo Bondibai

banbukeyo-bondibai

දෙල්, පොල් සහ සීනි යොදාගෙන සකස් කරන රසවත් අතුරුපසක්.

Masala Chai

vegan-masala-chai-5
Image Credit: landsandflavors.com

අපි තේ බොනව වගේ තමයි මෙහෙ අය මේව බොන්නෙ.

තව ඕනෙතරම් කෑම බීම තියෙනව මෙහෙ.

05. වෙන මොනවද එහෙ කරන්න තියෙන්නෙ?

dsc_03741
Image Credit: exotikmauritius.com

මාලදිවයිනේද කරන්න දේවල් නැත්තෙ. හනිමූන් කපල් එහෙකට නිවාඩු නිකේතනයටම වෙලා ඉන්නවට වඩා යන්න තැන්, බලන්න දේවල් ඕන තරම් තියෙනව. තව විනෝද වෙන්න අවස්ථාත් ඒ වගේම තමයි. මොනවද ඒ?

ස්වභාව සෞන්දර්ය විඳින්න.

Image Credit: digitalresult.com

අපේ රටේ වගේ විශාල ජෛව විවිධත්වයක් මාලදිවයිනට නැහැ. ඔවුන්ට තියෙන ලොකුම සම්පත තමයි මුහුද. ඉතාම සුන්දර වෙරළ තීරයන් හැමතැනම. ඒ විතරක් නෙමෙයි. ඇයි කොරළ් පර, කැස්බෑවො, මුහුදු ජීවීන්. ඔවුන්ගෙ සංචාරක කර්මාන්තය ගොඩනැගී තියෙන්නෙත් මහ මුහුද කේන්ද්‍ර කරගෙන. ඔබට ෆොටෝ ගන්න උණක් තියෙනවනම්, සුන්දර දසුන් එකතු කරගන්න විනෝදාංශක් එහෙම තියෙනවනම් කැමරාවනම් ගෙදර තියල එන්න එපා. පස්සෙ දුක හිතෙයි.

ස්කුබා ඩයිවින්ග්

Image Credit: nomad.sleepout.com

මේ දූපත් රාජ්‍යය වටේම තියෙන්නෙ ඉතාම පැහැදිලි, නොගැඹුරු මුහුදු තීරයක්. ලස්සන කොරළ් පර පිරිල. මේ නිසාම මුහුද යට කිමිදෙන එක එහෙමත් නැත්නම් ස්කුබා ඩයිවින්ග් සංචාරකයින් අතර ඉතාම ජනප්‍රියයි. ඇත්තටම කිව්වොත් මාලදිවයිනේ සුන්දරත්වයෙන් 50%ක් තියෙන්නෙ මුහුද යට. කොහොමද අලුත බැඳපු ජෝඩුව මුහුද යට කිමිදෙනකොට. මාර රොමැන්ටික් නේ. මුලු ජීවිත කාලෙටම මතක හිටින සුන්දර අත්දැකීමක් වේවි.

වාදූ දූපතේ දිලිසෙන මුහුදු තීරය

Image Credit: worldfortravel.com

ඒ මොකක්ද ඒ? මාලදිවයිනට යනවනම් අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ තැනක්. ලෝකයේ වඩාත් ප්‍රේමාන්විතම ස්වභාවික ආලෝකය මේක වෙන්න ඇති. ඒ තරමටම සුන්දරයි. හැබැයි මේ දිලිසෙන මුහුදු තීරය දකින්න පුලුවන් රාත්‍රියට තමයි. අහසෙ තියෙන තරුවල ඡායවත් පේන තරමට ඉතාම පැහැදිලි මුහුදක් තමයි මෙතන තියෙන්නෙ. නමුත් මේ දිලිසීමට හේතුවනම් ක්ෂුද්‍ර මුහුදු ජීවීන් විශේෂයක්.

දෝනි බෝට්ටුවකින් මාලදිවයින වටේ රවුමක් යමු

Image Credit: blog.maldive.com

මාලදිවයින වටේ ඔබව රැගෙන යන්න හොඳ සැප පහසු බෝට්ටු සර්විස් වගේම සී ප්ලේන් සර්විස් උනත් තියෙනව. නමුත් ඔබේ අතේ තියෙන ගානටනෙ මේ සේරම කරන්න වෙන්නෙත්. ඒ සේරටමත් වඩා දෝනි බෝට්ටුවක නැගල ඔයාගෙ ආදරයත් එක්ක රවුම් ගහන එකේ තියෙන රොමැන්ටික් ගතිය ඔය ලොකු දේවල්වල නැහැ.

තල්මසුන් සහ ඩොල්ෆින්ල එක්ක

Image Credit: privilegehotels.com

මාලදිවයිනට යන හැමෝම වගේ අමතක නොකරන දෙයක් තමයි මේ. මේ සද්ධන්තයො වගේම මහ මුහුදෙ ඉන්න සුරතල්ලු දැක බලාගන්න විවිධ ස්ථාන, සබ්මැරීන් සහ බෝට්ටු සේවා රැසක් ක්‍රියාත්මක වෙනව. ළඟටම ගිහින් මෙයාලව බලාගන්න ඕනෙනම් කිමිදිලා ගිහින් පොඩ්ඩක් ආශ්‍රයකරල එන්න බැරිකමකුත් නෑ.

සාගර ජල ක්‍රීඩා

Image Credit: mnn.com

විනෝදවෙන්න ඇති තරම් මුහුද තියෙනව ගොඩබිමටත් වැඩිය. මේ නිසාම මුහුද ආශ්‍රිතව කරන ජල ක්‍රීඩා සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියයි. Speed Boats වලින් පටන් ගත්තම Water-skiing, Jet-skiing, Snorkeling, Surfing, Parasailing, Paragliding වගේ එකී මෙකී නොකී විනෝද ක්‍රීඩා රැසක්ම මෙහි ක්‍රියාත්මක වෙනව.

මාලදිවයිනට ඇවිල්ලත් මාලේවල ඇවිද්දෙ නැත්නම් වැඩක් තියෙනවද?

Male Maldives birds eye
Image Credit: bowshrine.com

මාලදිවයිනේ අගනුවර තමයි මාලේ. සංචාරක ආකර්ෂණය දිනාගත්තු තැන් විශාල ප්‍රමාණයක් මාලේවල තියෙනව. මාලදිවයින් ජාතික කෞතුකාගාරය, මහ සිකුරාදා පල්ලිය, Hukuru Miskiiy පල්ලිය, Mulee-aage මාළිගය, මාලදිවයින් මාළු වෙළඳ සංකීර්ණය, Esjehi කලාගාරය, මාලදිවයින් පොදු වෙළඳ සංකීර්ණය වැනි සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන රැසක්ම මෙහි තිබෙනව.

දැන්නම් යන්න හිතෙනව නේද?

Sri Lankan tours to maldives
Image Credit: matrimonio.pourfemme.it

කොහොමද ඔබේ බිරිඳ  හෝ අනාගත භාර්යාව පුදුම කරවන්න ලැබුනොත් මේ වගේ දෙයකින්? ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමක් වේවි.තවත් මොනවද හිත හිත ඉන්නෙ කතාකරන්න Vista Rooms වලට. සියල්ල හිතේ හැටියට සැලසුම් කරගන්න. හනිමූන් යන අයට විතරක්ම නෙමෙයි පවුල් පිටින් යන්න උනත් කිසිම ගැටලුවක් නෑ.

මාලදිවයිනේ සංචාරය කරන්න සැරසෙන Refresh.LK පාඨක ඔබට Vista Rooms වෙතින්  ලැබෙන සුපිරිම වාසිය තමයි 20% ඩිස්කවුන්ට් එක.

මේ ලින්ක් එක ක්ලික් කරල  20% ඩිස්කවුන්ට් එක ලබා ගන්න.

පහළ තියෙන තොරතුරුවලින් Vista Rooms හා සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්.

📞: 076 762 9831

ඒ වගේම තමයි ඔබට මේ සම්බන්ධයෙන් තිබෙන ගැටලු කමෙන්ට් කරන්න. විසඳුම් ලබාදෙන්න අපි සූදානම්.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..