web analytics

ගේම් ඔෆ් ත්‍රෝන්ස් තාමත් නොබලපු අයට


ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ, මේ වනවිට ලෝකයේ ජනප්‍රියම රූපවාහිනී කතාමාලාවයි. අවිවාදයක් නැතුවම ඕන කෙනෙක් ඒක පිළිගනිවි. කිසිම තරඟකරුවෙකුට ලගා විය නොහැකි සේ IDBM දර්ශකයේ තාමත් මුලසුන හොබවන්නේ GOT ම විම විශේෂත්වයක්

මේ වෙද්දි 7 වෙනි season එකත් ඇවිල්ලා තියෙන්නේ. ඉතිං නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ ලිපියෙන් පස්සේ අනිවාර්යයෙන් බලන්න පටන් ගන්න. මොකද කතාමාලාව පටන් අරන් අවුරුදු හයක් හතක් උනත් තාම telecast වෙලා තියෙන්නේ කොටස් 60ක් විතරයි . ඉතිං, GOT බලපු, නොබලපු හැමෝටම ඒ ගැන තව තවත් තොරතුරු දැනගන්න පුළුවන් මේ ලිපිය කියෙව්වම .

මුලින් බලමු, මේ කතාමාලාවට පාදක වුන කථාව මොකක්ද කියලා , වෙස්ටරෝස් මහද්විපයේ ඇති රාජධානි හතක ඉන්න වංශවත් පවුල් හතක් අයන් ත්‍රෝන් නමින් හැදින්වෙන සිංහාසනයකට අයිතිවාසිකම් කීමට කරන සාහසික අරගලයන් මෙම කතාමාලාවට පාදක වෙලා තියෙනවා.ෆැන්ටසි කතාමාලාවක් විදියට හැදින්වුවත් මේ කතාමාලාවෙන් මධ්‍යකාලීන යුරෝපයේ ස්වරූපයට යම් සමානකමක් දක්වනවා.

ඇමරිකානු ලේඛක ජෝර්ජ්. ආර්. ආර් මාටින් විසින් රචිත “A song of fire and ice” නම් නවකතා මාලාවේ අනුවර්තනයක් ලෙස ඩේව්ඩ් බෙනිඕෆ් හා ඩී.බී වෙයිස් විසින් රූපවාහිණී කතාමාලාවක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙයට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෙස නම් තබා ඇත්තේ කොටස් සතකින් යුතු පොත් සතක් ලෙස ප්‍රකාශවුනු සොන්ග් ඔෆ් ෆයර් ඇන්ඩ් අයිස් නවකතා මාලාවේ පලමු පොතවූ “අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්”පොත ඇසුරින්‍ ය.

විශේෂයෙන්ම කතාමාලාවේ ඇති වංශාධිපති පවුල් අතර ගැටුම් ගැන ලිවීමට හේතුව වි ඇත්තේ ,මධ්‍යකාලීන එංගලන්තයේ වංශාධිපති පවුල් දෙකක් වන හවුස් ඔෆ් ලැන්කැස්ටර් හා හවුස් ඔෆ් යොර්ක් අතර එංගලන්ත රජකිරැළ සදහා පැවති රෝස යුද්ධ නමින් හැදින්වුන සටන් මාලාවයි.

යම් යථාර්තවාදී සිදුවිම් පැවතුනත් බොහෝ ෆැන්ටසි කතාමාලා වල දක්නට ලැබෙන මන්ත්‍රකාරියන්, මායාකාරී  දර්ශන මෙන්ම මකරැන් සම්බන්ධව ජවනිකාද මෙයට ඇතුලත් වෙලා තියෙනවා . එමනිසා මෙම කතාමාලාව තුලින් ඉන්ද්‍ර‍රජාලික යථාර්තවාදයේ ලක්ෂණද පෙන්නුම් කරන බව සමහරැන් පැවසනවා.

සංකිර්ණ පුද්ගල චරිත හා සංකීර්ණ දේශපාලන වටපිටාවකින් යුත් සිදුවීම් වලින් සමන්විත වුනත් ගේම් ඔෆ් ත්‍රෝන්ට ආදරය කරන අයගෙන් නම් අඩුවක් නෑ. එකට හේතුව විය හැක්කේ , ෆැන්ටසියක් තුලදි අපට අපගේ යථාර්තය තුලදි සැබෑවටම  අත්විදිය නොහැකි දේවල් මානසිකව අත්විදිමින් සතුටක් ලැබිය හැකි නිසාය .

මෙහි ප්‍රධාන චරිත වල කෘර කළු චරිත, මෙන්ම යහපත් ගතිගුණ ඇති සුදු චරිතද රංගනයේ යෙදෙනවා. සමස්ථයක් විදියට කතාමාලාව බලපු අය දන්නවා මෙහි වැඩිපුරම ඉන්නේ කළු චරිත කියලා .කතාමාලාවේ සිටින අතලොස්සක් වු සුදු චරිත කිහිපය ගොඩ නැගනේනේ මේ බහුතරයක්වු කළු චරිත අතරින් ය.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ, ඔබ හිතන්නේවත් නැති මොහොතක  සුදු චරිතයකට මරණය ලබාදීමෙන් කතාමාලාවේන් ඔහු හෝ ඇයව ඉවත් කර දැමිමයි. කතාමාලාවේ පලමු වාරයේම (Season 01) දිවි අහිමි කරගත් නෙඩ් ස්ටාර්ක් එවැනි චරිතයකි.

කොතරම් අනපේක්ෂිත වේදනාකාරි සිදුවීම් සිදුවුවත් නැවත නැවතත් ප්‍රෙක්ෂකයන් මෙය නැරඹීමට ආශා කරනවා.  අවසන්වු කතාමාලාවේ යම් යම් සිදුවීම් සම්බන්ධව විකල්ප අදහස්  නිර්මාණය කරනවා. එක් කතාමාලාවක් අවසන්වී ඊලග කතාමාලාව ආරම්භ වනතෙක් උනන්දුවෙන් පසුවෙනවා.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අය වගේම නොබලපු අයත් ඉන්න නිසා මෙහි චරිත ගැන වැඩි වැඩියෙන් හදුන්වා  දී නොබැලු අයගේ කුතුහලය නැති කිරිමට අවශ්‍ය නොවේ. නමුත් මේ කතාමාලාවෙන් ගන්නට හැකි ආදර්ශයන් බොහෝමයක් තියෙනවා . යහපත් පාලකයින් ශක්තිමත් මිත්‍රයන් ඇතිකරගන්නවා වගේම සතුරන්ද අඩු කරගන්නා බව සැබෑවක් වුනත් හැම දෙයකටම සීමාවක් තිබිය යුතු බව මෙයින් පෙන්වා දෙනවා.

කල් පවතින ජයග්‍රහණ සකසා ගන්නේ, යහපත් මෙන්ම අවැසිවිට නම්‍යශීලීවද, අවැසිවිට බිහිසුණු හා අණුකම්පා විරහිතවද ක්‍රියාත්මක වන, උපායශීලීව හා දීර්ඝකාලීනවද සිතා බලා කටයුතු කරන පාලකයින් බව ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවෙන් සමාජයට පෙන්වා දෙනවා.


Like it? Share with your friends!

27 SHARES
27 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
3
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ගේම් ඔෆ් ත්‍රෝන්ස් තාමත් නොබලපු අයට

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes