ඇය තායිලන්තයේ කිමිලං ජිනගුන්. වයස අවුරුදු 91ක් වන ඇය , පසුගියදා ( අගෝස්තු 09) තම උපාධි සිහිනය සැබෑ කර ගත්තා. ඉගෙනිමට කිසිදා ප්‍රමාද නැතැයි පවසමින් මුළු ලොවටම ආදර්ශමත් පණිවුඩයක් ලබා දුන්නා. තම උපාධි සිහිනය සැබෑ කර ගන්නට අවුරුදු 10ක් කැප කරමින් අධ්‍යාපන කටයුතු කළා.
තරුණ වයසේදි ඉගෙනිමට හපන්කම් දැක්වු කිමිලං ඉගෙනුම ලැබුවේද එම පළාතේ වූ හොඳ ම පාසලකයි. විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමේ සිහිනය ගැන සිහින දකිමින් සිටි කිම්ලංට ඒ සඳහා අවස්ථාවක් ලැබුනේ නැහැ.
ඒ අවධියේදී විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට හැකියාවක් නොවූ අතර සිය පවුල බැංකොක් අගනුවරට පදිංචියට යාමෙන් පසු විවාහ වීම මත වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ සිහිනය අත්හැර දැමීමට ඇයට සිදු වෙනවා . නමුත් බොහෝ කාලයක් ගෙවී යද්දී තමන්ගේම දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරද්දී ඇය තීරණ කරනවා එතෙක් කල් ඉෂ්ට කරගැනිමට නොහැකි වු සිහිනය සැබෑවක් කරගන්නට . ඒ අනුව කළ කැපකිරීමේ ප්‍රතිඵලය ඇය පසුගිය සතියේ උදාකර ගන්නවා.
තමන්ගේ සිහිනය සැබෑ කරගන්න ප්‍රමාද උනත්, ඇය තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නොමද සහයෝගයක් ලබා දෙනවා. ඒ කැපකිරිමේ ප්‍රතිඵලද ඇය දැන් අත්විදිමින් ඉන්නවා. සිය දරුවන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු ම ශාස්ත්‍රපති උපාධි ලැබූ අතර ඉන් එක් අයෙකු ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා එක්සත් ජනපදයට ද ගොස් ඇත.අවසානයේදී දරුවන්ගේ ශාස්ත්‍රීය අත්දැකීම් ඇයට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මග පාදනවා.
වසර ගණනක ඉගෙනීම් ක්‍රියාවලිය තුළදී ඇයගේ දෛනික ජීවන රටාව වූයේ උදෑසනම අවදිවී බෞද්ධ භික්ෂුන් වහන්සේට දන් පිළිගන්වා අසල ඇති විහාරයට ගොස් ඉන් අනතුරුව අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමය.
තමන්ගේ සාර්ථකත්වය ගැන ඇය පවසන්නේ මේ වගේ අදහසක්, “කවදාවත් පරක්කු නැහැ ඉගෙන ගන්න. ඉගෙනීම වෙනුවෙන් මගේ මනස හැමවිටම අවදියෙන් වගේම පැහැදිලි එකක් වුණා, මේ ලෝකය නවතින්නේ නැහැ. හැමදාම අපිට විසඳන්න අලුත් ප්‍රශ්න තිබෙනවා. අලුතින් ගොඩ නොනැගුනොත් ලෝකය සමෘද්ධිමත්වීම නවතීවි.
අධිෂ්ඨානය මෙන්ම මා තුළ වූ අභිලාශය මාව මේ දුර ගෙන ආවා . එක් පරිච්ඡේදයක් අවසන් කරන්නැයි මා මටම කියූ විට, එය හොඳින්ම කරන්නට මා උත්සාහ කරනවා. මතක තියාගන්නට අවශ්‍ය වැදගත්ම කරුණු සළකුණු කරගන්නවා. මගේ අධ්‍යයන සමාලෝචනයේදී ඒක තමයි මට උදව් වෙන්නේ . සමත් වෙනකොට සතුටක් ලබනවා වගේම අසමත්වෙනකොට දුකක් දැනෙනවා. ඉතින්, සමත් වෙනකල්ම ම විභාගයට යළි යළිත් වාඩි වුණා.”
Connect with us