පරිසරයට බරක් නොවී හරිත ජීවන රටාවකට හුරු වෙමුද?


අප ජීවත්වන වටපිටාව එහෙමත් නැත්නම් පරිසරය සුරැකීම අප යුතුකමක් බව අපි ඉගෙනගන්නේ පාසල් යන අවදියේ, එහෙම නැත්නම් ඊටත් කුඩා කාලයේ ඉඳන්.

ඒ වුනත් අපි කවුරුත් අතින් ඉතා සුලු වශයෙන් හෝ පරිසරයට හානි වන බව නොරහසක්. ඉතින් මේ ආකාරයට අපි එක් එක් අයෙකුගෙන් වන හානිය එක්වී අප අවට පරිසරය ක්‍රම ක්‍රමයෙන් වැනසී යන බව අප කවුරුත් දන්නවා.

මේ පරිසර විනාශය අපට වගේම, සතුන් ගහකොල ඇතුලු මුලු ජෛව ගෝලයටම ඇති කරන්නේ ඉමහත් තර්ජනයක්. අපට අද ලෝකයේ නිතරම අහන්නට ලැබෙන හදිසි කාලගුණ විපර්යාස (සුළි සුලං, කුණාටු, උණුසුම් දියවැල්, අධික වර්ශා), ලැව්ගිණි, ජල ගැලීම් හා ගං වතුර ආදී බොහොමයකට හේතුවී ඇත්තේත් මේ ආකාරයට අප විසින් සිදු කරන පරිසර විනාශයන්. එසේම අප ලොව සතුව පවතින බොහෝ ස්වභාවික සම්පත් දිනෙන් දින ක්ෂය වෙමින් පවතින බවත් අප කවුරුත් දන්න කරුණක්.

Image: climate.nasa.gov

අපි බොහෝවිට මේ සඳහා පිලියම් බලාපොරොත්තු වන්නේ ඉතා ඉහල මට්ටමින්.

රජය හෝ වෙනත් ආයතනයක් මේ පරිසර දූෂණයට පිලියම් සොයන තුරුයි අපි බලා ඉන්නේ.

එවන් කලක අපට හැකි මට්ටමින් හෝ පරිසරයට හානිකර නොවී සිටීමේ අදහසින් ජීවත් විය හැකි ක්‍රමයන් පිලිබඳ සොයා බලන පිරිස්ද අතලොස්සක් සිටිනවා. ඉතින් මේ ලිපිය ලියන්නේ ඔවුන් වෙනුවෙන්.

මොකද්ද මේ හරිත ජීවන රටාව කියන්නේ? (Green Lifestyle / Green living)

මෙහි අරමුණ වන්නේ පුද්ගලයෙකු විසින් භාවිතා කරන පරිසර සම්පත් ප්‍රමාණය හැකිතාක් අවම ලෙස භාවිතා කිරීමයි. මෙහිදී පුද්ගලයෙකු විසින් තනි තනි වශයෙන් පරිසරයට විවිධ ආකාරයෙන් සිදු කරන පරිසර හානිය හැකිතාක් තමා විසින්ම අවම කර ගැනීම සිදුවනවා. මෙම ජීවන රටාව තිරසාර වන රටාව ලෙසත් හඳුන්වනවා.

එහෙනම් බලමු අපි හරිත ජීවන රටාවක් පවත්වාගෙන යාමට, පුද්ගලයෙකුට පහසුවෙන්ම පිලිපැදිය හැකි පියවර කිහිපයක්:

01. පාපැදියෙන් හෝ පයින් ගමන් යමු

Image: couriermail.com.au

අද අපි බොහෝ විට හුරුවී තිබෙන්නේ ඉතාම ළඟකට පවා වාහනයෙන් ගමන් කිරීමටයි. එහෙම නැත්නම් පයින් යාහැකි දුරට පවා ත්‍රීවීලරයක් ගැනීමටයි. මේ පුරුද්දෙන් ටිකක් අත්මිදෙමු. ළඟපාත කඩයකට, පන්සලට, දහම් පාසලට පයින් හෝ බයිසිකලයකින් යන්න පුරුදු වෙමු. දරුවනුත් හුරු කරමු. ඇඟටත්, පරිසරයටත්, අතටත් තුනටම වාසිදායකයිනේ.

02. අපේ ගෙවත්තෙත් ගහක් කොළක් වවමු

Image: josael.com

අද අප ගෙවන කලබරකාරී ජීවන රටාව නිසා අප බොහෝ දෙනෙක් ගෙවතු වගාවට යොමුවන්නේ නැහැ. ඒ වගේම වගාවකට සුදුසු ඉඩකඩක් නොමැති වීමත් මෙයට හේතුවක්. ඒ වුනත් ඔබට පුලුවන්නම් ඔබට තිබෙන පුංචි ඉඩකඩේ හෝ ගහක්, වැලක් වවන්න. එයට වතුර දාන්න ඔබේ දරුවනුත් එකතු කර ගන්න. ගහක්, වැලක් වැඩෙනකොට, මලක් ගෙඩියක් හැදෙනකොට හිතටත් සැනසීමක් දැනේවි. පරිසරයටත්, අතටත් වාසියක් වේවි.

03. හැකිතාක් අවසානය දක්වාම භාවිතා කරමු / අනවශ්‍ය දෑ මිලදී ගැනීම අවම කරමු

Image: igniteyourmarket.com

අප නිවෙස්වල බොහෝ දේ අවසානය දක්වා භාවිතා නොකර ඉවත දමනු ඔබ දැක ඇති. දරුවන්ගේ පොත්, කඩදාසි, පාට කූරු, පැන්සල්, පෑන් මේ ආකාරයට බොහෝ සෙයින් අපතේ යනවා. ඒ වගේම ඒ වගේම අප බොහෝ විට දුටු පමනින් අනවශ්‍ය දේ මිලට ගන්නවා ඒවා අපට අවශ්‍යදැයි නොසිතාම. ඉතින් මේ වගේ අනවශ්යදේත් ඉතා ඉක්මනින් එකතු වෙන්නේ කසළ ගොඩට. ඒ වගේම මෙවා සඳහා වැයවන්නේ පරිසරයේම සම්පත්. ඉතින් අපිත් හුරුවී පුංචි කාලේ ඉඳන්ම අපේ දරුවනුත් හුරු කරමු නාස්තිය අවම කරන්නටත්, අනවශ්‍ය දේ හඳුනා ගන්නටත්. අතේ මුදලුත් ඉතිරිවී, පරිසරයත් සුරැකේවි.

04. හැකිතාක් නැවත භාවිතා කරමු

Image: beautyharmonylife.com

අප භාවිතා කර ඉවත දමන දේ අතර නැවත භාවිතා කල හැකි දේ බොහොමයක් තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපට පුලුවනි කඩයට ගිය විටදී අපට ලැබෙන පොලිතීන් බෑග් නැවතත් කඩයට යනවිට ගෙනගොස් නැවත භාවිතා කරන්න. ඒ වගේම ඒ ස්වරූපයෙන්ම නොමැති වුවත් අප ඉවත දමන දේ ඉවත නොදමා වෙනත් ආකාරයකට ප්රයෝජනයට ගන්න අපට පුලුවනි. ඉවත දමන බෝතල්, බෑග්, කඩදාසි, ටයර් ආදිය නැවත් භාවිත කල හැකි ආකාර දහස් ගානක් අන්තර්ජාලයෙන් සොයා ගන්න පුලුවන්.

05. හැකිතාක් දේ ප්‍රතිචක්‍රීයකරණය කරමු

Image: oregonmetro.gov

අප එදිනෙදා නිපදවන අපද්‍රව්‍ය අතරින් බොහොමයක් ප්‍රතිචක්‍රීයකරණය කල හැකි ඒවා. ඒ වුනත් ඒවා මිශ්‍රව පැවතීම නිසා මේ වැඩේ කරන්න අමාරුයි. අපි හොයාගමු පොඩි බකට් ටිකක්. වීදුරු, ප්ලාස්ටික්, ටින් වෙන වෙනම මේවට එකතු කරමු. අහක දාන ආහාර, කොළ රොඩු ටික දාන්න පොඩි කොම්පෝස්ට් බදුනක් හදා ගනිමු. එකතුවන වීදුරු, ප්ලාස්ටික්, ටින් ආදිය ප්‍රතිචක්‍රීයකරණය කරන්න බාරදෙමු. මේක හිතන තරම් අමාරු නෑ. පුරුදු වෙන්නයි ඕනෙ.

06. අනවශ්‍ය දේ අවශ්‍ය කෙනෙකුට දෙමු

Image: idiva.com

බලන්න ඔබේ නිවසේ ඔබට අනවශ්‍ය පොත් පත්, ඇඳුම් පැලඳුම්, ආහාර, බෙහෙත්, සෙල්ලම්බඩු ආදිය කොපමණ තිබෙනවාද කියා. ඒ වගේම මේවා අවශ්‍ය, එනමුත් නොලැබෙන අය ඕනෑතරම් ඇති. ඉතින් පුංචි වෙලාවක් අරගෙන මේ වගේ අපි ගොඩ ගහගෙන ඉන්න, අපිටශ්‍ය දේවල් ටික වෙන්කරගෙන ඒවා අවශ්‍ය කෙනෙකුට දෙමු. උදාහරණයක් හැටියට ගෙදර ගොඩගහගෙන ඉන්න ඔබ කවදාවත් නොකියවන සමහර පොත් පත් පුස්තකාලයකට අමිල වස්තුවක් වෙන්න පුලුවන්. ඒත් ඔබ ලඟ එය දිගු කලක් ඔය විදියට තිබුනොත් වේයොත් කාලා කුණු ගොඩට යාවි.

07. හැකිතාක් බලශක්තිය සුරකිමු

Image: thespruce.com

පොඩ්ඩක් අවට බලන්න අපි මොනතරම් බලශක්තිය අපතේ හරිනවාද කියලා. අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුලු, වායු සමීකරණ, මේ වගේ කීයක් නම් ඔබ අවභාවිතා කරනවාද? පොඩ්ඩක් උත්සාහ කලොත් අපට පුලුවන් මේ විදිහට අපතේ යන බල ශක්තිය අවම කරගන්න. නිකරුනේ දැල්වෙන විදුලි බුබුලක්, විදුලි පංකාවක්, වායු සමීකරණයක් නිවන්න, ඔබේ ඇඳුම් ටික එක පාර මැදගන්න, රූපවාහිනිය අවශ්‍යය විට විතරක් ක්‍රියාත්මක කරන්න හුරුවෙන්න. දරුවනුත් හුරු කරන්න. ඔබේ අතේ මුදලුත් ඉතිරි වේවි. ඒ වගේම අප පරිසරයේ තිබෙන ඛනිජ සම්පත්ද සුරැකේවි.

08. පොත් කියවන්න පුස්තකාලයට යමු

Image: pexels.com

බලන්න ඔබේ නිවෙස් වල මොන තරම් පොත් ගොඩ ගැසී තිබෙනවාද කියා. ඔබට අවශ්‍යය හැම පොතක්ම මිලට ගන්නවාට වඩා එය පුස්තකාලයකින් ගෙන කියෙව්වොත් අනවශ්‍යය ලෙස පොත් මුද්‍රණය අවම කරන්න පුලුවන් නේද? අමතක කරන්න එපා අපි මිලදී ගන්නා සමහර පොත් අපි ජීවිත කාලයටම කියවන්නේ එක් වරයි. එහෙම නැත්නම් අපට අවශ්‍යය වන්නේ පොතෙන් පුංචි කොටසක් විතරයි.

09. සෙල්ලම් බඩු පොඩ්ඩක් අඩු කරමුද?

Image: keywordsking.com

අද අපේ බොහෝ ගෙවල් වලින් කොටසක්ම පිරී පවතින්නේ සෙල්ලම් බඩු වලින්. අපිත්, අප දරුවනුත් බොහෝවිට පුරුදුවී සිටින්නේ ආසා හිතෙන, දරුවන් ඉල්ලන සෑම සෙල්ලම් බඩුවක්ම ලබා දීමටයි. ඒ වුනත් බලන්න මේවායින් බාගයක්වත් දරුවන් භාවිතා කරනවාද කියා. එහෙමනම් අපිත් හුරු වෙමුද දරුවන්ට අවශ්‍යම දේ තෝරාගන්න ඉඩ දෙන්න.

ගෙදර සෙල්ලම් බඩු කන්දේ අනවශ්‍ය ඒවා ටිකක් තෝරලා නැති බැරි කෙනෙකුට දෙන්න. දරුවන්ටත් මෙය දීමේ පුරුද්ද ඇති කරවන අතර, අවම සම්පත් ප්‍රමාණයක් තුල ජීවත් වීමට උගන්වනවා. අවසාන වශයෙන් මෙමගින් සුරැකෙන්නේ මේවා නිපදවීමට ගන්නා පරිසරයේ සම්පත්. ඒ වගේම පරිසරයට එකතුවීමට තිබෙන කසළ ප්‍රමාණයක්.

පොඩ්ඩක් සිතා බැලුවොත් ඔබ අවට පරිසරයට හා එහි සම්පත් වලට හැකිතාක් අවම හානියක් වන ලෙස ඔබේ ජීවන රටාව හුරුකරගත හැකි ආකාර බොහොමයි. ඉතින් ඔබටත් පුලුවන් නම් හුරු වෙන්න මේ හරිත ජීවන රටාවට, ඔබේ දරුවනුත් හුරු කරන්න. අපිට හැකි වේවි අපට හැකි පමනින් හෝ පරිසරය සුරකින්න.

Cover Image: siviltoplumdiyalogu.org


Like it? Share with your friends!

89 SHARES
89 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
3
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පරිසරයට බරක් නොවී හරිත ජීවන රටාවකට හුරු වෙමුද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes