ලෝකයේ සංචාරය කිරිමට ඇති භයානකම නගර 6.


ඔයා , මේ ලෝකේ වටේම සංචාරය කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ ලිපිය කියවන්න .

මොකද  , නොදැනුවත්වම මේ නගරවලින් එකකට හෝ ඔබ ගියොත් ජිවිතය උනත් නැති වෙන්න පුළුවන් .කියවලම බලන්න මේ නගරවල තියෙන භයානකම ගැන.

01.සැන් පෙඩිරෝ සුලා – හොන්ඩුරාස්

මේ ලෝකයේ, ඇති ප්‍රචණ්ඩතම නගරය විදියට සැන් පෙඩිරෝ වසර ගණනාවක්ම නම් කරලා තියෙනවා .ඒ වගේම වැඩිම මිනිමැරුම් අනුපාතයක් වාර්තා වෙන්නෙත් මේ නගරයෙන් . ඒ කියන්නේ මිනිස්සු 100,000 කට මිනිමැරුම් 169ක් වාර්ශිකව වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි, නිතිවිරෝධි අවි ජාවාරම  නගරය පුරාම පැතිරිලා තියෙන එක. ඒ නිසා , මේ නගරය සංචාරයෙන් වැළකි සිටිය යුතුම නගරයක් විදියට නම් කරලා තියෙනවා .

02.කරච්චි නුවර – පාකිස්තානය

පාකිස්තානයේ දේශපාලන නොසන්සුන්තාවය නිසා අපරාධ වගේම ත්‍රස්තවාදයද උග්‍රය. ඝාතන බහුලව සිදුවෙනවා වගේම, යුද්ධ කල්ලි විසින් සිදුකරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරත් නිතරම වාර්තා වෙනවා . කරච්චි නුවර, මේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වල මධ්‍යස්ථානය විදියට හදුන්වනවා. ඒ නිසා , මෙහි සංචාරය නොකර ඉන්න එක ඇගට ගුණයි.

03.කාබුල්- ඇෆ්ගනිස්තානය

කාලයකදි, කාබුල් කියන්නෙත් ලෝකයේ වඩාත්ම භයානක නගරවලින් එකක්. බොම්බ ප්‍රහාර වගේම, ත්‍රස්තවාදී ප්‍රහාරද මේ නගරයේ වැඩි වශයෙන් සිද්ද වෙනවා. කාබුල් යුධ කලාපයක් විදියටත් නම් කරලා තියෙනවා . අනාගතය අවිනිශ්චිත නගරයක් විදියට බොහෝදෙනා කාබුල් නගරය හදුන්වනවා.

04.බැග්ඩෑඩ් – ඉරාකය

බැග්ඩෑඩ් කියන්නෙත් , බෝම්බ ප්‍රහාර සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වැඩි වශයෙන් සිදුවෙන නගරයක්. වසර ගණනාවක් යනකන්ම ඇමෙරිකානුවන්ට සංචාරය තහනම් කරපු නගරයක් විදියටද බැග්ඩෑඩ් හදුන්වන්න පුළුවන්. අනාගතය අවිනිශ්චිත නගර අතරින් බැග්ඩෑඩ් ප්‍රමුඛස්ථානයක් ගන්නවා. විශේෂම හේතුවක් නැතුව මේ නගරයට සංචාරය නොකර ඉන්න එක තමයි හොඳම දේ.

05.Acapulco, මෙක්සිකෝව

මෑතක් වනතුරුම ඉතාමත් ආරක්ෂාකාරී සහ සුඛෝපභෝගී නගරයක් විදියට හදුන්වා දුන්න Acapulco තාමත් සංචාරකයින් අතර ජනප්‍රිය යි. නමුත්, මත්ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවන් නිසා Acapulco එන්න එන්නම භයානක නගරයක් බවට පත්වෙමින් තියෙනවා. නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ලොව වැඩිම ඝාතන අනුපාතයක් වාර්තා වෙන්නේ මේ නගරය තුළයි. එනම් මිනිසුන් 100,000 කට ඝාතන 142ක් වාර්ශිකව වාර්තා වෙනවා.

06.කේප් ටවුන් – දකුණු අප්‍රිකාව

මේ නගරයේ පවතින දුප්පත්කම නිසා සමාජ අසහනය එන්න එන්නම වැඩි වෙනවා. දුප්පත්කම නිසාවෙන් අපරාධ එන්න එන්නම වැඩිවෙන නගරයක් තමයි කේප් ටවුන් කියන්නේ .ස්වභාවික සුන්දරත්වය නිසා දකුණු අප්‍රිකාවට එන සංචාරකයින් ප්‍රමාණය ද වැඩියි. නමුත් කේප් ටවුන් මගහැර සංචාරය කරනවා නම් තමන්ගේ ජිවිතය ගැන ගැටළුවක් ඇතිවෙන එකක් නෑ.


Like it? Share with your friends!

12 SHARES
12 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලෝකයේ සංචාරය කිරිමට ඇති භයානකම නගර 6.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes