web analytics

ඔන්ලයින් ජොබ් වලින් ඇත්තටම සල්ලි හොයන ක්‍රම 6ක්


පහුගිය ලිපියෙන් අපි කතා කලා බොරුකාරයන්ට අහු නොවී තමන්ගෙ හැකියාවෙන් ගෙදර ඉඳන් ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් හරි ක්‍රම 7ක් ගැන. ගොඩ දෙනෙක්ගෙන් ඉල්ලීම් ආපු නිසා මෙන්න ඕගොල්ලන්ට online සල්ලි හොයන ඊළඟ platform 6 ක් ගැන විස්තර අද අපි ලබා දෙනව.

පළමු ලිපිය මෙතනින් කියවලා එන්න.

06. Upwork

කලින් මේක ප්‍රසිද්ධ වෙලා තිබ්බේ oDesk කියලා. ලංකාවේ අය මුලින්ම ලියාපදිංචි වුන සෑහෙන ජනප්‍රිය වෙබ් අඩවියක්. නම වෙනස් උනාට පස්සේ අලුත් features ගොඩාක් එක්ක වෙනස් විදියකට වැඩ කරන්න පුලුවන් වෙන්න හදලා තියෙනවා. කෙටි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති වගේම සාමාන්‍ය මට්ටම්මේ ඉඳන් pro මට්ටම දක්වා ලොකු පරාසයක විහිදුන හැකියාවන් අවශ්‍ය කරන වැඩ මේකේ ඕනේ තරම්. ගොඩක්ම තියෙන්නේ වෙබ් නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, mobile apps, programming සහ අන්තර්ජාල අලෙවිකරණය හා බැඳුනු වැඩ.

ලියාපදිංචි උනාම ඔගොල්ලන් මුලින්ම කරන්න ඕනි තමන්ගේ profile එක සම්පූර්ණ කරන එක. කලින් කරපු වැඩ upload කරලා විස්තර ලියලා ආකර්ශනීය profile එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. තව Upwork ඇතුලෙම තියෙන විවිධ විභාග සමත් උනාම ඒවා සුදුසුකම් විදියට ඕගොල්ලන්ගේ profile එකට එකතු වෙනවා. තමන්ගේ දක්ෂතාවයට සහතිකයක් ගැනීම තුල buyers ල ඕගොල්ලන්ව තෝරා ගන්න තියෙන අවස්ථාව වැඩි.

Buyers ල ඒගොල්ලන්ගේ project එක publish කලාම අපිට ගිහින් ඉල්ලුම් කරන්න පුලුවන් වගේම buyers ලට කෙලින්ම අපිට ආරාධනා කරන්නත් පුලුවන් ලන්සු තියන්න.

Upwork වල විශේෂතා:

  • කොහොමහරි ජොබ්ස් දෙක තුනක් කරලා ratings හදාගත්තොත් සෑහෙන හම්බකරන්න පුලුවන් වගේම pro ලෙවෙල් එකට select වෙන්නත් පුලුවන්. එහෙම උනොත් ලොකු ගණන් අය කරන්න පුලුවන්
  • Upwork ඇතුළෙන්ම project management, communication සහ අනිකුත් සහය ලබා දෙනවා. Buyers ලට teams හදන්න පහසුකම තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තවත් freelancers ලත් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරන්නත් පුලුවන්.
  • Upwork ඇතුළෙන්ම විභාග සමත් වීමේ හැකියාවත් තියෙනවා.
  • Desktop app එක install කරගත්තොත් එකෙන් වැඩ කරන පැය ගාන එහෙම ට්‍රැක් කරන්න පුලුවන්. වැඩකරන අස්සේ වෙන වෙන ඒවා බැලුවොත් buyersta මාට්ටු වෙන්නත් පුලුවන් ?

ගෙවීම්:

  • විවිධ ක්‍රම රාශියකින් සල්ලි ගෙන්න ගන්න පුලුවන්. Bank transfer, පේපැල්, payoneer, Skrill වගේ ඒවා.
  • අපේ ගාස්තුවෙන් 5% – 20% දක්වා ප්‍රමාණයක් Upwork අය කර ගන්නවා. ඒක තීරණය වෙන්නේ අපිට ලැබෙන මුදල් ප්‍රමාණය මත.
  • වැඩි විස්තර මෙතනින්.

05. Toptal

මේ සේවාවට තමා ඇතුල් වෙන්න අමාරුම සේවාව. ලෝකේ උඩම ඉන්න 3% ප්‍රතිශතයට තමා මේකට ඇතුල් වෙන්න පුලුවන්. එක හරියටම තෝරලා බේරලා ගන්න ඒගොල්ලන්ගේ අසීරු පරීක්ෂණ ගණනාවක් තියෙනවා. Skype සම්මුඛ පරීක්ෂණ වගේම අත්හදා බැලීමේ පරීක්ෂණ ගොඩාක් තියෙනවා. ඉංග්‍රීසි දැනුම උපරිමයට තියෙන්න ඕනේ. හැබැයි මේකට ඇතුල් වෙන්න පුලුවන් උනොත් ඉතින් ජීවිතේම ගොඩ වගේ තමයි. ලෝකේ තියෙන ලොකුම සමාගම් වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා (උදා: HP, JP Morgan, AirBnB, Emirates වගේ ඒවා). අනික් තැන් වල වගේ අඩුම මුදලට කරන්න කියලා දෙයක් නෑ. මේකේ අඩුම මුදලත් සැහෙන ලොකු ගානක්. කොහොමත් කියලම තියෙනවා මුදල් තරඟකාරීත්වයට අවස්ථාව නෑ කියලා. ඒක හින්දා ඉන්දියන් කට්ටියට undercut කරන්න බෑ. තාම නම් මම දන්න කවුරුත් නම් මේකට ඇතුල් වෙලා නෑ. දන්න කවුරුහරි ඉන්නවනම් comment වල දාන්න.

Toptal වල විශේෂතා:

  • පරීක්ෂණ වලින් සමත්වීම ඉතා අසීරුයි.
  • Buyerta පුලුවන් අපිව ඔහුගේ කණ්ඩායමකට ඇතුල් කරගන්න. කණ්ඩායම් දෙක තුනකට ඇතුල් වෙන්න පුලුවන් උනොත් ඉතින් ගෙදර ඉඳන් හොඳම රැකියාවක් කරනවා වගේ තමයි.
  • ලංකාවෙන් buyersla තාම aceept කරන්නේ නෑ.
  • Buyers ල වත් තෝරලා බලලා තමා ඇතුලට ගන්නේ.
  • Toptal ඔක්කොම කළමනාකරණ කාර්යයන් කරලා දෙනවා. අපිට තියෙන්නේ වැඩේ හරියට කරන්න විතරයි.

ගෙවීම්:

  • වෙලාවට ගෙවනවා.
  • සාමාන්‍යයෙන් freelancer කෙනෙක් පැයකට ඩොලර් 60-90 අතර ගානක් හොයනවා.
  • Paypal, Bank Transfer වලින් තමා ගෙවීම් කරන්නේ.
  • Buyers ල ගෙවන ගානෙන් කොටසක් Toptal තියා ගන්නවා.
  • වැඩි විස්තර මෙතනින්.

04. 99Designs

99designs කියන්නෙත් ලංකාවේ ගොඩ දෙනෙක් ලියාපදිංචි වෙලා ඉන්න site එකක්. මේක අනික් හැම එකටම වඩා සැහෙන වෙනස් මාර්ගයක යන Freelance සේවාවක්. Clients ල ඒගොල්ලන්ගේ project එකේ විස්තර publish කරනවා ඒකට ඒගොල්ලෝ ගෙවන්න කැමති ගානත් එක්කම. අපි ඒ ගානට කැමතිනම් ඒ project එකේ විස්තර කියවලා apply කරන්න ඕනි. ඉල්ලුම් කරන විදියේ තමා වෙනස තියෙන්නේ. මේකේ තියෙන ඔක්කොම වගේ projects තරඟයක් ආකාරයට තමා හැඩ ගැස්විලා තියෙන්නේ. ඒ කියන්නේ ඕනෙම කෙනෙකුට ලියාපදිංචි උන ගමන්ම මේ තරඟ වලට සහභාගී වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට logo එකක් හදන project එකකට එකේ තියෙන අවශ්‍යතාවය කියවලා කැමති තරමක් ඔයාගේ නිර්මාණ upload කරන්න පුලුවන්. Client තමා ඊළඟට තමන් කැමති නිර්මාණය තෝරලා ගන්නේ ආපු ඔක්කොගෙන්ම. මේකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා.

99Designs වල විශේෂතා:

  • හොඳ දේවල් හැටියට අලුතින් ලියාපදිංචි වෙන කෙනෙකුට උනත් ලේසියෙන්ම මුදල් හොයන්න පුලුවන්. Price competition එකක් නෑ.
  • නරක තමයි මහන්සිවෙලා හදන design එකක් reject වෙන්න තියෙන අවස්ථාව සෑහෙන වැඩියි. මොකද තීරණය ගන්නේ client. අපිට ලස්සන එක එයාලට ලස්සන නෑ වගේම එකක් පරදා තවත් ලස්සන design upload වෙනවා. අපතේ යන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි හම්බවෙන ගාන සාපේක්ෂව වැඩියි fiverr වගේ ඒවාට වඩා.
  • මේකෙත් ratings සහ කලින් කරපු වැඩ (portfolio) තියාගන්න එක හරි වැදගත්. portfolio එක ඉබේම හැදෙනවා තරඟ දින්නොත්.

ගෙවීම්:

  • Payoneer, Paypal, Skrill වලින් තමා.
  • 99designs පොඩි කොමිස් මුදලක් තියාගන්නවා competition price එකෙන්.

03. Project4hire

Project4hire කියන්නේ ගොඩක් දුරට freelancer.com එකට සමාන Platform එකක් (පළවෙනි ලිපිය හා බැඳේ). හැබැයි මේකේ ගාස්තුව අය කරන්නේ අපෙන්. ඒ කියන්නේ freelancer ගෙන්. නොමිලේ දෙන සේවාවකුත් තියෙනවා. මාසෙකට ඩොලර් 10ක් ගෙවලා ගන්න සේවාවකුත් තියෙනවා. වෙනස තමයි නොමිලේ දෙන සේවාවෙන් project එකක් හම්බවුනාම ඩොලර් 5ක් ගෙවලා තමා වැඩ පටන් ගන්න ඕනි. හැබැයි ඔයා මාසෙකට ඩොලර් 10ක් ගෙවන freelancer කෙනෙක් නම් මේ ගාන ගෙවන්න ඕනි නෑ. නොමිලේ දෙන account එකේ අනික් අවාසිය තමා project එකට bid කරන කාලේදී අපිට customer ට කතා කරන්න බැරි එක. ගෙවන freelancers ලට ඒ වාසිය තියෙනවා.

Prohect4hire වල විශේෂතා:

  • සාමාන්‍ය මට්ටමේ budget තමා වැටෙන්නේ site එකේ.
  • සරල මට්ටමේ සේවාවක්. ලොකු ව්‍යාපෘති කළමනාකරණ පහසුකම් එහෙම නෑ. වෙන platform වලට යන්න කලින් practice වෙන්න හොඳ platform එකක්.
  • තරගකාරීත්වයනම් සැහෙන අධිකයි. විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ලියාපදිංචි වෙන්න පුලුවන්. හැබැයි හැම එකටම වැඩ වැටෙන්නේ නෑ.

ගෙවීම්:

  • PayPal සහ තැපෑලෙන් එන චෙක් පතකින් තමා ගෙවීම් කරන්නේ

02. Envato Studio

envato studio කියන්නෙත් ටිකක් toptal වගේ තැනක්. පටන්ගත්ත කාලේ කියුවේ microlancer කියලා. ඒ කාලේ නම් ඕනේ කෙනෙකුට ලියාපදිංචි වෙන්න පුලුවන් කම තිබුනා. හැබැයි දැන්නම් invite විතරයි. එකපාරටම එහෙම කරන්න හේතුව විදියට මම දකින්නේ ඒ කාලේ ගොඩක් දකුණු ආසියානුවන් ලියාපදිංචි වෙලා ඉතාම අඩු ගණනට සේවා සපයන්න පටන් ගත්ත නිසා platform එකේ හිටපු අනිත් අයගෙන් ආපු පැමිණිලි. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ආදායම් නොමැති වීම. කොහොම උනත් හොඳම වැඩ කාරයෝ තමා මෙතනට ගන්නේ. පෞද්ගලිකව මමත් ටික කාලයක් වැඩ කළා දකුණු ආසියාවට තහනම් කරන්න කලින්. හොඳ portfolio එකක් වගේම හොඳ තත්වයේ සේවාවක් දිගටම පවත්වාගෙන යාම හරිම වැදගත්. Graphic, programming, ලිවීම, animation, ශබ්ද/වීඩියෝ පරිපාලනය වගේ දේවල් කරන්න පුලුවන්.

දැන්නම් නැවතත් ඉල්ලුම් කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඉල්ලුම් පත්‍රය බලලා කැමතිනම් විතරයි ඇතුලට ගන්නේ.

Envato Studio වල විශේෂතා:

  • ඔබ අනිකුත් envato වෙළදපොළවල් වල ඉන්නවනම් ඒ සේවාවන් සමග සම්බන්ධ කරලා සේවාවන් දෙන්නත් ලබා ගන්නත් පුලුවන්. හොඳ කළමනාකරණ පහසුකම් වගේම user friendly අතුරු මුහුණතක් තියෙනවා.

ගෙවීම්:

  • වැඩේ හරියට කලාම ගෙවීම් ගැන බය වෙන්න දෙයක් නෑ. PayPal, Skrill, Bank Transfer මගින් මුදල් ගෙන්වා ගන්න පුලුවන්.
  • ඉල්ලුම් කරන්න මෙතනින්.
  • අපිට ගෙවන මුදලින් 30% ඒගොල්ලෝ ගාස්තුව විදියට තියා ගන්නවා.

01. Designcrowd.com


මේකත් තවත් 99designs වගේම සේවාවක්. Crowdsourcing concept එක උඩ තමා මේවගේ සේවාවන් වැඩ කරන්නේ. Buyer ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට designers ල සිය ගණනක් තමන්ගේ නිර්මාණ publish කරනවා. Buyer තෝරා ගන්න නිර්මාණයට ජයග්‍රාහී මුදල ලැබෙනවා.මේ site එකේ ඔක්කොම වගේ තියෙන්නේ photoshop, illutrator, coreldraw වගේ පැකේජ පාවිච්චි කරලා කරන්න පුලුවන් දේවල්. ඒගොල්ලෝ කියන විදියට එක ජොබ් එකකට නිර්මාණ 100ක් විතර සාමාන්‍යයෙන් upload වෙනවා. දවස් 3,5,10 වගේ deadlines තමා වැටෙන්නේ. මේකේ කරන වැඩ වලට සාධාරණ මුදලක් ගෙවනවා. හැබැයි ඒක තීරණය කරන්නේ buyer.

Designcrowd වල විශේෂතා:

  • 99design වලට වඩා designcrowd ටිකක් වෙනස් සමහර දේවල් වලින්. අපි මහන්සි වෙලා design එකක් යැවුවම තියෙන තරඟකාරීත්වය නිසා reject වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ නිසා designcrowd පොඩ්ඩක් අපේ පැත්තෙනුත් හිතලා place payments, participation payments සහ bonus payments ලබා දෙනවා.
  • Place payments කියන්නේ අපි 2වෙනි හෝ තුන්වෙනි ස්ථානයට පත්වුනොත් අපිට මුළු මුදලෙන් පොඩි කොටසක් ලැබෙනවා. Participation payments කියන්නේ buyer අපි ගැන කලින්ම දැනගෙන අපේ වැඩ හොඳනම් අපිට එවන ආරාධනාවක්. අපිට දිනුවත් නැතත් සහබාගී උනාට පොඩි ගණනක් ලැබෙනවා.
  • Bonus payments කියන්නේ මේ දෙකටම අදාල නැති ඒ උනත් designs වලට සැහෙන මහන්සි වෙලා හොඳ තත්වයෙන් තියෙනවනම් තවත් පොඩි ගණනක් ලැබෙන විදියක්. Project එකේ විස්තර වල දාල තියෙනවා කොහොමද ගෙවීම් වෙන්නේ කියලා.
  • වැඩි විස්තර මෙතනින්.

ගෙවීම්:

  • Designcrowd ඒගොල්ලන්ගේ ගාස්තු විදියට 15% ක් තියා ගන්නවා. අපිට Paypal, Skrill සහ Payoneer හරහා සල්ලි ගෙන්න ගන්න පුලුවන්.

මම මෙතනදී Forex වගේ දේවල් ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද ඒවා කොටස් වෙළඳපොල වගේ risk and return හා බැඳුනු දේවල්. මෙතෙන්දි මම කතා කරන්නේ තමන්ගේ හැකියාවකින් ගන්න ප්‍රයෝජනයක් පිලිබඳව. අවසාන වශයෙන් මේ අලුත් අවුරුද්දේ ඕගොල්ලන්ට හොඳ අමතර අදායමක් ලබන්න මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඉදිරියට තවත් දේවල් දැන ගන්න ලැබුනොත් නැවත හමුවෙමු. ඔබට ජය.


Like it? Share with your friends!

2.5k SHARES
2.5k SHARES

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
2
Lol
OMG OMG
6
OMG
Thanks Thanks
8
Thanks
Cry Cry
1
Cry
Like Like
8
Like
Confused Confused
0
Confused
Dislike Dislike
2
Dislike
Damn Damn
2
Damn

ඔන්ලයින් ජොබ් වලින් ඇත්තටම සල්ලි හොයන ක්‍රම 6ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes