web analytics

2017 වර්ෂයේදී තිරගතවීමට නියමිත සුපිරි හොලිවුඩ් සිනමාපට 30ක්


හොලිවුඩ් ෆිලම්ස්වලට වහ වැටිල ඉන්න ෆිල්ම් පිස්සො අලුතෙන් එන්න තියෙන ෆිල්ම්ස් මොනවද කියල දැනගන්න සෑහෙන උනන්දුයි. සමහර ඒව එනකම් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව. ට්‍රේලර් එක එහෙම දැක්ක ගමන් තීරණය කරනව මේකනම් නියම භාණ්ඩයක් තමයි කියල. හැබැයි ඉතින් අන්තිමට වැඩේ අල වෙන වෙලාවලුත් තියෙනව. වසරකට එක එක විදිහෙ ෆිල්ම්ස් විශාල සංඛ්‍යාවක් හොලිවුඩ්වල නිර්මාණය වෙනව.

අපි අද කියන්න හදන්නෙ ලබන වසරෙ තිරගතවීමට නියමිත ප්‍රධාන ධාරාවේ හොලිවුඩ් ෆිල්ම්ස් 30ක් ගැන.

30. Resident Evil: The Final Chapter (2017)

රෙසිඩන්ට් එවිල් සීරීස් එකේ හයවෙනි ෆිල්ම් එක වගේම අවසාන ෆිල්ම් එක. ඇමෙරිකාවෙ තිරගතවීම ආරම්භ වෙන්නෙ 2017 ජනවාරි 27.
අධ්‍යක්ෂණය – පෝල් ඩබ්. එස්. ඇන්ඩර්සන්
නළු නිළියන් – මිලා යොවවිච්, අලි ලාටර්, ෂෝන් රොබට්ස්, රුබි රෝස්, විලියම් ලෙවි සහ ඉයෙන් ග්ලෙන්.

29. Tulip Fever (2017)

2004 වර්ෂයේදී නිර්මාණය කිරීමට සැලසුම් කළ සිනමාපටයක් වුවත් විවිධ හේතූන් මත කල් ගත වූ සහ තිරගතවීම ප්‍රමාද වූ නිර්මාණයක්. 2017 පෙබරවාරි 24 තිරගතවීම ආරම්භවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – ජස්ටින් චැඩ්වික්
නළු නිළියන් – ඇලීෂියා විකැන්ඩර්, ඩෑන් ඩෙහාන්, සැක් ගැලිෆිනාකස්, ජූඩි ඩෙන්ච්, ක්‍රිස්ටෝෆ් වොල්ට්ස්.

28. Gifted (2017)

2017 අප්‍රේල් 12 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – මාක් වෙබ්
නළු නිළියන් – ක්‍රිස් එවන්ස්, මැකෙන්නා ග්‍රේස්, ඔක්ටේවියා ස්පෙන්සර්, ලින්ඩ්සේ ඩන්කන්, ජෙනී ස්ලේට්.

27. Beauty and the Beast (2017)

බියුටි ඇන්ඩ් ද බීස්ට්. සුප්‍රකට ඩිස්නි සුරංගනා කතාවෙ ලයිව් ඇක්ෂන් රී මේක් එක කිව්වොත් වඩා නිවැරදියි. තිරගතවන දිනය 2017 මාර්තු 17.
අධ්‍යක්ෂණය – බිල් කොන්ඩන්
නළු නිළියන් – එමා වොට්සන්, ඩෑන් ස්ටීවන්ස්, ලූක් එවන්ස්, කෙවින් ක්ලයින්.

26. Despicable Me 3 (2017)

 

despicable-me3

ඔන්න ආයෙමත් මිනියන්ස්ල එනව. එන්නෙ 2017 ජූනි 30.
අධ්‍යක්ෂණය – පියේර් කොෆෙන් සහ කයිල් බල්ඩා
නළු නිළියන් – ස්ටීව් කැරල්, ට්‍රේ පාකර්, ක්‍රිස්ටන් විග්, මිරැණ්ඩා කොස්ග්‍රෝව්, රසල් බ්‍රැන්ඩ්.

25. Weightless (2017)

 

weightless-2017

ටෙරන්ස් මලික් කියන්නෙ ආට් ෆිල්ම්ස් බලන අයටනම් ලේසියෙන් අමතක වෙන්නෙ නැති නමක්. ඔහුගෙ ඊළඟ ෆිල්ම් එක තමයි Weightless. රඟපාන නළු නිළියන් පිරිස දැක්කමත් ඈඬෙනව තනි ඇහැට. තිරගත වෙන්නෙ 2017 මාර්තු 17.
අධ්‍යක්ෂණය – ටෙරන්ස් මලික්
නළු නිළියන් – රයන් ගොස්ලින්ග්, ක්‍රිස්ටියන් බේල්, නැටලී පෝට්මන්, රූනි මාරා, කේට් බ්ලැන්චට්, වැල් කිල්මර්, ක්ලිෆ්ටන් කොලින්ස්, බෙනිෂියෝ ඩෙල් ටෝරෝ, මයිකල් ෆාස්බෙන්ඩර්.

24. Spider-Man: Homecoming (2017)

 

spider-man-homecoming

මේක ගැනනම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. තිරගතවීමට නියමිත   දිනය  2017 ජූලි 7
අධ්‍යක්ෂණය – ජෝන් වොට්ස්
නළු නිළියන් – ටොම් හොලන්ඩ්, මයිකල් කීට්න්, ඩොනල්ඩ් ග්ලොවර්, මරීසා ටොමෙයි, රොබට් ඩව්නි.

23. Transformers: The Last Knight (2017)

 

ට්‍රාන්ස්ෆෝමර්ස් සීරීස් එකේ පස්වෙනි ෆිල්ම් එක. ඒ වගේම මයිකල් බේ අධ්‍යක්ෂණය කරන අන්තිම ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එක. තිරගතවීමට නියමිත දිනය 2017 ජූනි 23.
අධ්‍යක්ෂණය – මයිකල් බේ
නළු නිළියන් – මාක් වෝල්බර්ග්, ඇන්තනී හොප්කින්ස්, ජෝන් ට(ර්)ටුරෝ, ස්ටැන්ලි ටුචී, ටයිරස් ගිබ්සන්.

22. The Mummy (2017)

 

පොඩිකාලෙ බලපු මමී ෆිල්ම් සීරීස් එකේ නැවත පැමිණීම. හැබැයි මේ සැරේ ටොම් කෲස් එක්ක. 2017 ජූනි 9 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – ඇලෙක්ස් කර්ට්ස්මන්
නළු නිළියන් – ටොම් කෲස්, රසල් ක්‍රෝ, සොෆියා බියුටෙලා, ජේක් ජොන්සන්, ඇනබෙල් වෝලිස්.

21. Fast 8 (2017)

 

fast-8-2017

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සීරීස් එකේ අටවෙනිය. මේ සැරේ තවත් අලුත් චරිත කිහිපයකුත් තියෙනව. 2017 අප්‍රේල් 14 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – එෆ්. ගැරී ග්‍රේ
නළු නිළියන් – වින් ඩීසල්, ඩ්වේන් ජොන්සන්, මිචෙල් රොඩ්‍රිගේස්, ජේසන් ස්ටැතම්, කර්ට් රසල්, ටයිරස් ගිබ්සන්, ස්කොට් ඊස්ට්වුඩ්, ලූකස් බ්ලැක්, චාලීස් තෙරන්.

20. Bright (2017)

 

bright-2017

තිරගතවන දවස තවම නිශ්චිත නැතත් 2017දි තිරගතවන බවක් තමයි සඳහන් වෙන්නෙ.
අධ්‍යක්ෂණය – ඩේවිඩ් අයර්
නළු නිළියන් – විල් ස්මිත්, ජොඑල් එඩ්ගර්ටන්, නූමී රැපාස්, එඩ්ගා රමීරෙස්.

19. John Wick: Chapter 2 (2017)

2017 පෙබරවාරි 10 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – චැඩ් ස්ටෙහේල්ස්කි
නළු නිළියන් – කීනු රීව්ස්, බ්‍රිජට් මොයිනහෑන්, කොමන්, ඉයෙන් මැක්ෂේන්, ජෝන් ලෙග්විසාමෝ.

18. Thor: Ragnarok (2017)

 

thor-ragnarok-2017

තවත් සුපර් හීරෝ ෆිල්ම් සීරීස් එහෙක මීළඟ සම්ප්‍රාප්තිය. තිරගතවෙන්නෙ 2017 නොවෙම්බර් 3.
අධ්‍යක්ෂණය – ටයිකා වයිටිටි
නළු නිළියන් – ක්‍රිස් හෙම්ස්වර්ත්, ටොම් හිඩ්ල්ස්ටන්, ඉඩ්‍රිස් එල්බා, කේට් බ්ලැන්චට්, මාක් රෆලෝ, බෙනඩික්ට් කම්බර්බැච්.

17. Kingsman: The Golden Circle (2017)

 

kingsman-the-golden-circle-poster-1

2017 ඔක්තෝබර් 6 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – මැතිව් වෝන්
නළු නිළියන් – ටැරන් එජර්ටන්, ජුලියෑන් මෝ(ර්), හැලී බෙරී, චැනින්ග් ටේටම්, මාක් ස්ට්‍රෝන්ග්, ජෙෆ් බ්‍රිජස්.

16. American Made (2017)

 

tom-cruise-american-made-release-date

2017 සැප්තැම්බර් 29 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – ඩග් ලයිමන්
නළු නිළියන් – ටොම් කෲස්, ඩොනෝල් ග්ලීසන්, ජෙස් ප්ලෙමන්ස්, සාරා ව්‍රයිට්.

15. Alien: Covenant (2017)

 

alien-covenant-2017

සුප්‍රකට ඒලියන් ෆිල්ම් සීරීස් එකේ හයවැන්න. ඒ වගේම අධ්‍යක්ෂණය ඒලියන් මුලින්ම නිර්මාණය කරපු රිඩ්ලි ස්කොට්. ප්‍රොමීතියස් ෆිල්ම් එකේ දෙවන දිගහැරුම. තිරගතවෙන්නෙ 2017 මැයි 19.
අධ්‍යක්ෂණය – රිඩ්ලි ස්කොට්
නළු නිළියන් – මයිකල් ෆාස්බෙන්ඩර්, ගයි පියර්ස්, නූමි රැපාස්, කැතරින් වෝටර්ස්ටන්, ඩැනී මැක්බ්‍රයිඩ්, ඩේමියන් බිෂර්.

14. Wonder Woman (2017)

බොහෝ දෙනෙක් දැනටම දන්න ෆිල්ම් එකක්. 2017 ජූනි 2 තිරගතවීමට නියමිතයි.
අධ්‍යක්ෂණය – ඇලන් හයින්බර්ග්
නළු නිළියන් – ගැල් ගැඩොට්, ක්‍රිස් පයින්, කොනී නීල්සන්, රොබින් ව්‍රයිට්, ඩැනී හූස්ටන්, ඩේවිඩ් තෙව්ලිස්.

13. War for the Planet of the Apes (2017)

 

war-for-the-planet-of-the-apes

2017 ජූලි 14 තිරගතවීමට නියමිත Planet of the Apes මීළඟ ෆිල්ම් එක.
අධ්‍යක්ෂණය – මැට් රීව්ස්
නළු නිළියන් – ඇන්ඩි සර්කිස්, වූඩි හැරල්සන්, ස්ටීව් ශෑන්, ගේබ්‍රියල් චැවරියා, ජූඩි ග්‍රියර්.

12. Guardians of the Galaxy Vol. 2 (2017)

ට්‍රේලර් එක ආවට පස්සෙ ගොඩක් අය එනකම් බලන් ඉන්න ෆිල්ම් එකක්. පළවෙනි එකත් නැගල ගියානෙ. හැබැයි 2017 මැයි 5 වෙනකම් ඉන්න වෙනව.
අධ්‍යක්ෂණය – ජේම්ස් ගන්
නළු නිළියන් – ක්‍රිස් ප්‍රැට්, සෝඊ සැල්ඩානා, ඩේව් බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රැඩ්ලි කූපර්, කර්ට් රසල්.

11. Justice League (2017)

සුපර් මෑන් සීරීස් එකේ අළුත්ම එක. කොමික් ෆෑන්ස්ලනම් සෑහෙන උනන්දුවකින් බලන් ඉන්න ෆිල්ම් එකක්. තිරගතවෙන්නෙ 2017 නොවෙම්බර් 17.
අධ්‍යක්ෂණය – සැක් ස්නයිඩර්
නළු නිළියන් – හෙන්රි කැවිල්, බෙන් ඇෆ්ලෙක්, ගැල් ගැඩොට්, එස්රා මිලර්, ජේසන් මොමෝවා, රේ ෆිෂර්.

10. Logan (2017)

X – Men ෆෑන්ස්ලට තවත් එකක්. හැබැයි හියු ජැක්මන්ව වොල්වරීන් විදිහට දකින්න ලැබෙන අන්තිම වතාව. ට්‍රේලර් එක දැක්කම හිතෙන්නෙ තරමක් හැඟුම්බර කතාවක් වගේ. බලන්න වෙන්නෙ 2017 මාර්තු 3.
අධ්‍යක්ෂණය – ජේම්ස් මැන්ගෝල්ඩ්
නළු නිළියන් – හියු ජැක්මන්, පැට්‍රික් ස්ටුවර්ට්, රිචඩ් ඊ. ග්‍රාන්ට්, බොයිඩ් හොල්බෲක්.

09. Life (2017)

2017 මැයි 26 තිරගතවීමට නියමිත තවත් විද්‍යා ප්‍රබන්ධයක්.
අධ්‍යක්ෂණය – ඩැනියෙල් එස්පිනෝසා
නළු නිළියන් – ජේක් ජිලෙන්හාල්, රයන් රෙනෝල්ඩ්ස්, රෙබෙකා ෆර්ගසන්, හිරොයුකි සනාඩා.

08. King Arthur: Legend of the Sword (2017)

ගයි රිචීගෙ මීළඟ ෆිල්ම් එක. එන්නෙ 2017 මාර්තු 24. ගයි රිචීගෙ ස්ටයිල් එක දන්න අයටනම් ට්‍රේලර් එකෙන්ම පිස්සු හැදෙන්න ඇති.
අධ්‍යක්ෂණය – ගයි රිචී
නළු නිළියන් – චාලී හනම්, ජූඩ් ලෝ, ජයිමන් හොන්සූ, ඇස්ට්‍රිඩ් බ(ර්)ගස් ෆ්‍රිස්බී, එරික් බැනා.

07. Blade Runner 2049 (2017)

 

blade-runner-2049

රිඩ්ලි ස්කොට්ගෙ සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධය වන බ්ලේඩ් රනර් හි දෙවන දිගහැරුම. ඒ වසර 35කට පසු. හැබැයි මෙවර අධ්‍යක්ෂණයනම් රිඩ්ලි ස්කොට්ගෙන් නෙමෙයි. තිරගතවෙන්නෙ 2017 ඔක්තෝබර් 6.
අධ්‍යක්ෂණය – ඩෙනිස් විල්නුවෙෆ්
නළු නිළියන් – හැරිසන් ෆෝඩ්, රයන් ගොස්ලින්ග්, ජාරෙඩ් ලෙටෝ, ඩේව් බැටිස්ටා, රොබින් ව්‍රයිට්.

06. The Dark Tower (2017)

 

the-dark-tower-2017

ස්ටීවන් කින්ග් විසින් රචිත සුප්‍රකට The Dark Tower නවකතාව ඇසුරෙන් නිර්මාණය වන මේ ෆිල්ම් එක ගැනත් බොහෝ දෙනෙක් ඇහැ ගහගෙන ඉන්නෙ. තිරගතවෙන්නෙ 2017 ජූලි 28.
අධ්‍යක්ෂණය – නිකොලො ආර්කල්
නළු නිළියන් – ඉඩ්‍රිස් එල්බා, මැතිව් මැක්කොනහේ, කැතරින් විනික්.

05. Star Wars: Episode VIII (2017)

 

episode-viii

ලූක් ස්කයිවෝකර්ව ආපහු දකින්නනම් 2017 දෙසැම්බර් 15 වෙනකම් ඉන්න වෙනව. හැබැයි ඉතින් හාන් සෝලෝනම් නැහැ.
අධ්‍යක්ෂණය – රයන් ජොන්සන්
නළු නිළියන් – මාක් හැමිල්, කැරී ෆිෂර්, ඇඩම් ඩ්‍රයිවර්, ඩේසි රිඩ්ලි, ජෝන් බොයේගා, ඔස්කා අයිසැක්, ඩොනෝල් ග්ලීසන්, ඇන්ඩි සර්කිස්, බෙනිෂියෝ ඩෙල් ටෝරෝ, ලෝරා ඩර්න්.

04. Kong: Skull Island (2017)

ට්‍රේලර් එකනම් තියෙනව දුම් විසිවෙන්න. ෆිල්ම් එකේ තත්ත්වෙ බලාගන්නනම් 2017 මාර්තු 10 වෙනකම් ඉන්න වෙනව.
අධ්‍යක්ෂණය – ජෝර්ඩ්න් වොග්ට්-රොබට්ස්
නළු නිළියන් – ටොම් හිඩ්ල්ස්ටන්, බ්‍රී ලාසන්, සැමුවෙල් එල්. ජැක්සන්, ජෝන් ගුඩ්මන්, ජෝන් සී. රයිලි.

03. T2: Trainspotting (2017)

ඔන්න ඩැනී බොයිල් අවුරුදු 20කට පස්සෙ Trainspotting දෙවන කොටස ගේනව. Trainspotting මුල් ෆිල්ම් එක බලපු අය මේක එනකම් අවුරුදු 20 ක් හිටියෙ දෙවෙනි කොටස එන එකක් නැද්ද කියලවත් ෂුවර් නැතුව. තිරගත වෙන්නෙ 2017 මාර්තු 10.
අධ්‍යක්ෂණය – ඩැනී බොයිල්
නළු නිළියන් – ඊවන් මැක්ග්‍රෙගර්, ඊවන් බ්‍රෙම්නර්, රොබට් කාලයිල්, ජොනී ලී මිලර්, කෙලී මැක්ඩොනල්ඩ්.

02. Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017)

ලංකාවෙනම් හුඟක් අය බලන් ඉන්නෙ මේක එනකම්. වෙන මොකටවත් නෙමෙයි ජොනී ඩෙප්ගෙන් කැප්ටන් ජැක් ස්පැරෝව තව පාරක් දැකගන්න. තිරගත වෙන්නෙ 2017 මැයි 26.
අධ්‍යක්ෂණය – හෝකිම් රොනින්ග්, එස්පන් සෑන්ඩ්බර්ග්
නළු නිළියන් – ජොනී ඩෙප්, හැවියර් බාර්ඩෙම්, ජෙෆ්රි රෂ්, ඕලන්ඩෝ බ්ලූම්.

01. Dunkirk (2017)

ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ ෆිල්ම් එකක් කිව්වොත් ඉතින් තවත් මොනවද. හුඟ දෙනෙක් බලාගෙන ඉන්න නෝලන්ගෙ දෙවන ලෝක සංග්‍රාම ෆිල්ම් එක තමයි Dunkirk. තිරගත වෙන්නෙ 2017 ජූලි 21.
අධ්‍යක්ෂණය – ක්‍රිස්ටෝපර් නෝලන්
නළු නිළියන් – ටොම් හාඩි, කිලියන් මර්ෆි, මාක් රයිලන්ස්, කෙනත් බ්‍රැනා.

මූලාශ්‍ර අන්තර්ජාලයෙන්.


Like it? Share with your friends!

1.7k SHARES
1.7k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

2017 වර්ෂයේදී තිරගතවීමට නියමිත සුපිරි හොලිවුඩ් සිනමාපට 30ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Personality quiz
Trivia quiz
Poll
Story
List
Video
Audio
Image