වෙනස්ම රසයකට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් පාස්තා වර්ග 3ක්.


පාස්තා කියන්නේ මොනවද, කියලනම් ඔයාලා දන්නවනේ. අර සුදු පාට , බට කෑලි වගේ තියෙන්නේ . ලස්සන ලස්සන හැඩ වලටත්  දැන් තියෙනවා .

ඉතිං, අපි අද බලමු ,පාස්තා වලින් හදන්න පුළුවන් රසම රස කෑම වර්ග මොනවද කියලා . කියවලා බලලා ඔයාලත් ගෙදරදි උත්සාහ කරලා බලන්න.

01.පාස්තා පයි

පාස්තා පයි, හදා ගන්න නම් මුලින්ම පැකට් එකේ තියෙන විදියටම පාස්තා ටික තම්බ ගන්න ඕන. නැත්තම් තැම්බේදි එක පොදියකට වගේ උනොත් වැඩේ ටිකක් අමාරුයි.

දැන් මේ කියලා දෙන්න යන්නෙ එහෙම තම්බා ගත්ත පස්තා ටික ඇතුලට මිශ්‍රණයක් දාලා, ලස්සනට අහුරලා, බේක් කරලා , නිකන් කේක් එකක් වගේ පාස්තා පයි එකක් හදාගන්නේ කොහොමද කියලා. අමුතුම කෑමක්. ඒ වගේම ගොඩක් රසයි.

⭕️ අවශ්‍ය දේවල්:

◀️ඔලිව් තෙල් මේස හැදි 2 – 3ක්.

◀️අඹරපු මස් 500g (කැමති මස් වර්ගයක්)

◀️සෝයා සෝස් තේ හැදි 1 ½

◀️චොප් කර ගත් රට ලූණු ගෙඩි 1

◀️තලා ගත් ඉඟුරු තේ හැදි ½ ක් පමණ

◀️තලා ගත් සුදුලූණු බික් 3 – 4ක්

◀️ගම්මිරිස් කුඩු (රස අනුව)

◀️කෑලි මිරිස් (රස අනුව)

◀️ලුණු (රස අනුව)

◀️තක්කාලි පේස්ට් ටින් 1

◀️වතුර අඬු කෝප්ප 1 ½ ක් පමණ

◀️රිගතෝනි පස්තා (Rigatoni Pasta) 500g (රිගතෝනි පාස්තා කියන්නේ, සිලින්ඩර හැඩේ තියෙන පාස්තා වර්ගයක් ගැන )

◀️ගා ගත් පාමසන් චීස් කප් 1 ½

◀️ගා ගත් මොසරැල්ලා චීස් කප් 1 – 2ක්

 

⭕️ සාදා ගන්නා ආකාරය:

 

◀️මුලින්ම පෑන් එකකට ඔලිව් තෙල් දා ගෙන රත් වෙන්න තියන්න.

◀️තෙල් රත් වුණාට පස්සේ ඒකට චොප් කරපු ලූණු ටික දා ගෙන ටිකක් මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න.

◀️පස්සේ ඒකටම තලා ගත්ත ඉඟුරුයි, සුදුලූණුයි දා ගෙන යන්තමින් තෙම්පරාදු කර ගන්න.

◀️දැන් ඒකටම අඹරපු මස් ටිකත් එක්ක සෝයා සෝස් ටික දා ගෙන විනාඩි 5ක් විතර පියනකින් වහ ගෙන තෙම්පරාදු වෙන්න දෙන්න. (අඩිය අල්ලන්න පුළුවන් නිසා සැරින් සැරේ හැදි ගාන්න.)

◀️ඊට පස්සේ තක්කලි පේස්ට් ටින් එකත් එක්ක වතුර ටික ඒකටම එකතු කරලා හොදට කලවම් කර ගන්න.

◀️දැන් රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් දා ගෙන විනාඩි 15 – 20 ක් විතර දියර ගතිය අඩු වෙලා ටිකක් ඝනකම් වෙලා මස් ටික හොදට තැම්බෙනකන් උයා ගෙන ලිපෙන් බා ගන්න.

◀️ඒ අතරතුරේ නටන උණු වතුරට තෙල් ටිකකුයි, ලුණු ටිකකුයි, දාලා පාස්තා ටික එකතු කරන් තම්බ ගන්න ඕනේ.

◀️පස්සේ තම්බ ගත්ත පාස්තා ටික ඇල් වතුරෙන් යන්තමින් හෝද ගෙන වතුර පෙරලා භාජනයකට දා ගන්න.

◀️දැන් තම්බපු පාස්තා වලට ගා ගත්ත පාමසන් චීස් ටික එකතු කරලා හොදට කලවම් කර ගන්න.

◀️පස්සේ අඟල් 9 වගේ ප්‍රාමණයේ කේක් ටින් එකකට බටර් ටිකක් ගා ගෙන ලෑස්ති කර ගන්න.

◀️ඊට පස්සේ පාස්තා ටික උඩු අතට හිටින්න පිළිවෙලට කේක් ටින් එකේ අතුර ගන්න ඕනේ.

◀️පාස්තා ඇතුළට හොදට කා වදින විදියට දා ගන්න. (ඕන නම් පොඩි කූරක් වගේ දෙයකින් මස් ටික ඇතුළට එබෙන විදියට තද කර ගන්න පුළුවන්.)

◀️අන්තිමට කලින් 200°C / 400°F රත් කර ගත්ත අවන් එකක විනාඩි 15ක් මේ පාස්තා පයි එක බේක් කර ගෙන අවන් එකෙන් එළියට අරන් මොසරැල්ලා චීස් උඩින් දා ගෙන ආපහු විනාඩි 10ක් විතර චීස් ටික දිය වෙලා උඩින් බුබුළු දාලා දුඹුරු පැහැ වෙනකන් බේක් කර ගන්න ඕනේ.

 02.වයිට් සෝස් පාස්තා

 

⭕️අවශ්‍ය දේවල්:

 

◀️තම්බා ගත් පාස්තා 400g (කැමති හැඩයකින්)

◀️පාන් පිටි 40g

◀️නැවුම් කිරි ( 500ml

◀️බටර් මේස හැදි 3-4ක්

◀️ස්විස් චීස්  150g

◀️හැපී කව් චීස් කෑලි 4-5ක්

◀️චෙඩර් චීස්  100g

◀️ලුණු (රස අනුව)

◀️ගම්මිරිස් කුඩු (රස අනුව)

◀️චොප් කර ගත් කොත්තමල්ලි කොළ ටිකක්

 

⭕️සාදා ගන්නා ආකාරය:

 

◀️මුලින්ම භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා ගෙන එයට බටර් ටික දමා ගන්න.

◀️බටර් හොඳින් දිය වූ පසුව එයට පාන් පිටි ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.

◀️පසුව ගින්දර අඩු කර එයට නැවුම් කිරි එක් කර ගෙන කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගාමින් අඩු ගින්දරේ කලවම් කරන්න.

◀️ඉන් අසුව චීස් වර්ග සියල්ල එකතු කර චීස් හොඳින් දිය වන තුරු පිස ගන්න.

◀️චීස් සෝස් එක නටා ගෙන එන විට එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර ලිපෙන් බා ගන්න.

◀️දැන් තම්බා ගත් පාස්තා වලට චීස් සෝස් එක දමා කලවම් කර ගන්න. නැතහොත් තම්බා ගත් පාස්තා උඩින් චීස් සෝ එක දමා ගන්න.

◀️අවසානයේ දී එයට උඩින් චොප් කර ගත් කොත්තමල්ලි කොළ ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.

 

03.චීස් පාස්තා

 

⭕️අවශ්‍ය දේවල්:

 

◀️පාස්තා 250g

◀️හතු කප් 1 (කපාගත්)

◀️තක්කාලි ගෙඩි 1 (පොඩියට කපාගත්)

◀️තක්කාලි යුෂ කප් 1 (තම්බා පොඩි කරගත්)

◀️තක්කාලි සෝස් කප් 1/2

◀️ලූනු ගෙඩි 1 (පොඩියට කපාගත්)

◀️බෙල් පෙපර්ස් කප් 1/2 (පොඩියට කපාගත්)

◀️ක්‍රීම් චීස් කප් 1/2 (ක්‍රීම් චීස් වෙජස් 6ක්)

◀️මොසරැල්ලා චීස් කප් 1 (පොඩියට ඉරා ගත්)

◀️බටර් මේස හැන්දක්

◀️ලුණු තේ හැන්දක්

◀️සීනි තේ හැන්දක්

◀️ගම්මිරිස් තෙ හැඳි 1/2

◀️කෑලි මිරිස් තෙ හැඳි 1/2

◀️මිරිස් කුඩු තේ හැඳි 1/2

 

⭕️සාදාගන්නා ආකාරය

 

◀️මුලින්ම තක්කාලි යුෂ ටික හදාගන්න ඕනෙ,

◀️උතුරන වතුර කෝප්ප දෙකකට ලුණු තේ හැඳි බාගයක් දමන්න.

◀️තක්කාලි ගෙඩි 2ක් දමා විනාඩි 10ක් තැම්බෙන්න හරින්න.

◀️තැම්බුනු තක්කාලි සිසිල් වෙන්න තබා පොතු ගලවන්න.

◀️පොතු ගැලවූ තක්කාලි බ්ලෙන්ඩරයේ දමා හෝ අතින් හොඳින් පොඩිකරගන්න.

 

⭕️ පාස්තා සෝස් එක හදා ගන්න විදිය

 

◀️ලොකු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.

◀️එයට ලූනු සහ බෙල් පෙපර්ස් එකතු කර හැන්දෙන් හොඳින් එහා මෙහා කරමින් විනාඩියක් පමණ බදින්න.

◀️එයට හතු එක් කර තවත් විනාඩියක් බැදගන්න.

◀️එයට ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් සහ මිරිස් කුඩු එකතු කරන්න.

◀️ඉන්පසු තක්කාලි, තක්කාලි යුෂ සහ තක්කාලි සෝස් එකතු කරන්න.

◀️ඒ සමඟම එයට සීනි එකතු කරන්න.

◀️මිශ්‍රණය හොඳින් කලවම් කරමින් පාස්තා සෝස් එක විනාඩි 2,3ක් පිසගන්න.

◀️දැන් තම්බාගත් පාස්තා එකතු කර හොඳින් කළවම් කරන්න.

◀️අවසානයේ ක්‍රීම් චීස් එකතුකර හොඳින් කළවම් කරගන්න.

◀️අන්තිමට දැන් තියෙන්නෙ පාස්තා ටික බේක් කරගන්න,

◀️අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 200ක් (ෆැරන්හයිඩ් 400ක්) ලෙස සකස් කරන්න.

◀️බේකින් තැටියකට බේකින් ශීට් එකක් දාන්න (නැතිනම් වැඩියෙන් බටර් ටිකක් ගාන්න).

◀️සාදාගත් පාස්තා බේකින් තැටියට දාන්න.

◀️පාස්තා වැහෙන්න මොසරෙල්ලා චීස් එයට උඩින් අතුරන්න.

◀️දැන් අවන් එක අවශ්‍ය පමණට රත් වෙලා තියන නිසා තැටිය අවන් එකට දමා විනාඩි 10ක් බේක් කරගන්න. ඔච්චරයි! වැඩේ ඉවරයි!

 

❤️ගෙදර ඉන්න ගමන් පොඩි ට්‍රයි එකක් දිලා බලන්න .හැමදාම එකම විදියට කාලා එපා වෙලත් ඇති නේහ්. වැඩට ගිහින් එද්දි හස්බන්ඩ්ව සප්‍රයිස් කරන්න .ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න නම් කදිමයි. ❤️


Like it? Share with your friends!

26 SHARES
26 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වෙනස්ම රසයකට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් පාස්තා වර්ග 3ක්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes