ඇමෙරිකන් මැතිවරණ පසුබිම් කරගත් සිනමාපට 12ක්


ඇමෙරිකාවෙ විතරක් නෙමෙයි සමස්ථ ලෝකයේම ඇස් මේ දවස්වල යොමුවෙලා තියෙන්නෙ ඇමෙරිකානු ජනාධිපතිවරණය දෙසට. ඇමෙරිකානු ජනාධිපතිවරණය කියන්නෙ ලෝක දේශපාලනයේ දිශානතිය තීරණය කරන ප්‍රබල සාධකයක්. මේ හින්දම තමයි ඇමෙරිකානුවන්ටත් වඩා සෙසු රටවල් මේ ගැන උනන්දු. ඇත්තටම කවුරු දිනයිද? එක පැත්තකින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්. අනෙක් පැත්තෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්. තරඟය ඉතාම උණුසුම්. දැනට තියෙන අලුත්ම තොරතුරු අ… හෝව් හෝව් හෝව්. ඔය ඇති.

ඇත්තටම අපි මේ කියන්නෙ ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන නෙමෙයි. ඊට වඩා රසවත් දෙයක්. ඒ තමයි ඇමෙරිකානු මැතිවරණ පසුබිම් කරගෙන නිර්මාණය කෙරුන විවිධාකාරයේ සිනමාපට කිහිපයක් ගැන. ඇතැම් සිනමාපට ප්‍රබන්ධ වෙද්දි ඇතැම් ඒව සත්‍ය සිදුවීම් ඔස්සේ නිර්මාණය වූ සිනමාපට. ඒ වගේම මේ හැම එකක්ම ජනාධිපතිවරණ ආශ්‍රිතවම නිර්මාණය වූ ඒවා නොවන වගත්, ඇතැම්විට ප්‍රධාන කතා තේමාව මැතිවරණය නොවන බවත් සඳහන් කළ යුතුයි.

12. The Campaign (2012)

The Campaign (2012)

මේක කොමඩි ෆිල්ම් එකක්. කොහොමත් වෙලාවකට ඡන්ද ව්‍යාපාර කියන්නෙත් තනිකරම විහිළුනෙ. මේකත් ඊට දෙවෙනි නෑ. පස්වෙනි වතාවටත් ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරඟ බිමට පිවිසෙන ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක් සහ අහක ඉඳල ඇදල ගත්තු නවක රිපබ්ලිකන් අපේක්ෂකය අතර ඇතිවන ඡන්ද සටන තමයි මේ ෆිල්ම් එක පුරාම තියෙන්නෙ. ජේ රෝච් අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිත නිරූපණය විල් ෆෙරල් සමඟ සැක් ගැලිෆිනාකස්.

11. Bob Roberts (1992)

Bob Roberts (1992)

ටිම් රොබින්ස් කියන්නෙ ඇකඩමි සම්මාන දිනූ රංගන ශිල්පියෙක්. The Shawshank Redemption (1994) බලපු අයටනම් ඔහු අමුත්තෙක් නෙමෙයි. රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂණයට පිවිසෙන්නෙ මෙන්න මේ Bob Roberts කියන සිනමාපටයෙන්. ගායන ශිල්පියෙක් පසුව දූශීත දේශපාලකයෙක් බවට පත්ව වංචාවෙන් පිරුණු ඡන්ද ව්‍යාපාරයක් මෙහෙයවූ ආකාරය මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.

10. Meet John Doe (1941)

Meet John Doe (1941)

සෑහෙන පරණ කලු සුදු ෆිල්ම් එකක්. හැබැයි එහෙම කියල රසයෙනම් කිසිම වෙනසක් නෑ. ජෝන් ඩෝ කියන නමින් පෙනී සිටින පුද්ගලයෙකු පුවත්පතකට යවන ලිපියක් හින්ද සිද්ද වෙන කලබගෑනියක් තමයි මේ කතාවට මුල පුරන්නෙ. සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් වන ෆ්‍රෑන්ක් කැප්රා විසින් නිර්මාණය කළ මෙම සිනමාපටයෙහි ප්‍රධාන චරිත නිරූපණය තවත් සම්මානනීය දෙපළක් වූ ගැරී කූපර් සහ බාබරා ස්ටැන්වික් විසිනි.

09. The Ides of March (2011)

The Ides of March (2011)

ඡන්ද ව්‍යාපාරවල යටින් යන ගනුදෙනු වෙන්නෙ මෙහෙ විතරක් නෙමෙයි. එහෙත් එහෙමයි. මෙන්න මේ දූෂිත මැතිවරණ ව්‍යාපාර ගැන කියවෙන ඉතාම හොඳ දේශපාලනික සිනමා නිර්මාණයක් තමයි The Ides of March. මෙහි අධ්‍යක්ෂණය ජෝජ් ක්ලූනි. අධ්‍යක්ෂණයට අමතරව මෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙසත් ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අතර සෙසු චරිත සඳහා රයන් ගොස්ලින්ග්, පිලිප් සිමොර් හොෆ්මන්, මරීසා තොමෙයි, පෝල් ජියාමාටි දායක වී තිබෙනව.

08. The American President (1995)

The American President

දේශපාලනයෙ නිතර දකින කර්කශ ස්වභාවයෙන් මිදිල ජීවිතය ගැන කතා කරන ආදරණීය සිනමාපටයක්. ජනාධිපතිවරු, දේශපාලනඥයො කියන්නෙ මිනිස්සු නෙමෙයිද? ඔවුන්ට ආදරේ කරන්න බැරිද? රොබ් රෙයිනර් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ තියෙන්නෙ දේපාලන හුටපට අස්සෙ සුන්දර කාන්තාවකට පෙම් බඳින ජනාධිපතිවරයෙක් ගැන කතාවක්. මෙහි ප්‍රධාන රඟපෑම් මයිකල් ඩග්ලස් සමඟ ඇනෙට් බෙනින්ග්.

07. Primary Colors (1998)

Primary Colors (1998)

1992 බිල් ක්ලින්ටන්ගෙ පළමු ජනාධිපතිවරණ ව්‍යාපාරය ආශ්‍රය කරගෙන නිර්නාමික රචකයෙක් විසින් ප්‍රබන්ධ නවකතාවක් ලියනව Primary Colors: A Novel of Politics නමින්. පස්සෙ කාලෙක මේ නවකතාව පදනම් කරගෙන මයික් නිකොල්ස් ෆිල්ම් එකක් හදනව. ඒක තමයි මේක. මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලැබෙන කතාවක්. මෙහි රඟපෑම් ජෝන් ට්‍රැවෝල්ටා, එමා තොම්සන්, ඒඩ්‍රියන් ලෙස්ටර් සමඟ බිලී බොබ් තෝර්න්ටන්.

06. Milk (2008)

 Milk (2008)

මිල්ක් කොහොමද මැතිවරණ ෆිල්ම් එකක් වෙන්නෙ? එකපාරටම එහෙම හිතෙයි. ඒ මේ ෆිල්ම් එකේ ප්‍රධාන මාතෘකාව එහෙම එකක් නොවන නිසා. ගස් වෑන් සෑන්ට් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිත කාලෙම සටන් වැදුනු ඒ වෙනුවෙන් දේශපාලනයට පිවිසි හාවි මිල්ක් ගේ ජීවිත කතාව ඇසුරෙන්. මෙහි අතිවිශිෂ්ට රන්ගනය උදෙසා ශෝන් පෙන් ඇකඩමි සම්මානය හිමිකරගනු ලබනව. මෙය සමලිංගකයින් කෙරෙහි ඔබ දැක්වූ ආකල්ප වෙනස් කිරීමට සමත් සිනමාපටයක් ලෙසත් හඳුන්වන්න පුලුවන්.

05. The Last Hurrah (1958)

The Last Hurrah (1958)

එඩ්වින් ඔ’කොනර් විසින් රචිත The Last Hurrah නවකතාව ආශ්‍රයෙන් තමයි මේ සිනමා නිර්මාණය ජෝන් ෆෝඩ් විසින් අධ්‍යක්ෂණය කරන්නෙ. මේකත් කොමඩි ෆිල්ම් එකක්. ඇමෙරිකානු නගරයක නගරාධිපති ලෙස සිව් වතාවක්ම ජයගත් එහි නගරාධිපතිවරයා අවසන් වතාවටත් ගේමට බහින හැටි තමයි මේකෙ තියෙන්නෙ. මෙහි වයස්ගත නගරාධිපතිවරයා ලෙස චරිත නිරූපණයෙන් දායක වෙන්නෙ තවත් හොලිවුඩ් දැවැන්තයෙක් වූ ස්පෙන්සර් ට්‍රේසි.

04. The Candidate (1972)

The Candidate

ඡන්දයක් දිනනව තියා ඡන්දෙකට හීනෙන්වත් ඉදිරිපත්වෙන්න අදහසක් නොතිබුනු චරිතයක් කැලිෆෝනියාවෙන් ඩිමොක්‍රටික් අපේක්ෂකය විදියට සෙනෙට් එකට තරඟ කරන්න තෝරගත්තම කොහොමද? උස්සල පොලවෙ ගැහුව වගේ. හැබැයි මේ කතාව හොඳම තිර රචනයට හිමි ඇකඩමි සම්මානය දිනාගන්නව. ප්‍රභල දේශපාලනික කොමඩියක්. මයිකල් රිචී අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය රොබට් රෙඩ්ෆෝඩ් සමඟ පීටර් බොයිල්.

03. Wag the Dog (1997)

Wag the Dog (1997)

ඩස්ටින් හොෆ්මන්, රොබට් ඩි නීරෝ. ඔය නම් දෙක විතරක් හොඳටම ඇති මේ ෆිල්ම් එක බලන්න. ෆිල්ම් පිස්සන්ටනම් කවුද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. බැරී ලෙවින්සන් අධ්‍යක්ෂණය කරපු මේ සිනමාපටය ඇකඩමි සම්මාන දෙකකට නිර්දේශ වෙනව. ඡන්දෙ දවසට සතියකට දෙහෙකට කලින් ජනාධිපතිවරයට සිද්ධවෙන හුටපටයක් නිසා ඇතිවෙන අපවාදයෙන් බේරගන්න තමයි ඔය උඩින් කියපු මහත්තුරු දෙන්න ඇවිත් මේ ජන්ද ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නෙ. ලස්සනම වැඩේ කියන්නෙ ෆිල්ම් එක රිලීස් වෙලා මාසෙකට පස්සෙ තමයි මොනිකා – ක්ලින්ටන් හුටපටේ පත්තු වෙන්නෙත්.

02. All the King’s Men (1949)

All the King's Men

මේ තියෙන්නෙ 1949 හොඳම සිනමාපටයට හිමි ඇකඩමි සම්මානය දිනාගත්ත නිර්මාණය. ඒ විතරක් නෙමෙයි මෙහි රඟපෑම වෙනුවෙන් බ්‍රෝඩරික් ක්‍රෝෆඩ් හොඳම නළුවාට හිමි සම්මානයත් දිනාගනු ලබනව. රොබට් පෙන් වොරන් විසින් රචිත පුලිට්සර් සම්මානය හිමිකරගත් All the King’s Men නවකතාව ආශ්‍රයෙන් තමයි මේ සිනමාපටය නිර්මාණය වෙන්නෙ. පුලිට්සර් සම්මානය හිමිකරගත් නවකතාවක් ආශ්‍රයෙන් හොඳම සිනමාපටයට හිමි ඇකඩමි සම්මානය දිනාගත්ත සිනමාපටයක් බිහිවූ දුර්ලභ අවස්ථා දෙකෙන් එකක් තමයි මේ. දූෂිත දේශපාලඥයෙකුගේ නැගීම සහ වැටීම නිරූපණය වූ මෙම සිනමාපටය රොබට් රොසෙන් ගේ අධ්‍යක්ෂණයක්.

01. The Manchurian Candidate (1962)

The Manchurian Candidate (1962)

මේක නියම ත්‍රිලර් ෆිල්ම් එකක්. මැතිවරණ ව්‍යාපාරයක් පිළිබඳව ලොකු කතාවක් මේකෙ නැතත් මේ ෆිල්ම් එකේ යන කතාව පසුබිමින් තියන්නෙ මැතිවරණ හා සම්බන්ධ සිදුවීම් හා චරිත. කොරියානු යුද්ධයේදී යුධ සිරකරුවෙකු බවට පත්වෙන ඇමෙරිකානු දක්ෂිණාංශික දේශපාලන පවුලක පුත්‍රයෙකු කොමියුනිස්ට් මොළ සේදීමකට ලක්ව නොදැනුවත්වම ඝාතකයෙක් බවට පත්වන ආකාරය මෙහි මතුපිටින් දිවෙන කතාවයි. රිචඩ් කොන්ඩන් විසින් රචිත The Manchurian Candidate නවකතාව ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කරන්නෙ ජෝන් ෆ්‍රෑන්කන්හයිමර්. ඇකඩමි සම්මාන දෙකකට නිර්දේශ වූ මෙහි ප්‍රධාන චරිත නිරූපණය ෆ්‍රෑන්ක් සිනාට්‍රා, ලෝරන්ස් හාවි සහ ජැනට් ලී. 2004 වර්ෂයේදී මෙය ප්‍රතිනිර්මාණය වෙනව.

මේ සිනමා නිර්මාණවලට අමතරව තවත් සිනමාපට කිහිපයක්ම දැකගත හැකියි. ඊට අමතරව විවිධාකාරයේ වාර්තා චිත්‍රපටද ඇමෙරිකානු මැතිවරණ පසුබිම්කරගෙන නිර්මාණය වී තිබෙනව.

වැඩිදුර තොරතුරු සඳහා මූලාශ්‍ර අන්තර්ජාලයෙන්.


Like it? Share with your friends!

1.2k SHARES
1.2k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඇමෙරිකන් මැතිවරණ පසුබිම් කරගත් සිනමාපට 12ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes