කෝපි භාෂාව


ලෝකය පුරා දිනකට සාමාන්‍ය කෝපි කෝප්ප 2,250,000,000 (බිලියන 2.25) ක ප්‍රමාණයක් අලෙවි වන බව ඔබ දන්නවාද? විශ්වාස කරන්නත් අමාරුයි නේද?

ඉතින් මේ ලිපිය කියවන කිසිම කෙනෙක් කෝපි පානය නොකරපු ⁣අයෙක් වෙයි කියලනම් විශ්වාස කරන්න අමාරුයි. ඒක නිසා කෝපි ගැන අමුතුවෙන් කියන්න තියෙන්නෙ මොනවද නේද?

හැබැයි මේ කියන්න යන්නේ අපි නිවසේදී සාදා ගන්නා සාමාන්‍ය කොපි කෝප්පයට එහා ගිය “කෝපි කලාව” ගැනයි. එහෙමත් නැත්නම් ⁣ලෝ ප්‍රකට කෝපි වර්ග කිහිපයක් ගැනයි. ලිපිය කියවලා ඉවර වෙනකොට නම් කෝපි වලට ම ආවේණික කෝපි භාෂාවක් තියෙනවා කියලා ඔයාලටම හිතෙයි.

මේ වචන සිංහලෙන් ලියන කොට නියම ශබ්දය වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ඉංග්‍රීසියෙන්ම ලියන්නම්.

මේ වචන ශබ්ද කරන ආකාරය ලිපිය අවසානයේ දක්වා තිබෙනවා.

මේවා ශබ්ද කරන ආකාරය පිලිබදව ඔබ දැනුවත් වෙන්න. මේ නම් බොහොමයක් ඉංග්‍රීසි භාෂාවේ වචන නොවන නිසා ශබ්ද රටාවන් තරමක් වෙනස්.

1. Espresso

Image: weknowyourdreams.com

Espresso මැෂින් එකක් භාවිතයෙන් වියළි කෝපි ඇට අධික පීඩනයකට ලක් කර, ඒ හරහා හුමාලය ගමන් කරවීමෙන් සාදා ගන්නා කලු පැහැති කෝපි පානය Espresso ලෙස හදුන්වනවා. නියම ප්‍රමිතියෙන් යුතු Espresso කෝප්පයක මතු පිට රත්‍රං-දුඹුරු පැහැයට හුරු ක්‍රීම් තට්ටුවක් දැක ගත හැකියි.

මෙයද, Short Black Espresso හා Double Espresso ලෙස දෙආකාරයකින් ලබා ගත හැක.

Short Black Espresso

Image: latteartguide.com

Double Espresso

Image: dionnelee.com

මේ සාමාන්‍ය Espresso කෝප්පයට රත් කරගත් කිරි ( steamed milk) එක් කර ගත් විට හැදින්වෙන්නේ Espresso Macchiato යන නමින්. එය වඩාත් රසවත්.

2. Cappuccino

Image: www.soscaffe.it

කෝපි පානයට කැමැති වැඩි දෙනෙකු අතර ඉහළ කැමැත්තක් ඇත්තේ Cappuccino කෝප්පයකටයි.

ඒ නිසාම ඕනෑම කෝපි හලක Cappuccino කෝප්පයක් නම් නැතිවෙන්නෙම නෑ.

Cappuccino හි විවිධ ප්‍රභේද තිබුණත් නියම Cappuccino කෝපි පානය කියන්නේ Espresso, රත් කළ කිරි (steamed milk) හා කිරි පෙණ ( milk froth) යන 3 හි එකතුවක්.

Cappuccino හි රසවත් බව නිසාම මෙය අතුරුපසක් ලෙස ගැනීමටත් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා.

3. Americano

Image: fafitsake.com

Americano යනු මුලින් සදහන් කළ Espresso කෝප්පයකට උණු වතුර යොදා වඩා තනුක කර ගත් විට ලැබෙන පානයයි.

තේරෙනවා නේද, පොඩ්ඩක් හරි සම්මත ප්‍රමාණයන් වෙනස් වුනොත් කෝපි කෝප්පය හදුන්වන නමත් වෙනස් වෙනවා. සමහර විටක ඔබ Espresso කෝප්පයක් යැයි සිතා පානය කරන්නේ Americano කෝප්පයක් වන්නටත් පුලුවන්.

4. Caffe Latte

Image: attibassicafe.com

Espresso එකක් සමග කිරි(Steamed Milk) 1:3 අනුපාතයට මිශ්‍ර කළ විට ලැබෙන්නේ Caffe Latte පානයකි.

මේ සමග පැණි රසැති බිස්කට් වර්ගයක් හෝ ස්පොන්ජ් ආහාරයට ගැනීමෙන් Caffe Latte කෝප්පය තවත් රසවත් කර ගත හැක.

5. Caf au Lait

Image: blog.lacolombe.com

පැසවා ගත් කෝපි- Brewed Coffee (Espresso නොවේ) සමග කිරි 1:1 අනුපාතයට ම්ශ්‍ර කර ගැනීමෙන් Caf au Lait පානයක් සකස් කර ගත හැක.

Caffe Latte පානයේම ඊට පෙර අවස්ථාවක් ලෙස මෙය හදුන්වා දීමට පුලුවන්.

6. Caffè mocha (Mochachino)

Image: http://www.caffecoffea.com

Cappuccino හෝ Caffe Latte වලට චොකලට් සිරප් හෝ චොකලට් පවුඩර් එක් කළ විට ඔබට Caf Mocha නැතිනම් Mochachino හි රස බැලීමට පුලුවන්.

7. Caramel Macchiato

Image: http://www.starbucks.com

Espresso, කැරමල් හා පෙන ගැන්වූ කිරි (foamed milk) මිශ්‍රණයක් යනු Caramel Macchiato පානයකි. මෙය තවත් රස ගැන්වීමට වැනිලා ස්වල්පයක් එක් කිරීම බොහෝ කෝපි අවන්හල් වල සිදු කරනවා.

ඉතින් මේ ලිපියෙන් විස්තර කළේ මූලික හා ප්‍රකට කෝපි වර්ග කීපයක් ගැන විතරයි. ⁣මේ කීපයත් ⁣යොදන ද්‍රව්‍ය වල ප්‍රමාණ මත තවත් වර්ග වලට බෙදා දක්වන්න පුලුවන්. ඒ කිව්වේ මේ නම් වලටම තව පොඩි පොඩි වචන එකතු වෙනවා. කෝපි කෝප්පයත් තව රසවත් වෙනවා.

කොහොම වුනත් ඡායාරූපත් එක්කම දාලා තියෙන නිසා බොහොම විශ්වාසයෙන් රසවත් කෝපි කෝප්පයක රස බලන්න දැන් පුලුවන්.

කොළඹ අවට මේ කිව්ව රසවත් කෝපි කෝප්පයක් බොන්න පුලුවන් ⁣හොදම තැන් ගැනත් ඉදිරි ලිපියකින් විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඔයාලත් දන්න “කෝපි කතා” වගේම හොඳ “Café bars” තියෙනවනම් අපිටත් කියන්න.

1. Espresso

2. Cappuccino

3. Americano

4. Caffe Latte

5. Caf au Lait

6. Caffè mocha (Mochachino)

7. Caramel Macchiato

තොරතුරු මූලාශ්‍ර : අන්තර්ජාලය ඇසුරෙනි.


Like it? Share with your friends!

198 SHARES
198 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කෝපි භාෂාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes