web analytics

ලෝකයේ පිරිමින් අතර ජනප්‍රියතම ඩෙනිම් 10ක්.


ජීවිතේටම එක සැරයක් හරි ඩෙනිම් කලිසමක් ඇඳපු නැති කොල්ලෙක් එහෙම ඉන්නවද? ඉන්දියන් සාගරේට වැටුනු රුපියලේ කාසියක් හොයනව ඊට වැඩිය ලේසියි. ඇත්තටම ඩෙනිම් ඇඳපු නැති කොල්ලො නැතුවම නෙමෙයි. නමුත් අපි කියන්න උත්සාහ කළේ ඩෙනිම කොච්චර ජනප්‍රියද කියන එක ගැනයි. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ හැම රටකම වගේ ඩෙනිමට තියෙන තත්ත්වය ඕක තමයි. ඇයි ඩෙනිම් කලිසම මෙච්චරටම ජනප්‍රිය?

වයස් බේදයකින් තොරව ඩෙනිම මෙච්චරටම මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න හේතු එකක් දෙකක් නෙමෙයි ගොඩක් තියෙනව. ප්‍රධානම හේතුවක් තමයි සවි ශක්තිය හා කල්පැවැත්ම. රළු භාවිතාවන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙනව. කොටින්ම කිව්වොත් අවුරුදු ගානක් යනකම් පට්ට ගහන්න පුලුවන්. ඒ වගේම ඩෙනිම් කලිසම් කියන්නෙ වයසට යන්නෙ නැති විලාසිතාවක්. ඩෙනිමට වයස් බේදයක් නෑ, ලිංග බේදයක් නෑ, දේශ සීමා ප්‍රශ්න නෑ. ඩෙනිම් නඩත්තු කරන්න දුක් විඳින්න ඕනෙත් නෑ. මෙන්න මේ වගේ දේවල් රාශියක් හින්ද ඩෙනිම් කලිසම් මිනිස්සු අතරට ගිහින් තියෙනව.


ඩෙනිම් කලිසම් කියන්නෙ මානව ශිශ්ටාචාරයේ එතෙක් මෙතෙක් බිහිවූ ඇඳුම් විලාසිතාවන් අතර ඉහළින්ම තියෙන සොයාගැනීමක්. ඩෙනිම් කලිසමේ බිහිවීම සම්බන්ධයෙන් තියෙන ප්‍රකටම ජනප්‍රවාදයක් තමයි කූඩාරම් රෙද්දකින් මෙය නිර්මාණය කෙරුණු බව. තවත් කතාවක් තමයි පතල් කම්කරුවන් විසින් දුඹුරු පැහැ කැන්වස් කලිසම් නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමෙන් ඩෙනිම් බිහිවුණු බව. නමුත් ඩෙනිම් කලිසමේ පියවරුන් හැටියට සැලකෙන්නෙ ජේකොබ් ඩේවිස් සහ ලීවයි ස්ට්‍රෞස්. 1871දි ඔවුන් නිර්මාණය කළ ඩෙනිමට 1873දි පේටන්ට් බලපත්‍රය හිමිවෙනව. මුලින්ම ඩෙනිම් කලිසම් ඇන්දෙ ඇමෙරිකන් ගොපල්ලන් එහෙම නැත්නම් කව් බෝයිස්ල සහ කම්කරුවන්. නමුත් 1950 පමණ වනවිට තරුණයින් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තු ඩෙනිම 70, 80 දශකවලදි උන්මාදයක් බවට පත්වෙනව. එදා ඉඳල අද වෙනකම් ඩෙනිමට ගහන්න කලිසමක් ආවෙ නෑ.

වර්තමානය වෙද්දි විවිධ සන්නාම රැසක් යටතේ විවිධාකාරයේ ඩෙනිම් කලිසම් නිර්මාණය වෙනව. මේ කියන්න හදන්නෙ අන්න ඒ වගේ ලොව පුරා ජනප්‍රිය ඩෙනිම් බ්‍රෑන්ඩ්ස් දහයක් ගැනයි. මේ අතරින් බොහොමයක් ලංකාවෙත් ඉතාම ජනප්‍රියයි.

10. Lee Cooper

Image: www.iconixbrand.com1908දි මොරිස් කූපර් සහ ලුයිස් මෙයිස්ටර් විසින් ගොඩනැගූ එම්. කුපර් සමාගම ඩෙනිම් කලිසම්වලට අතගහන්නෙ 1930දි විතර. මෙය ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් එංගලන්ත සමාගමක්. පසුකාලීනව එම්. කුපර් නාමය ලී කූපර් බවට පත්වෙනව.

09. Armani Jeans

Image: models.com

ජෝර්ජියෝ අර්මානි කියන්නෙ විලාසිතා ලෝකයේ සුපිරි සන්නාමයක්. ජෝර්ජියෝ අර්මානි කියන ඉතාලි ජාතික සම්මානනීය විලාසිතා නිර්මාණකරුවා 1981දි තමයි ඩෙනිම්වලට අතගහන්නෙ. ලොව බොහෝ ධන කුවේරයින්, සුපිරි තරු අතර වඩාත් ජනප්‍රිය විලාසිතා සන්නාමයක්.

08. Pepe Jeans London

Image: www.pinterest.com

ලන්ඩන් කෑල්ල දකිද්දිම තේරෙනවනෙ කොහෙ එකක්ද කියල. ඔව් මේකත් ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ 1973දි. නමුත් අද වෙද්දි මෙය පිහිටල තියෙන්නෙනම් ස්පාඤ්ඤයෙ.

07. United Colors of Benetton

Image: forums.thefashionspot.com

මේ තවත් සුප්‍රකට ඉතාලි විලාසිතා සන්නාමයක්. 1965දි පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භවෙන බෙනෙතොන් සමූහ ව්‍යාපාරය තමයි මෙම ප්‍රකට ඩෙනිම් සම්මානය හඳුන්වල දුන්නෙ. මෙහි ශාකාවක් කොල්ලුපිටියෙත් පිහිටල තියෙන හිනද ඔන්න ගිහින් බැලුවට පාඩුවක් නෑ.

06. Calvin Klein

Image: www.pinterest.com

කැල්වින් ක්ලයින්. කවුද මේ නම අහල නැත්තෙ. 1968දි ඇමෙරිකානු විලාසිතා නිර්මාණ ශිල්පී කැල්වින් ක්ලයින් තමයි මේ සමාගම ආරම්භ කරන්නෙ. එතැන් සිට විලාසිතා ලෝකයේ ප්‍රමුඛතම නාමයක් බවට පත්වෙන්න මෙම සන්නාමයට හැකි වෙනව.

05. Dolce & Gabbana

Image: www.reed.edu

විලාසිතා ගැන කතාකරද්දි කොහෙන් ගියත් ඉතාලිය එනවමයි. ඩොමෙනිකෝ ඩොල්චේ සහ ස්ටෙෆානෝ ගැබානා යන ඉතාලියානු විලාසිතා නිර්මාණකරුවන් දෙදෙනා තමයි මෙම සන්නාමය බිහිකරන්නෙ. ඒ 1985දි.

04. Wrangler

Image: www.modefabriek.nl

තරමක් දීර්ඝ ඉතිහාසයක් තියෙන ඩෙනිම් සන්නාමයක්. ව්‍රැන්ග්ලර් ඩෙනිම් මුලින්ම එන්නෙ 1940දි විතර බ්ලූ බෙල් කියන සමාගම යටතෙ. විශේෂයෙන් ඇමෙරිකන් කව් බෝයිස්ලට තමයි ව්‍රැන්ග්ලර් මැහුවෙ. හැබැයි දැන්නම් හැමෝම අඳිනව.

03. Lee

image: www.lee.com

ඩෙනිම් ලෝකයේ දැවැන්තයෙක්. ආරම්භය 1889. හිතාගන්න පුලුවන්නෙ නේද? හෙන්රි ඩේවිඩ් ලී තමයි මේ සුප්‍රකට ඩෙනිම් සන්නාමයේ නිර්මාතෘ. ලෝකයේ විශාලතම ඇඟලුම් සමාගම වන VF සමාගම තමයි ලී ඩෙනිම් නිකත් කරන්නෙ.

02. Diesel

Image: 9to5toys.com

ලංකාවෙනම් සෑහෙන ජනප්‍රිය ඩෙනිම් සන්නාමයක්. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය මේ ඩෙනිමත් ඉතාලි නිර්මාණයක්. 1978දි තමයි මුල්වරට මෙම සන්නාමය බිහිවෙන්නෙ.

01. Levi’s

Image: skcopen.com

ඩෙනිම් ඇන්දත් නැතත් මේ ලිවයිස් සන්නාමය ගැනනම් දැනගෙන ඉන්න එක වටිනව. මේ තමයි ඩෙනිම් මහගෙදර නිර්මාණය කරන ඩෙනිම. ඩෙනිම් කලිසමේ පියවරුන් දෙදෙනාගේ එක් අයෙක් වන ලිවයි ස්ට්‍රෞස් ආරම්භ කළ Levi Strauss & Co තමයි මේ ඩෙනිම් මහගෙදර. 1853දි ජර්මනියෙ ආරම්භ වී ඇමෙරිකාවට සංක්‍රමණය වූ සමාගමක්.

මීට අමතරව Guess, True Religion, Earl Jeans, Loomstate, Tommy Hilfiger වැනි ජනප්‍රිය සන්නාම රැසක් තියෙනව. කොහොම උනත් මොන නමින් ආවත්, මිල ගණන් කොහොම උනත් ඩෙනිම් කලිසම් කවදාවත් වයසට යන්නෙ නැති විලාසිතාවක් කියන එකනම් සහතිකයි.

මූලාශ්‍ර – අන්තර්ජාලය සහ පොතපත ඇසුරෙන්


Like it? Share with your friends!

210 SHARES
210 SHARES
What's Your Reaction?
Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
1
Cry
Like Like
1
Like
Confused Confused
2
Confused
Dislike Dislike
2
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලෝකයේ පිරිමින් අතර ජනප්‍රියතම ඩෙනිම් 10ක්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image