web analytics

Travel කරන ඔයාගෙ බැක් පැක් එකේ තිබිය යුතු දේවල්


දැන් හැමෝම පිස්සුවෙන් වගේ.. traveling…
කොහොම උණත් මං නම් හිතන්නේ ඒක නම් කාලෙකින් බෝවෙච්ච හුගක් හොඳ පිස්සුවක්.. මේ ගමන් වලදි ඔයා අරන් යන travel bag එකට පිස්සෙක් වගේ ඔහේ මොනා හරි ඔබාගෙන ගියොත් නම්, ඇත්තටම ගමන අතරමඟදි ඔයාට පිස්සු හැදෙයි. ඒක හින්දා අද අපි කියන්නෙ travel වලදි අමතක නොකර අරගෙනම යන්න ඕන කරන දේවල් කීපයක් ගැන..

01. Map

Image: backpackingmastery.com

කොහේ ගියත් මඟ දැනගෙන යන එක ඇඟට ගුණයි. ඒක හින්දා Map එක කියන එක හරිම වැදගත්. ඔයා යන්නේ කණ්ඩායමක් එක්ක උනත්, තනියෙම උනත්, trip එක යන දිහා Map එකක් ඔයා ගාව තියා ගන්න…
අනික් වැදගත්ම දේ Hike වලදි, යන අතරමඟ අපිට Google Map ගැන ඒ තරම් විශ්වාසයක් තියන්න බෑ..
මොකද හැමතැනටම එක වගේ Signal වැඩ කරන්නේ නැති හින්දා..Phone එකේ Map එක ගැන විතරක් විශ්වාසේ තියාගෙන ගියොත් ඔයා ලොකු අමාරුවක වැටෙයි…

02. Compass

Image: ecoadventures.org

අපි Travel කරන්න තෝර ගන්නේ අපිට හොඳට හුරුපුරුදු පළාත් නෙවෙයි. ඉතින් නොදන්න පළාතක Map එකක් අරගෙන ගියත් ඒකේ දිශාව හොයාගන්න විදියක් නැතුව උතුර දකුණ මාරු කරගන්න වෙන්නේ…
ඒක නොවෙන්න තමා Compass එකක් අරන් යන්න ඕන.. දැන් වෙළඳපොලේ Traveling යන අයටම ගැලපෙන පුංචි Compass ඕනතරම් තියෙනවා. ඒක හින්දා අමතක නොකර ඔයත් Compass එකක් අරගෙන ඔයාගේ Travel bag එකට දා ගන්න.

03. Sunglass and Hat

Image: hihealth.com

ගෙදරින් එලියට බැහැලා කඩේට යන අඩි දෙක තුනටත් අපි කුඩයක් අතට ගන්නේ මොන දේ ගැන විශ්වාස කරත් කාළගුණේ ගැන ලොකු විශ්වාසයක් නැති හින්දා…ඉතින් trip එක යද්දිත් ඔයා ඕනම දේකට සූදානම් වෙලා යන එක තමා හොඳ…අතින් කටින් කුඩ අරගෙන යන එක නම් travelling වලදි කරන්න අමාරු වැඩක්. ඒක හින්දා අව්වට ඔරොත්තු දෙන්න හොඳ Sunglass එකකුයි තොප්පියකුයි ඔයාගේ travel bag එකේ තියා ගන්න….

04. වැඩිපුර ඇඳුම් කීපයක්

Image: budgettravel.com

සමහරු Travelling යන්නේ එක දවස හින්දා ඒ දවසට විතරක් ඇඳුම් ටිකක් අරගෙන යනවා…ඒත් හදිස්සියෙම හරි එදාටම ආපහු එන්න බැරි උනොත් ඔයා මොකද කරන්නේ???
ඒක හින්දා කෝකටත් කියලා වැඩිපුර ඇඳුමක් දෙකක් Bag එකට දා ගත්තට වරදක් නෑ.. Travelling කියන්නේ නිකන්ම ගමනක් ගිහින් එනවා වගේ දෙයක් නෙවේ. ඒකේ තියෙනවා පොඩි adventure එකක්. අවදානමක්.
ඉතින් ඒ අවදානමට ඔයා පොඩි ලකලෑස්ති වීමක් එක්ක මූහුණ දෙන්න

05. Flash Light

Image: flipboard.com

travel කරද්දි අනිවාර්යෙන්ම ඕන කරන දෙයක් තමා මේක..අද වෙළඳපොලේ විවිධ වර්ග, විවිධ ප්රමාණ වලින් flash lights තියෙනවා ඔයාට තියෙන්නේ හොඳම එකක් මිළදී ගන්න එක.
ඔයා ගන්න flash light එකේ වැඩිපුරම සැළකිලිමත් වෙන්න ඕන බැටරිය කොච්චර කල් තියා ගන්න පුළුවන්ද කියන එක.ගමන අතර තුර බැටරි බැස්සොත් චාජර් හොයන්න දුවන්න විදියක් නම් නෑ…

ඒ වගේම ඔයාට පුළුවන් නම් Head lamp එකක් මිළදී ගන්න අත් දෙකම හුඟක් සැහැල්ලුවෙන් ගමන යන්න පුළුවන් වේවි.

06. First aid Box

First aid box එක කියන්නේත් එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන කරන දෙයක්.. ඔයාගේ firts aid box එකේ විෂබීජ නාශක,වේදනා නාශක, බැන්ඩේජ් පටි,තුවාල වලට සරිලන බෙහෙත්,කතුරක්,ප්ලාස්ටර් වගේම පෑනකුයි පොඩි Note Book එකකුයි තියා ගන්න…

07. Lighter , ඉටිපන්දම්

bag එක පිළියෙල කර ගද්දි මේ දේවල් දා ගන්න ඕන ඇතුළත සාක්කුවකට..ඒ වගේම වැදගත් දේ ඒ දේවල් ආයේ පහසුවෙන් ගන්න පුළුවන් විදියට දා ගන්න එක.කොහොම හරි ඔබා ගන්න එක එක නම් හරි විදිය නෙවේ…..ඔයාට ලයිටරයක් ගන්න විදියක් නැති උනා නම් ගිනි පෙට්ටියක් ගන්න ඒත් ඒ හැම දේම ඉටි බෑග් එකක දාලා පින්න වතුර නොයන්න හොඳට සීල් කර ගන්න එක වැදගත්…

08. පිහියක්

travel යන ඔයා ගාව පිහියක් කියන දේ තියා ගන්නම ඕනා..මහ විශාල මන්නා පිහියක් නෙවේ..ඔයාට අරගෙන යන්න පහසු හුරුබුහුටි ඒත් හොඳට මුවහත තියෙන ශක්තිමත් පිහියක් මේ වැඩේට ගන්න. කැලේදී ලීයක් කපා ගන්න..ලණුවක් කපන්න වගේම සෙට් එක එක්ක උයාගෙන කද්දි ළුෑණු ගෙඩිය කපා ගන්නත් මේ පිහිය ඕන.
දැන් වෙළඳපොලේ බහුකාර්ය පිහි ඕනතරම් තියෙනවා..ඔයාට පුළුවන් නම් මෙහෙම පිහියක් මිළදී ගන්න වැඩ කීපයක් එක වර කර ගන්න පුලුවන් නිසා හුඟක්ම පහසුයි

09. වැඩිපුර කෑම

මේක නම් සමහරුන්ට කියන්න තරම් දෙයක් නෙවේ.අම්මා හදලා දුන්න වැලිතලපයි,නැන්දා හදලා දුන්න අලුවායි,උඩහ ගෙදර අක්කා දුන්න සීනි සම්බෝලයි ඔක්කොම ටික අරගෙන තමා එක යන්නේ.ගිය දවසෙ ඉදලා කට්ටිය එක්ක බෙදා හදාගෙන කන්න තමා මේ ඔක්කොම…
ඒත් වැදගත් දේ හදිස්සියෙ හරි plan කරපු දවසටම කට්ටියට එන්න ආපහු එන්න බැරි උනොත් මොනවද කන්නේ…ඔක්කොම කාලා ඉවරයිනේ…ඉතින් මේකටත් ඔයා සූදානමින් යන්න.අමතර කෑම ටිකක් bag එකට දා ගන්න.මේ අමතර කෑම කියන්නේ තව වැලිතලප මුට්ටියක් එහෙම නෙවේ..චොකලට් කීපයක්..බිස්කට් එකක්..වගේ පුංචි දේවල් කීපයක්

10. අමතර වතුර බෝතලයක්

හැම වෙලේම ඔයාගෙ traveling bag එකේ වතුර බෝතලේ කියන දේ නම් අමතක කරන්න එපා.ඒ වගේම ඒක හැම වෙලේම පුරවලා තියා ගන්න අමතක කරන්නත් එපා.

මේ හැමදේම එකේ තිබුනත් එවා ඔහේ ඔබා ගන්න නම් එපා..හදිස්සියට ගන්න පුළුවන් විදියට බොහොම පිළිවෙලට අහුරගන්න එක හරිම වැදගත්..ඒ වගේම ගමන පිටත් වෙන්න කලින් පුංචි ලිස්ට් එකක් හදාගෙන ඔයා ඔක්කොම දේවල් හරියට අහුර ගත්තද කියලා ආයෙමත් Check කරලා බලන්න. එතකොට මඟට ගිහින් හැරිලා එන්න හිතෙන එකක් නෑ… එහෙනම්…

සුබ ගමන්..!

Cover Image:  lonelyplanet.com


Like it? Share with your friends!

40 SHARES
40 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

Travel කරන ඔයාගෙ බැක් පැක් එකේ තිබිය යුතු දේවල්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes