අප්සට් මූඩ්ද? මෙන්න විසඳුම.


ජීවිතේ සමහර දවස් තියෙනව මොන වැඩේ කරන්න ගියත් පෙරලෙන්නෙම බාල්දි. එක්කෝ ගෙදර ප්‍රශ්න, නැත්නම් ඔෆිස් එකේ ප්‍රශ්න. ඔය දෙකම නැත්නම් අහක තියෙන තොප්පියක් හරි ඇවිල්ල ඔළුවට වැටෙනවම තමයි. ඒ වෙලාවට ඉතින් යකා වැහෙන අවස්ථා එමටයි. කේන්තිය, දුක වැඩිවෙන්න වැඩිවෙන්න ආතතියත් වැඩිවෙනව. එහෙම උනාම ඊළඟ දවසෙත් ඔබ නොදැනුවත්වම ඔබේ මූඩ් එක අවුල්වෙන්න තියෙන සම්භාවිතාවයත් ඉහළයි. ඕක දිගින් දිගටම වෙන්න ගත්තම ඊළඟට එන්නෙ රටේම තියෙන ලෙඩ ටික. හැමදාම හොස්පිට්ල් එකටයි, චැනලින් සෙන්ටර්වලටයි බඩගාන්න උනහම වෙන වැඩක් නෑ. හම්බකරන තුට්ටු දෙකටත් තට්ටු වෙනව ලස්සනට. ඉඳල හිටල අප්සට් මූඩ් එකක් වදින එක ස්වභාවිකයි. අපි හැමෝම මිනිස්සුනෙ. ඒත් දිගින් දිගටම ඕක වෙනවනම් අන්තිමට නතරවෙන්නෙ ඔය කියපු සිද්ධි ටිකත් වෙලා.

කිසිම හේතුවක් නැතිව මූඩ් එක කණපිට හැරෙන වෙලාවලුත් නැතුව නෙමෙයි. තමන්වත් දන්නෙ නෑ ඇයි මේ අප්සට් ගහල ඉන්නෙ කියල. තවත් පිරිසක් ඉන්නව නිකන් පුරුද්දට වගේ මූණ එල්ලගෙන ඉන්න. ඇත්තමයි එහෙම අයනම් මානසික වෛද්‍යවරයෙක් ගාවට යන එක අනිත් අයගෙ මූඩ් එක වෙනුවෙනුත් කරන ලොකුම උදව්වක්. ඉතින් ඇයි මෙහෙම මූණ එල්ලගෙන ඉන්නෙ? ප්‍රශ්න පත්තරේ පැත්තකින් තියල ටිකක් හිනාවෙලා ඉන්නකො. ලෙඩත් අඩුයි හිතත් සැහැල්ලුයි. කියන්නනම් පුලුවන් ඕව කරන්නනෙ බැරි.
ඇයි බැරි? කියනවටත් වඩා ලේසියෙන් මූඩ් එක ගොඩදාගන්න පුලුවන්. නිකමට වගේ මෙන්න මේව ටික ට්‍රයි කරල බලන්න හරියන්නෙ නැද්ද කියල.

01. යාළුවොත් එක්ක රවුමක් ගහන්න.

Image: entertainment.ie

අත්දැකීමෙන් කියන්නෙ මූඩ් ෆික්ස් කරන්න බොක්කෙන්ම ඉන්න යාළුවො ටික තරම් කට්ටියක් තවත් නෑ. යාළුවන්ගෙ වචනවලට පුලුවන් හුඟක් තුවාල සනීප කරන්න. අයින්ස්ටයින්ල, නිව්ටන්ල ගාවවත් නැති විසඳුම් තියෙනව උන් ගාව. සිග්මන් ෆ්‍රොයිඩ්ල කරළියට එන්නෙ ඔන්න ඔය වෙලාවට තමයි. යාළුවො හුඟක් දේවල් සීරියස් ගන්නෙ නෑ. උන්ගෙ වැඩේ පිස්සු කෙළින එකයි, අමාරුවෙ වැටිල ඉන්න ගොයියව බයිට් කරන එකයි තමයි. ඒකනෙ උන්ට යාළුවො කියන්නෙ. හැබැයි මොන දේවල් කළත් යාළුවන්ගෙ තියෙන ලෙන්ගතුකම හදවතට දැනෙන්නෙ ඒ දේවල් නිසාමයි. දන්නෙම නැතුව මූඩ් ෆික්ස් වෙනව. ඉතින් අමතක වෙන්නෙම නැති ප්‍රශ්නයක් වද දෙනවනම්, ආතතියක් දැනෙනවනම් යාළුවො සෙට් එකත් එක්ක රවුමක් ගහන්න යන්න. ගෙදර එනකොට ඔබට බොහෝ දේ අමතකවෙලා තියෙයි.

02. සොබාදහමට බද්ද වෙන්න.

Image: blog.trimtimes.com

ලෝකයෙ දැනට සිදුකරල තියෙන බොහොමයක් පර්යේෂණවලින් තහවුරුවෙලා තියෙන දෙයක් තමයි සොබාදහමට සමීපවෙන තරමට ආතතිය, ලෙඩ රෝග අඩුයි කියන කාරනය. ඉතින් ඕක කරන්න අමාරු වැඩක් නෙමෙයිනෙ. මොකෝ වියදමක් යනව කියලද? නෑනේ. හිත සැහැල්ලු වෙනවනම් වියදමක් ගියත් මක් වෙනවද. පාක් එහෙකට යන්න, ඇවිදින්න, ගස් වැල් මල් විතරක් නෙමෙයි කුරුල්ලො මාළු වගේ සතුන් දිහා බලන් ඉන්න. ඒ පරිසරය ඔබේ ජීවිතයෙ කොටසක් බවට පත්කරගන්න. හොඳට හුස්මක් අරගෙන ඔළුවෙයි, හිතෙයි තියෙන සේරම බර සැහැල්ලු කරල දාන්න. පුලුවන්නම් කඳු නගින්න යන්න. ඇළක දොළක බැහැල නාන්න. තවත් ඕනෙනම් කන්දක් උඩට නැගල හයියෙන් කෑ ගහන්න තමන්ගෙ හිතට එන ඕනෙම දෙයක් කියල. පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ.

03. සංගීතය හොඳ බෙහෙතක්.

Image: www.masterfile.com

හැබැයි ඉතින් ටිං බෙලෙක්ක සංගීතය මේකට හරියයිද කියලනම් ෂූවර් නෑ. මොකද හිතේ තියෙන බර සැහැල්ලු කරගන්න මිසක් තව ඔළුවෙ කැක්කුමක් හදාගන්න එක නෙමෙයිනෙ අරමුණ. සංගීතය කියල කියන්නෙ ගොඩක් ප්‍රශ්නවලට හොඳ විසඳුම් ලබාදෙන දෙයක්. ඇත්තටම ඒක භාවනාවක්. ඇස්දෙක පියාගෙන නිදහසේ අහගෙන ඉන්න පුලුවන් සංගීත ඛණ්ඩ, ගීත ඕනෙ තරම් තියෙනව. හැබැයි ඉතින් මෙහෙමයි, පත බූට් එකක් කාල ඉන්න වෙලාවක බූට් සින්දුම අහන්න ගියොත්නම් වැඩේ අවුල්. හොඳම දේ මෙඩිටේෂන් මියුසික්වලට යොමු වෙන එක. උදාහරණයක් දෙකක් දෙන්නද?

 

04. ෆිල්ම් එකක් බලමු.

Image: io9.gizmodo.comඑපාවෙලා ඉන්න වෙලාවකට මූඩ් එක ගොඩදාන්න ෆිල්ම්ස්වලට පුලුවන්. අත්දැකීමෙන්මයි කියන්නෙ. හැබැයි බලන ෆිල්ම් එක මොකක්ද කියන එක ගැන මෙතෙන්දි ඉතාම වැදගත්. වැඩිය සීරියස් ෆිල්ම්ස් මේ වගේ වෙලාවට සෙට් වෙන්නෙ නැතිවෙන්න ඉඩ තියෙනව. සරළ ෆිල්ම් එකක්, ෆැන්ටසියක්, කොමඩියක් එහෙම නැත්නම් ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් මූඩ් ෆික්ස් කරන්න මරු. මෙතෙන්දි වැදගත් වෙන්නෙ සමාජ යතාර්ථය දකින්න උත්සහ කරනවට වඩා තමන් මුහුණදීල ඉන්න අවස්ථාවෙන් මිදිල සුළු මොහොතකට හරි වෙනම ලෝකයක තනිවෙන එකයි. ෆිල්ම්ස්වලට ඒ වැඩේ ලස්සනට කරන්න පුලුවන්.

05. හොඳට කන්න.

Image: www.telegraph.co.uk

ගොඩක් කොල්ලො කෙල්ලො කරන දෙයක් තමයි ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ නොකා නොබී ඉඳල. විශේෂයෙන්ම ඔය ප්‍රේම හුටපටවලදි. ඕක තමයි ලොකුම වැරද්ද. නොකා නොබී හිටිය කියල ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නෙ නෑ වගේම ප්‍රශ්නවලට මූණ දෙන්න තරම්වත් ශක්තියක් නැතිව යනව. මොන දේ සාර්ථක කරගන්නත් කාල ඉන්න ඕනෙ. බඩගින්නෙ ඉන්නකොට ආතතිය වැඩියි. එතකොට මූඩ් එක කොහොමත් අවුල්. කන්න තරම් මූඩ් එකක් නැත්නම් ගෙට රින්ගගෙන ඉන්නෙ නැතුව වත්තෙ වැඩක් කරන්න, ඒකට වත්තකුත් නැත්නම් ඉඩ තියෙන දිහාකට දුවන්න වට දෙක තුනක්. නිකන්ම බඩගිනි වෙනව.

06. ඡිම් එහෙකට සෙට් වෙන්න.

Image: www.bodybuilding.com

ගොඩක් අයට නොතේරුනාට මානසික ආතතිය ඉතාම හොඳ විසඳුමක් තමයි ව්‍යායාම කරන එක. මූඩ් ෆික්ස් කරන්න මරු බේතක්. දිගටම ගත්තොත් නතර කරගන්න බැරි විදියට ඇබ්බැහි වෙනව. හැබැයි ඒක හොඳ ඇබ්බැහි වීමක්. ඉස්සර වගේ නෙමෙයි දැන් හැමතැනම ජිම් තියෙනවනෙ. දවසකට පැයක් දෙකක් යකඩත් එක්ක ඔට්ටු වෙනකොට ප්‍රශ්න මොනවද කියලවත් මතක නැති වෙනව. හිතේ තියෙන වේදනාව යකඩවලට පිටකරන්න. වේදනාව මස් පිඩුවලට විතරක් දීල ඔළුවෙන් අයින් කරල දාන්න. මූඩ් ෆික්ස් වෙනව විතරක් නෙමෙයි බෝනස් එක හැටියට ඇඟත් හැදෙනව, නිරෝගී වෙනව.

07. පින් අතේ වැඩක් කරන්න.

Image: www.shareyouressays.com

හිතට පුදුම සැහැල්ලුවක් ලැබෙන දෙයක්. මහා ලොකු දේවල් කරන්න ඕනෙ නෑ. තමන්ට පුලුවන් විදියකට තවත් කෙනෙක්ට උපකාරයක් කරන්න. ප්‍රජා සත්කාරයකට දායක වෙන්න. මුදලින් ඒ දේවල් කරන්න ඔබට තවම හැකියාවක් නොතිබෙන්න පුලුවන්. රිම් එකෙන් ගිහින් එදාවේල ටුවර්ස් රන් කරන අපිනෙ ඒක ගැන දන්නෙ. ඒත් හිතේ ඕනෙකමයි, ඇඟේ හයියයි තියෙනවනෙ. ශ්‍රම දායකත්වය දෙන්න. ඔය ෆන් එකට කරන හුඟක් දේවල්වලට වඩා මේ වගේ වැඩවල අමුතුම ෆන් එකක් තියෙනව. පින් අතේ වැඩක් කිව්වට පින් බලාගෙන මෙහෙම දේවල් කරන්න එපා. තමන්ට ආපහු කිසිම දෙයක් නොලැබුනත් තව කෙනෙක් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න. හිතට දැනෙන සතුටයි, සැනසීමයි සේරටම වැඩිය වටිනව.

මේ ලෝකෙ හැම ජීවියෙක්ටම දවසක යන්න වෙනව. මේ කෙටි ජීවිත කාලය ඇතුලෙ ප්‍රශ්න ගැනම හිත හිත ඉන්න ගියොත් ජීවත්වෙන්න කාලයක් නෑ. ප්‍රශ්න නැති පරිපූර්ණ මිනිස්සු කොහෙවත් නෑ. මේ දේවල් කරන එක කියනව තරම් ලේසි නෑ තමයි. හැබැයි බැරිකමකුත් නැහැනෙ. සේරම දේවල් තියෙන්නෙ හිතේ. ඔබ මූණ එල්ලගෙන ඉන්න පුංචි දේට වඩා සිය දහස් ගුණයක ප්‍රශ්නත් එක්ක ධෛර්යවන්තව ජීවත්වෙන මිනස්සුත් මේ ලෝකෙ ඉන්නව කියන එක හොඳින් මතක තියාගන්න. අපි කතා කළේ ඉතාම සරල දේවල් ගැන. මේ දේවල්වලින් ඔබේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබුනත් හිතේ සතුට පවත්වගන්නවත් උපකාරයක් වේවි.


Like it? Share with your friends!

267 SHARES
267 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
2
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
1
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
3
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අප්සට් මූඩ්ද? මෙන්න විසඳුම.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes