web analytics

පිරිමින්ට රතු එළියක්


කාන්තාවන්ගේ ආයු කාලයට සාපේක්ෂව පිරිමින්ගේ ආයු කාලය එතරම් දීර්ඝ නැත.

බොහෝ පිරිමින් තම සෞඛ්‍ය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වයි. සෞඛ්‍ය ගැටලු මතුවීමත් සමඟ පිරිමින්ගේ ලිංගික ජීවිතයත් වෙනස් වෙනව. මේ නිසා පිරිමින් දැඩි අවධානයෙන් පසු විය යුතු කරුණු කිහිපයක් තියෙනව.

01. වෘෂණ පිළිකා.

Image: theodysseyonline.com

ප්‍රධාන වශයෙන්ම වෘෂණ පිළිකා වර්ග දෙකකි. ඒ සෙම්නෝමා සහ ටෙරටෝමාය. සෙම්නෝමා තත්ත්වය විකිරණ ප්‍රතිකාර මඟින් සුවකළ හැක. ටෙරටෝමා වයස අවුරුදු 30 – 40 අතර පිරිමින්ගෙන් සුලභව දැකිය හැකි අතර එයද ඖෂධවලින් සුවකළ හැකියි. වෘෂණ පිළිකාවලට මුහුණ දෙන්නන්ගෙන් 99%කටම එය පැතිර නොගොස් ජීවත්වීමේ වාසනාව තියෙනව. මේ නිසා කල්තියා හඳුනාගැනීම වැදගත්. මෙම රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්න.

  • එක් වෘෂණයක් ඉදිමීම
  • එක් වෘෂණයක් ඉදිමුනාක් මෙන් පෙනීම හෝ දැකීම
  • වෘෂණ කෝෂ රිදීම සහ එක් ස්ථානයක දැඩි කැක්කුම
  • වෘෂණ කෝෂවල බර සහ හැඩය වෙනස්වීම
  • බඩේ රිදිල්ලක් හෝ කොන්දේ රිදිල්ලක් පවතීනම් පිළිකාව ව්‍යාප්ත වී ඇත

ශල්‍යකර්ම, විකිරණ හා ඖෂධ මගින් පාලනය නොකළහොත් ශරීරය පුරාම පැතිරීමට ඉඩ තිබේ.

02. පුරස්ථි ග්‍රන්ථි පිළිකා.

Image: nairaland.com

මෙහිදී මුල් කාලයේ ග්‍රන්ථිවල කිසිදු රෝග ලක්ෂණයක් ප්‍රකට කරන්නේ නැත. පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්ත්වයන් හඳුනාගත හැකිවන්නේ,

  • මුත්‍රා කිරීම ආරම්භයේදී ඇතිවන අපහසුතාව
  • මුත්‍රා ධාරාව සිහින්වීම
  • මුත්‍රා කිරීම ආරම්භයේදී සහ අවසන් කිරීමේදී දැඩි දැවිල්ලක් ඇතිවීම
  • වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට උවමනාවීම
  • මුත්‍රා ධාරාව විදීමක් සිදුනොවී දෙපා අසල පතිතවීම
  • රෝගය උත්සන්න වී තිබේනම් මුත්‍රා පිටවීම පාලනයකින් තොරව සිදුවීම
  • අධික පිපාසය, ශරීර අප්‍රාණිකත්වය සහ බර අඩුවීම, හිසරදය, කෑම අරුචිය, ඉක්කාව වැනි ලක්ෂණ

පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ටෙස්ටස්ටරෝන් හෝර්මෝනය මත යැපෙන පිළිකාවකි. එම නිසා එම හෝර්මෝනය පුරස්ථි ග්‍රන්ථි වෙත පැමිණීම වැලැක්වීමට පියවර ගත යුතුයි. මේදය අධික ආහාර නතර කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැක. අධික ලෙස ලිංගික සංසර්ගයේ යෙදීමද පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමට හේතු විය හැක.

03. වැරදි ආහාර රටාව.

Image: commons.wikimedia.org

බොහෝ පිරිමින් සෞඛ්‍යදායි නොවන ආහාර ගැනීමෙන් පීඩා විඳින බව දැකගත හැකිය. නිරන්තරයෙන්ම ආහාරයෙහි ඇති මේද ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා එළවළු, ධාන්‍ය වර්ග ආදිය වැඩිවශයෙන් ආහාරයට එකතු කරගත යුතුය. තෙල් භාවිතයෙන් ඈත්වන තරමට සෞඛ්‍යයට හිතකරය. කෘතිම ආහාර, ක්ෂණික ආහාර කෙරෙහි පිරිමින් මීට වඩා අවධානය යොමුකර ඒවා පාලනයට කටයුතු කළ යුතුය.

04. ව්‍යායාම.

Image: huffingtonpost.com

ව්‍යායාම පිළිබඳව උනන්දුවක් දක්වන්න. නමුත් අධික ලෙස වෙහෙසවී සිටින අවස්ථාවක දෛනික ව්‍යායාම අතපසුවීම පිළිබඳව පසුතැවිලි නොවන්න. ව්‍යායාම කිරීම වෙහෙසකර, අතෘප්තිමත් කාර්යයක් යන හැඟීමෙන් මිදී කටයුතු කරන්න. එය දෛනික පුරුද්දක් බවට පත්වීමට ඉඩහරින්න. දීර්ඝ පාගමන්වල යෙදෙන්න. හැකි සෑමවිටම සෝපානය භාවිතා නොකර පඩිපෙළ භාවිතයට හුරුවන්න.

05. හෘදයාබාධ.

Image: huffingtonpost.co.uk

හෘදයාබාධයකදී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අත්‍යාවශ්‍යයයි. හෘදයාබාධයකදී දැකිය හැකි රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්න.

  • හදවත මධ්‍යයේ සිට ඇතිවන දැඩි වේදනාව උරහිස දෙපසට විහිදීයාම
  • පපු ප්‍රදේශය තද වෙන්නාක් මෙන් දැනීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • දහඩිය දැමීම, වමනය, හෘද ස්පන්දනය වැඩිවීම

ඇඟ වෙහෙසා වැඩ කරනවිටත්, තරහව බිය ඇති වූ විටත් හදවතේ කැක්කුමක් ඇතිවේ. විනාඩි කිහිපයක් විවේක ගැනීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැක.

ආමාශයේ දැවිල්ල නිසා ඇතිවන පපුවේ දැවිල්ල හෘදයාබාධයක් ලෙස වරදවා වටහා නොගන්න. එහෙත් හෘදයාබාධ නිසාත් පපුවේ දැවිල්ල ඇතිවිය හැකියි. විශේෂයෙන් පිරිමි ඔබ අධික පත්පැන් පානය, දුම්පානය, රාජකාරී හෝ අවිවේකීබව නිසා ආහරවේල පමා කිරීමත් එතරම් හොඳ තත්ත්වයන් නොවේ.

06. අධි රුධිර පීඩනය.

Image: doctormurray.com

නිසි වයසට එළඹීමටත් පෙර මිය යන බොහෝ පිරිමින්ගේ මරණවලට හේතුවක් නම් අධි රුධිර පීඩනයයි. අවාසනාවකට මෙන් මෙම රෝගී තත්ත්වයේදී බාහිර රෝග ලක්ෂණ දක්නට නොලැබේ. නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමෙන් තමන් මෙම රෝගී තත්ත්වයට පත්ව තිබේද යන්න අවබෝධ කරගත හැක.

07. හෝමෝන ගැටලු.

Image: christianity.com

පිරිමියෙකුගේ ලිංගික ප්‍රබෝධය ඇතිවීමට නිර්නාල ග්‍රන්ථි මඟින් නිකුත්කරන හෝර්මෝන බෙහෙවින් වැදගත් වේ. සාරවත් ශුක්‍රාණු නිපදවීමට ටෙස්ටස්ටරෝන් හෝමෝනය අත්‍යාවශ්‍ය සාධකයක්. පිරිමියෙකු තුළ ටෙස්ටස්ටරෝන් හෝමෝනය නිපදවීම උසස් තත්ත්වයක පවතීනම් ඔහුගේ ලිංගික ජීවිතය සාර්ථකත්වයට පත්වේ. එහෙත් අදවනවිට බොහෝ පිරිමින්ගේ ලිංගික ජීවිතය බිඳ වැටී තිබෙන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ දුර්වලතා නිසාවෙනි.


Like it? Share with your friends!

150 SHARES
150 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
1
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පිරිමින්ට රතු එළියක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes