web analytics

නිරූපණ කිෂේත්‍රයේ සීමා මායිම් බිඳ දැමූ අසාමාන්‍ය කාන්තාවන් 5 දෙනෙක්


මොඩ්ලින් කරන බොහෝ දෙනෙක් , බොනික්කෝ වගේ ලස්සනයි නේද? දැක්කාම  එයාලගේ රූපේ හරිම ප්‍රියමනාපයි.

ඒ ඉස්සර මොඩ්ලින් ,  දැන්  එහේම නෑ. මොකද , ඒ කථාව බොරුවක් කරපු මොඩ්ලර්ස්ලා කිහිපදෙනක් ඉන්නවා. අද ලිපියෙන්  බලමු , කවුද? මේ මොඩ්ලර්ස්ලා කියලා .

01. Ashley Smith

Ashley කියන්නේ , දත් අතර ලොකු හිදැසක් තියෙන , නමුත් නිරූපණ ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන තරුණියක්. ඇය පවසන්නේ, තමුන් ලස්සන බවත් , ඇගේ මේ දත් අතර පවතින හිදැස මොඩ්ලින් වලට බලපාන්නේ නැති බවත්‍ ය.

මොඩ්ලින් ව්ලට අමතරව ඇය, ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරිමෙන් සහ චිත්‍ර ඇදිමෙනුත් ලොකු සතුටක් ලබනවා.  ඇය පවසන්නේ , තමන්ගේ අරමුණු කරා යාමේදී බාහිර පෙනුම බාධාවක් කරගන්න එපා කියලයි.

02.Felice Joop

Felice කියන්නේ , ලොකු කන් දෙකක් සහ ඝනැති ඇහිබැම තියෙන තරුණියක් . දවසක් මොඩ්ලින් වලට සම්බන්ධ ආයතනයක් ඇයව දැකලා ආරාධනාවක් කරනවා මොඩ්ලින් වලට එන්න කියලා .

නමුත් මුලින් ඇය අකැමති වෙනවා මේ ක්ෂේත්‍රයට එන්න , තමන්ගේ ලොකු ඇස් සහ ඝනැති ඇහිබැම නිසා.  පසුව, ඒ  ආයතනය කියනවා , එයාලට ඕන යුනික් මොඩ්ලර්ස් ලා බව. කොහොම හරි , අවසානයේදි , ඇය  නිරූපණය ක්ෂේත්‍රයේ  තමන්ගේ රැකියාව ආරම්භ කරනවා. බොහෝ අය කියන්නේ , ළගදිම මුළු ලෝකයම ඇය ගැන කථා කරාවි කියලයි.

03. Hanne Gaby Odiele

Hane , කියන්නේ, පිරිමියෙක් ලෙස ඉපදුනත් , ගැහැණියෙක් ලෙස ශරිරය ඇති කෙනෙක්. විශේෂයෙන්ම ඇගේ පටු නළල නිසා , දකින ඕන කෙනෙක්ට හිතෙනවා මෙයාව නම් මොඩ්ලින් වලට ගැළපෙන්නේ නෑ කියලා . නමුත්, අවසානයේදි , ඇගේ ලස්සනක් දකින මොඩ්ලින් ආයතනයක් ඇයව සුන්දර මොඩ්ලර් කෙනෙක් බවට පත් කරනවා.

04. Cipriana Quann

Ciprina  කියන්නේ, දකුණු අප්‍රිකානූ සම්භවයක් ඇති තරුණියන් දෙදෙනෙක් . මොඩ්ලින් වලට  ආස කරත් ඔවුන්ගේ ඝනැති කොණ්ඩයයි , අඳුරු සමයි ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා බලාපොරොත්තු අතඇරලයි හිටියේ .

ඒත් තමන්ගේ බාහිර පෙනුමට වඩා , මේ දෙන්නටම වුවමනා කලේ තමන්ගේ අරමුණු ඉටු කර ගන්න එකයි. අවසානයේදි , අක්කයි, නංගියි දෙන්නම නිරූපණ ක්ෂේත්‍රයේ කැපි පෙන්න තරු බවට පත් වෙනවා. දැන් මේ දෙන්නව මිනිස්සු අතර ජනප්‍රිය TK Twins කියලයි.

05.Paloma Elsesser

මොඩ්ලින් කරන ගොඩක් දෙනෙක් සිහින් සිරුරක් ඇති අයයි.  නමුත් paloma ඒ කථාවත් බොරුවක් කරනවා. මොකද , paloma කියන්නේ මහත තරුණියක් . ගොඩක් දෙනෙක් ඇයට කියලා තියෙනවා , ඔයාට නම් මේ ක්ෂේත්‍රය ගැළපෙන්නේ නෑ කියලා .

නමුත් ඇය, කෙසේ හෝ තමන්ගේ අරමුණ ඉටු කර ගන්නවා. දැන් ඇය, සමාජ ජාලවල ජනප්‍රිය චරිතයක් වගේම විවිධ වෙළෙඳ දැන්විමි වල ප්‍රධාන නිරූපිකාවක් විදියට කටයුතු කරනවා.

අපේ ශරිරයේ තියෙන පුංචි පුංචි අඩු පාඩු ගන අපි කොයිතරම් නම් වද වෙනවද? සමහර විට පුංචි කුරුලෑවක් ආවොත් අපිට ඒක හිතට වධයක් නේද? ඉතින් ජීවිත කාලෙටම වෙනස් කරන්න බැරි විදිහෙ විවිධ ශාරීරික අසාමාන්‍යතා එක්ක ඉපදුන මේ අය ජ්‍යාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රය ජය ගත්ත හැටි පුදුමාකාරයි. මේක අපි හැමෝටම හොඳ පණිවිඩයක්. අනුන් වගේ නොවී, අපි අපි විදිහට කොහොමද ජීවිතය ජය ගන්නෙ කියල ඉගෙන ගනිමු.


Like it? Share with your friends!

23 SHARES
23 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

නිරූපණ කිෂේත්‍රයේ සීමා මායිම් බිඳ දැමූ අසාමාන්‍ය කාන්තාවන් 5 දෙනෙක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes