web analytics

කවද හරි අහල තිබුණද මේ අවුරුදු ක්‍රීඩා 05 ගැන?


අළුත් අවුරුද්දක් කිට්ටු වේගෙන එන එකේ අපි හිතුවා ඔබට අවුරුදු ක්‍රීඩා ගැන කියන්න. මේක ටිකක් වෙනස් කතාවක්. අවුරුදු ක්‍රීඩා කිව්වම ඔබේ මතකය සැණෙන් ළමා කාලයට ගෙන යාවි. ඇඟට දැනුණ හොඳම අවුරුදු තිබ්බෙ ඔබ හීං එකා සන්දියෙ. ඒ කතාවට ඔබ මා එක්ක නිසැකයෙන්ම එකඟ වේවි.

අපි දැන් අවුරුදු සමරන්නෙ මාධ්‍ය වලින් අපේ ඔළුවට දාන අවුරුදු රූප රචනා එක්ක. අවුරුද්ද දවසට රූප පෙට්ටියෙන් ඔබේ සාලයට ගෙනැත් අතාරින අවුරුදු තමයි ඔබත් බොහෝ වෙලාවට ඔබේ පොඩ්ඩොන්ට පෙන්වනවා ඇත්තෙ. අනෙක් අතට මොඩර්න් අවුරුදු උත්සව වල නව එකතු කිරීම් බොහොමයි. ඒ හින්දම අළුත් අවුරුද්දෙ මුල් ආර අපෙන් දුරස් වෙලා. ඒකට දොස් කියන්න බැහැ. සමාජ ප්‍රවාහය ගලා වන්නෙ එවැනි ගතිකයන් එක්ක.

DailyNews.lk

අළුත් අවුරුද්දක් කියන්නෙ හිතේ සන්තුෂ්ටිය ඇති කරන වගේම විනෝද සමයක්. විශේෂයෙන්ම අපේ පැරැණ්නන් අවුරුදු කාලය මහ ඉහළින් සැමරුවා. සාරවත් අස්වැන්නෙන් පිරුණ අටුකොටු, සාර්ථක වූ ස්වකීය කර්මාන්ත මේ ආදී දේවල් වල තෘප්තිය ඔවුන් සැමරුවෙ මේ වසන්ත සමයෙදි. ඒ හින්දම අවුරුදු ක්‍රීඩා වලට අළුත් අවුරුද්දෙ ලැබුණේ සුවිශේෂි ස්ථානයක්. අනෙක ක්‍රීඩාවක් කියන්නේ ජන සමාජ ඒකරාශී කළ හැකි හොඳම ප්‍රවේශයක්. සාමුහීකත්වය, අනෙකාට උදව් කිරීම ඒ සමාජවල නොඅඩුව තිබ්බෙත් ඒ හින්දා..

හරි. පුර්විකාව ටිකක් දුර ගියා. අපි මේ කියන්න යන්නෙ බහුතරයක් නොදන්න අපේ පැරණි අවුරුදු ක්‍රීඩා කිහිපයක් ගැන. සමහරවිට ඔබ කීප දෙනෙක් මේ අවුරුදු ක්‍රීඩා වල යෙදිලත් ඇති. එහෙම නැත්නම් අහලත් ඇති. හැබැයි මේ වෙන කොට නම් අපි නොදන්න තරම් මේ ක්‍රීඩා ඈතට ගිහින් . මම මේක ලියද්දි අන්තර්ජාලයෙන් ඡායාරූප හෙව්වා.

මේ සම්බන්ධයෙන් මට එක ඡායාරූපයක්වත් සොයාගන්න ලැබුණෙ නැහැ. අනෙක් අතට මේ කියන ක්‍රීඩා ප්‍රදේශානුරෑපව සුළු සුළු වෙනස්කම් ඇති.

කොහොම වුණත් ඔබේ දැනුම පිණිස අපි මේ දේවල් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා.

05. ගඩොල් කිරීම

ඔබ අහල තියෙනවාද?… මම හිතන්නෙ නෑ…

මේක කණ්ඩායම් වශයෙන් යෙදෙන ගෘහස්ථ ක්‍රීඩාවක්. අපේ පැරණි ගෘහ ශිල්පය ගැන ඔබට දැනීම ඇති නම් මේ ගඩොල් කොටු මෝස්තර සහිත කොටසක් අපේ පැරණි ගෙවල් වල මැද සාලය දැක ඇති. ඒ කාලේ හදපු ගෙවල් වලට ගඩොල් කොටු මෝස්තරයක් කිව්වම ටිකක් ඉහළයි. මේ ක්‍රීඩාවට සහභාගී වන්නන් නිශ්චිත අගයක යුතු එකම වර්ගයේ කාසි ලබා ගෙන අඩියක් දෙකක් ඈතින් සිට ගඩොල් කොටුවට විසි කරයි.

ජයග්‍රාහකයා වන්නේ කොටුවේ හරි මැදට කාසිය විසි කළ තැනැත්තයි. එවිට ඔහුට විසි කළ සියළු කාසි හිමි වෙයි. ජයග්‍රාහකයාට නැවතත් කාසිය කොටුව තුළට දැමීමේ අවස්ථාව හිමි වෙයි. ඉන් පසු දිගින් දිගටම මෙම ක්‍රීඩාව කළ හැකිය.ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම ක්‍රීඩාවේ නියැළිය හැකි අතර කුඩා දරුවන් කාසි වෙනුවට කුඩා පිගන් කැබලි යොදා ගනිමින් ගඩොල් කර තිබේ.

Image: tunza.eco-generation.org

04. මී මැසි කෙළිය

කැලේ ගොසින් අපි කැඩුවයි මීයක්
අත්තක රුකුලේ – තිබුණයි මීයක්

ඔබ මේ ජන ගී කොහෝ හෝ අසා ඇති. එහෙම නැත්නම් අහල පුරුදු ඇති. අතීතයේ මී වද , බඹර වද කැඩීමෙන් ජීවිකාව ගෙන ගිය අපේ ඇත්තෝ පිරිසක් හිටියා. ඔවුන් මේ කවි කීමෙන් තමන්ට ශාන්තියක් මෙන්ම, සාර්ථක ඵල ලැබීමක් හා යම් මානසික අස්වැසිල්ලක් බලාපොරොත්තු වුණා. ඒ රැකියාවන් අවදානම්.

පසුකාලෙක මේ කවි කුඩා දැරියන්ගේ ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වුණා. විශේෂයෙන් අවුරුදු කාලයේ දී කළ එළි බසින මේ ක්‍රීඩාවෙන් ගම් ගොඩේ කුඩා දැරියන් එකට එකතු කළා. කවි සංවාද වලින් මී මැසි කෙළියෝ නිරත වූ මී වද රකින පිරිසක් හා මීවද කඩන පිරිසක් ලෙස දෙපිරිසක් මෙම ක්‍රීඩාවේ යෙදුණා. එක පිරිසක් වංගෙඩියක් ගෙන එයට මී වද වෙනුවම යම් ආදේශකයක් ගෙන එය වටේ මී මව රකින මී මැස්සියන් සේ පෙනී සිටියා. අනෙක් අය ඈතින් මී වද සහිත වංගෙඩිය කරා කවි කීමෙන් මීවද සහිත වංගෙඩිය අල්ලා ගන්නට උත්සහා කළා. මී වදේ අල්ලා ගත හොත් ඔවුන් ජයග්‍රාහකයන් වෙනවා. මී වදයට ලං වන පිරිසට මී වදය රකින පිරිස කවි කියමින් කොළ අතු වලින් ඔවුන් එළවා දැමීමට උත්සහ ගන්නවා.

මෙම ක්‍රීඩාවේදී සැලකිය යුතු කාරණයක් වන්නේ කුඩා දරුවන්ගේ විස්මිත ජන ගී හැකියාවයි. අද වන විට ජන ගීය කුඩා දරුවන්ගෙන් මෙන්ම වැඩිහිටියන්ගෙන්ද ඈත් වෙනවා. මී රස වෑහුණ මේ ගී වලින් නිපුණ සෞන්දර්යය එදා ජන සමාජ විකසිත කළ අපූරුව .

03. කුරුමිණියන් පෙරැළීම

විශේෂයෙන් උඩරට ප්‍රදේශ වලට සුවිශේෂී වූ ක්‍රීඩාවක් ලෙස මෙය සදහන් කළ හැකියි. අවුරුදු සමයේ ගම් ගොඩේ ඉළන්දාරීන්ගේ ශක්තිවන්තකම් විදහා දැක්වෙන ක්‍රීඩාවක්. විශේෂයෙන් නාඹර ගැටිස්සියන්ගේ සොඳුරු බැලුම් හමුවේ සිය ශක්තිවන්තකම් පෙන්වීමට ඉළන්දාරීන්ට මෙය කදිම අවස්තාවකි.

වල ගොඩැලිවලින් තොර තෝරා ගත් සමතලා බිමෙක වරෙක තරුණයන් දෙදෙනෙකු බැගින් වන කණ්ඩායම් කිහිපයකට මෙම ක්‍රීඩාව සදහා අවස්ථා හිමිවේ. සිය ඇඳුම කොට වන්නට හැඳ ගත යුතු අතර ඔළුවේ ජටාවක් හා ඉණෙහි ඉණ පටියක් බැද තිබීම මෙහිදී තරගකරුවන් සපුරා තිබිය යුතු කොන්දේසි වේ.

ඉන් අනතුරුව මෙම ක්‍රීඩාවට සුවිශේෂි වන අයුරින් ක්‍රීඩකයන් දෙදෙනා (එක් කණ්ඩායමක්) සිය ශරීර සුදානම් කර ගත යුතුය. එසේ සූදානම් වීමේන් අනතුරුව කරණම් ගසමින් ඉදිරියට යා යුතු අතර ක්‍රීඩකයින් දෙදෙනා ශරීර වලින් බැදී තිබේ. ඔවුන් කිසි විටෙකත් ශරීර වලින් වෙන් නොවිය යුතු අතර අවසානය කරා යන කණ්ඩායමට ජයගහණය හිමි වේ. මෙය ඉතා අසීරු මෙන්ම සිරුරේ ජවය සමබරව පවත්වා ගෙන නියැළිය යුතු ක්‍රීඩාවකි.

Image: tourslanka.com

02. යකඩ තැලීම හා සම් පෑගීම

පැරණි වැඩවසම් සමාජ ක්‍රමය තුළ ගමක කම්මල්කරුවාට හිමිවුයේ සුවිශේෂි ස්ථානයකි. කම්මල්කරුවා ගම්වැසියන් මත යැපුණ අතර ඔවුනට අවශ්‍ය උපකරණ තනා දුන්නේ කම්මල්කරුවා විසිනි. කම්මල්කරුවාගෙන් වැඩක් කර ගැනීමට නම් මහන්සියට සරිලන භාණ්ඩ කිසිවක් කම්මල්කරුවාට ලබා දිය යුතුය. අතීතයේ දී මෙය ආහාර සඳහා යම් යම් දේවල් ලබා දීම සුලභව සිදු කෙරිණි. මෙම භාණ්ඩ වලට අමතරව සිය උපකරණ කලට වේලාවට ලබා ගැනීමට නම් කම්මල්කරුවාගේ මයිනහම ඇදීමට ද උදව් විය යුතුය.

මයිනහම ඇදීම අසීරු කාර්යයක් වන අතර ශරීර ශක්තියේ ප්‍රමාණය මත උපකරණය නිපදවීමේ වේගය තීරණය වේ. එවන් අවස්ථාවල පිරිස එකතු වෙමින් සැහැලි කියමින් සිය රාජකාරිය ඉක්මන් කර ගනිති. හාස්‍ය රසය මුසු සැහැලි සංවාද එදා කම්මලේ සුලභ විය.

මෙම සැහැලි කීම අවුරුදු ක්‍රීඩා අතරට එක්වූයේ හුදු විනෝදය සඳහාය. අතීතයේ ගැමියා කවිය සිය ජීවිතයේ ආත්මය කොට ගෙන තිබූ බැවින් ප්‍රීතිමත් අවස්තාවලදී කවියෙන් යමක් ප්‍රකාශ කිරීමෙන් සිය තුෂ්ටිය වඩවා ගත්හ. පහත සඳහන් වන්නේ එබඳු සංවාද සැහැලි කොටසකි

කවුදැයි කවුදැයි කතා කරන්නෙ- කන්දේ දුරයා කතා කරන්නෙ
මංදැයි ආවේ- යකඩ තලන්නැයි – මොකද ගෙනාවේ පුහුල් ගෙනාවේ
අලු දොස් දිය දොස් අපි කන්නේ නෑ- අපෙ කම්මලෙ නොගනිති ඒවා
මල්ලියාත් සරි මං නයිදෙස් සරි- කම්මල් වත්තට ගෙන්වූ පන්දම
දීරෝ දීරෝ…..

01. කජු සෙල්ලම්

මේ ගැන නම් ඔබ ටිකක් දන්නවා ඇති. කජු කියන්නෙ අවුරුද්දක් එක්ක බැඳිලා තියෙන පළතුරක් . කජු නැති අවුරුදු අපිට මේ කාලේ තිබුණට ඒ කාලේ කජු නැති අවුරුදු තිබුණෙ නෑ. ගං ගොඩවල් වල කජු ගස් සුලභයි. ගමේ කොලු කුරුට්ටන්ට රැය එළි වූයේ කජු ගස් යට. අනුන්ගේ වතු වම වරදක් නොවන බවයි එකළ වැඩිහිටියන් සැලකූයේ. ඒ හින්දා හත්මාළුවට යන්න කළින් එහෙම අහුලාගන්න කජු වල ක්‍රීඩාමය අගය අපමණයි.

කජු ක්‍රීඩා වර්ග කීපයක් තියෙනවා

• පැටිකිච්චන් කෙළිය
• මදිංචි ගැසීම
• කජු පූට්ටු ගැසීම
• කජු කෙළිය.

අද අපි කජු සෙල්ලම් ගැන තියෙන දැනීම අල්ප වුණාට. අපේ පැරැණ්නන්ගේ ඇගවල්වල මේ ක්‍රීඩාව තිබුණා කියලා හිතෙන තරමට ඔවුන් ඊට දක්ෂයි. වැඩිහිටියන් පමණක් නොව හය හතර දත් පොඩ්ඩොත් හරි හරියට මේ ක්‍රීඩා වල යෙදිලා තිබුණා.

ලිපිය වඩාත් දිග්ගැස්සෙන නිසා පැරණි අවුරුදු ක්‍රීඩා කතා නතර කළත් කරලියෙන් සමුගෙන ගිය අවුරුදු ක්‍රීඩා තව බොහොමයක් තියෙනවා. වළවල් පෙරළුම, කල්ලි කෙලිය, ඉණිවැට පෙරළීම ආදී ක්‍රීඩා අභාවයටම ගිහින්. අපේ පැරණි අවුරුදු ක්‍රීඩා වල තිබුණ සමාජ කියවීම මේවාත් සමගම අපෙන් ගිලීහි ගොසින්. විශේෂයෙන්ම සාමුහික ජන සමාජයක පැවැත්ම අපෙන් දුරස් වෙමින් යනවා. මිනිසුන් වෙනුවෙන් මිනිසා සංකල්පය අපෙන් ගිලිහෙමින් යන අතර මම යන සංකල්පය වඩාත් ඉස්මතුවෙමින් තියෙනවා.

අඩුම තරමින් මේ ක්‍රීඩා ගැන දැනුවත් ‍වී ඉන් පැවසූ සමාජ වටිනාකම්වත් ඔබට මට ඉදිරියට ගෙන යන්නට හැකි නම් මේ ක්‍රීඩා අභාවයට යෑම සම්බන්ධව යම් සමාවක් අපට ලැබෙනු ඇති.

මූලාශ්‍ර- අන්තර්ජාලය හා පොත පත ඇසුරිනි

Cover Image: http://photo.unescoapceiu.org/


Like it? Share with your friends!

2.5k SHARES
2.5k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
0
Cry
Like Like
8
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කවද හරි අහල තිබුණද මේ අවුරුදු ක්‍රීඩා 05 ගැන?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes