web analytics

ආදරවන්තයින්ගෙ දවසෙදි තෑගි දෙන්න Fresh Flowers ගන්න හොඳ තැන් 5ක්


ඔයාගෙ ආදරවන්තියට අන්තිමටම ලස්සන මල් ටිකක් දුන්නෙ කවදද? එහෙම දවසක් මතකවත් නැද්ද? එහෙමනම් මේ ලිපිය ඔයාටම තමයි.

Valentine’s day එක හැමදාම එන්නෙ නැහැනෙ. අවුරුද්දටම එකපාරයි. සමහරුන්ට නම් හැමදාම වැලන්ටයින් වගේ තමයි. ආදරේට කොච්චර බාධක තිබ්බත් ලංකාවෙත් දැන් ආදරවන්තයින්ගේ දිනය හරි හරියට සමරනව.

අවුරුද්දටම එක පාරක් හරි flower bunch එකක් දීල ආදරේ අලුත් කරගත්තොත් නරකද? නැත්නම් ඔයාට කොයි වෙලාවෙ හරි නෝක්කාඩුවක් අහන්න වෙයි  වයිෆ්ගෙන් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් හරි  “අරයට නම් ලස්සන flower bunch එකක්  හම්බවෙලා, මට තමයි මුකුත් ලැබුනෙ නැත්තෙ” කියල.

මේ හදන්නෙ ඔයාගෙ වැඩේට පොඩි sup එකක් දෙන්න. ආදරවන්තයින්ගෙ දවසෙ තමන්ගෙ ආදරේට දෙන්න fresh flowers, එහෙම නැත්නම් එක රෝස මලක් හරි ගන්න හොඳම තැන් ටිකක් තම්යි මේ ලිස්ට් එකේ තියෙන්න. වයස් භේදයක් නැහැ ඉතින් මේ වැඩේට.

01. Shiro Hana

Shiro Hana කියන්නෙ අවුරුදු ගාණක් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉහලින්ම ඉන්න කට්ටියක්. එයාලගෙ flower shops කීපයක්ම කොළඹ, පැලවත්ත, මීගමුව සහ නුවර ප්‍රදේශ වල තියෙනව. රු. 2200ක් වගේ මිලක ඉඳල තමයි price පටන් ගන්නෙ. ටිකක් විතර ගණන්. Valentine’s day එකටම විශේෂයෙන් ලෑස්ති කරපු flower arrangements වගයක් ඔයාට බලාගන්න පුලුවන් Shiro Hana වෙබ්සයිට් එකෙන්.

Shiro Hana එකෙන් ඔයාට දෙන පොරොන්දුවක් තමයි ආදරවන්තයින්ගෙ දිනයෙදි මේ මල් ඔයා ආදරේ කරන කෙනාට එයාලාම deliver කරල දෙනව කියන එක.

ඔයාට අවශ්‍යය දේවල් Shiro Hana වෙබ් සයිට් එකෙන් online order කරන්න පුලුවන්. එහෙම නැත්නම් එයාලගෙ flower shop එකකට විසිට් එකක් දාලම බලන්න. 

shirohanaflowers.com   |   facebook.com/shirohanaflowers

02. Lassana Flora

Lassana Flora කියන්නෙ ඔයාල හොඳට අහල තියන නමක්. මේගොල්ලො wedding flower arrangements වලට තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ.  1998 වසරෙදි වෛද්‍ය පීඨයේ 3වෙනි වසරෙ ඉගෙන ගත්ත වෛද්‍ය ශිෂ්‍යයෙක් ආරම්භ කරපු ව්‍යාපාරයක් තමයි අද මේ විදිහට ඉදිරියට ඇවිත් තියෙන්නෙ. Lassana Flora එකේ flower shops කොළඹ, නාවල, බත්තරමුල්ල, මීගමුව, නුවර නගරවල වගේම ඔස්ට්‍රේලියාවෙත් තියෙනව.

ඔයාට ලස්සන ෆ්ලෝරා එකෙන් එකෙන් රු. 1800 සිට ඉහලට මල් තෝරා ගන්න පුලුවන්. කොළඹ, නුවර, මීගමුව අවට ප්‍රදේශ වලට උදේ 6 සිට රෑ 12 වෙනකම් ඩිලවරි පහසුකම් සපයන්න Lassana Flora  සූදානම්  කියල තමයි අපිට ආරංචි උනේ.

Flower වලට අමතරව තවත් දේවල් ගොඩාක් තියනව මෙයාල ගාව. විසිට් එකක් දාලම බලන්න.

lassanaflora.com   |   facebook.com/lassanaflora

03. Kapruka

Kapruka  කියන්නෙ ලංකාවට internet ආපු කාලෙ ඉඳන් අපි දන්න නමක් වගේම ලංකාවෙ විශාලතම e-commerce වෙබ්සයිට් එක. බැලූ බැල්මට ගොඩාක් දේවල් තියන වෙබ්සයිට් එකක් තම්යි මේක. බලමු ගණන් එහෙම කොහොමද කියල. 

Kapruka එකන් රු. 1700 ක් වගේ මිලක ඉඳල fresh flowers ගන්න පුලුවන්. ඒත් එක්කම ඔයාට box එකක දාපු තනි රෝස මලක් ගන්න පුලුවන් රු. 610 ට.


Kapruka කියන විදිහට කොළඹ ඇතුලෙ delivery සම්පූර්ණයෙන්ම නොමිලේ. පිට පළාත් වලට දුර අනුව මුදලක් අය කරනව. ඉතින් තවත් බලන් ඉන්නෙ නැතුව online ඕඩර් කරන්න.

kapruka.com   |   www.facebook.com/kaprukafans

 

04. Lankagifts

lankagifts.com කියන්නෙ තනිකරම online වෙබ්සයිට් එකක්. එයාලගෙ වෙබ්සයිට් එකට අනුව නම් බිස්නස් පටන් අරන් තියෙන් 2000 වර්ෂයේ ඉඳල.

මිල ගණන් නම් ටිකක් ඉහලයි. රු. 3900 ඉඳල වගේ තමයි price පටන් ගන්නෙ. Lankagifts.com කියන විදිහට එයාල ලංකාවෙ ඕනෑම තැනකට ඩිලිවර් කරන්නෙ අය කරන්නෙ එකම මුදලක් (රු 1,349). 

එයාලගෙ වෙබ්සයිට් එකට ගිහින් බලන්න ඔයාට ගැලපෙන විදිහට ගන්න තියෙන්නෙ මොනවද කියල.

Lankagifts.com 

05.  Flower Book

Flower Book showroom එක තියෙන්නෙ නුගේගොඩ. ඔයාට ඕන කරන විදිහට flower arrangements කරගන්න පුලුවන් වගේම තවත් gift items  එක්ක deliver කරගන්න පහසුකම් flower book සලසා දෙනව.

කොළඹ ඇතුලෙ සහ පිට පළාත්වලට  කරන delivery විස්තර ගණන් එක්කම එයාලගෙ website එකේ සඳහන් කරල තියනව. මේ පාර වැලන්ටයින් එකට fresh roses  රු. 1000 සිට flower book  එකෙන් ගන්න පුලුවන්. එයාලගෙ website එකටයි, show room  එකටයි විසිට් එකක් දාන්න වැඩි විස්තර දැනගන්න.

Flowerbooklk.com   |   facebook.com/flowerbooksrilanka 

Valentine’s day එකට තව වැඩි දවසක් නැහැනෙ. ඒක නිසා වැඩිය පරක්කු වෙන්න එපා. අන්තිම මොහොතෙ ඔක්කොම කරන්න හිටියොත් වෙලාවට කරගන්න බැරි වෙයි. එහෙම නැත්නම් ඔයා කැමති වෙලා තිබ්බ fresh flower bunch එක ඉවර වෙලා තියේවි.

Online order කරන්න කලින් ඔයා කරන්න ඕන දේවල් කීපයක්

  1. මේ හැමෝටම කතා කරල බලන්න order කරන්න කලින් website එකේ තියන ගණන් වෙනස් වෙනවද කියල.
  2. ඔයාට ඕන වෙලාවට ගන්න පුලුවන්ද කියන එක.
  3. දාල තියන පිංතූරෙ විදිහටම flower arrangement එක කරල දෙනවද කියන එක.
  4. Delivery කරගන්නව නම් ලැබෙන වෙලාව සහ යන අමතර මුදල කීයද කියන එක.

එහෙනම් ඔයාල හැමෝටම Happy valentine’s day එකක්.

Cover Image: indianexpress.com


Like it? Share with your friends!

792 SHARES
792 SHARES
What's Your Reaction?
Cute Cute
4
Cute
Lol Lol
3
Lol
OMG OMG
6
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
1
Cry
Like Like
8
Like
Confused Confused
1
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ආදරවන්තයින්ගෙ දවසෙදි තෑගි දෙන්න Fresh Flowers ගන්න හොඳ තැන් 5ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image