web analytics

ශ්‍රී ලංකාවේ ඔබ නැරඹිය යුතුම උද්භිද උද්‍යාන 05 ක්


ලස්සන තැන්වල ඇවිදින්න යන්න කැමති අය ඉන්නවද? කවුද ඉතින් ඒකටනම් අකමැති. අපි හැමදාම වගේ ලංකාවෙ තියෙන සුන්දර දර්ශනීය තැන් ගැන වගේම නිවාඩුවක් ගත කරන්න පුලුවන් තැන් ගැනත් විස්තර කරන එක වෙනුවට අද හිතුව තරමක් වෙනස් පැත්තක් ගැන කතා කරන්න. ඒ තමයි ලන්කාවෙ විවිධ දේශගුණික කලාපවල පිහිටල තියෙන උද්භිද උද්‍යාන. උද්භිද උද්‍යානයක් කියන්නෙ කොහොමටත් තුරුලතාවලින් පිරුණු, අලංකාර මල්ගොමුවලින් ගහන සුන්දර ස්ථානයක් නිසා නිරන්තරයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගෙ ආකර්ශනයට ලක්වෙන තැනක්. මේ නිසා ලංකාවෙ සංචාරක කර්මාන්තය වෙනුවෙනුත් සුවිශේෂී කාර්යභාරයක් මේ හරහා සිදුවෙනව. ඒ විතරක් නෙමෙයි ශාක පිළිබඳව සිදුකරන විවිධ අධ්‍යනයන් හා පර්යේෂණ, මල් හා විසිතුරු පැල හඳුන්වාදීම වැනි තවත් බොහොමයක් දේවල් මෙම උද්භිද උද්‍යාන හරහා ක්‍රියාත්මක වෙනව.

අපි මේ කියන්න හදන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම උද්භිද උද්‍යාන පහක් ගැනයි.

05. ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය.

Image: www.panoramio.com

ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයක් තමයි ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය. ඇත්තටම බ්‍රිතාන්‍ය ආණ්ඩුව මඟින් මෙම උද්භිද උද්‍යානය පිහිටුවන්නෙ ලංකාවෙ රබර් වගාව පිළිබඳව පර්යේෂණ පවත්වන්න. ඒ 1876 වසරෙදි අක්කර 36ක භූමි ප්‍රදේශයක් තුළ. මෙහි රෝපණය කළ මුල්ම රබර් ගසේ අවශේෂ අද පවා දැකගත හැකියි.
කොහොම කොහොමහරි කල් ගතවෙද්දි මෙම භූමිය සුන්දර උද්භිද උද්‍යානයක් බවට ක්‍රමයෙන් පරිවර්ථනය වෙනව. අද වෙද්දි මෙය ක්‍රියාත්මක වෙන්නෙ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ. මෑත කාලයේදී මෙම උද්‍යානයට අලුතෙන්ම තවත් අක්කර හතක භූමියක් එකතු කරගෙන තවදුරටත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමක් සිදුවෙනව. ගම්පහ වැනි නාගරික පරිසරයක් තුළ මේ වගේ සුන්දර ස්ථානයක් තියෙන එකත් සුවිශේෂී කාරණයක්. ගම්පහ නගරයෙ ඉඳල කිලෝමීටර් භාගයක් විතර මිණුවන්ගොඩ පැත්තට ඇවිත් ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට තවත් කිලෝමීටරයක් විතර ගියහම හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත ළඟාවෙන්න පුලුවන්.

Image: stayinlanka.com

Image: www.exoncloud.com

04. හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපිය උද්භිද උද්‍යානය.

Image: www.hambantotazone.com

2006 අවුරුද්දෙ මෙතෙන්ට එනකොටත් අනේ අපරාදෙ කියන්න බෑ හැටහුටහමාරක් ගස්නම් තිබුන. ඒත් මෙච්චර ලස්සනක් තිබුනෙ නෑ. සේරම තිබුනෙ ශුෂ්ක කලාපයට උරුම උන කටුපඳුරු කැලෑ. ඒත් අද වෙද්දි අක්කර 300 ක භූමියක පැතිරුණු සුන්දර උද්‍යානයක් මෙතන නිර්මාණය වෙලා තියෙනව. විශේෂයෙන් වියළි කලාපයට ආවේණික වෘක්ෂලතා පිළිබඳව දැනුවත් වෙන්න, අධ්‍යයනය කරන්න මෙතන ඉතාම වටින ස්ථානයක්. මේ උද්‍යානයෙ ශාක රෝපණය කිරීම ඇරඹෙන්නෙ 2008 දි. අද වෙනකොට එහි ප්‍රතිඵල හැමෝටම බලාගන්න පුලුවන්කම ලැබිල තියෙනව. විසිතුරු ශාක විශේෂවලට අමතරව ඖෂධීය ශාක පිළිබඳවත් අවධානය යොමුකරල තියෙනව. උද්‍යානය ඇතුලත සිසිල් දේශගුණයක් පවත්වාගැනීමට කුඩා ජලාශ කිහිපයක්ද මෙයට එකතු කරල තියෙනව. ඒ වගේම තමයි සංචාරකයින්ගේ පහසුව පිණිස සනීපාරක්ෂක සේවා මෙන්ම වෙළඳසැල් පවා මෙහි දැකගත හැකියි. ඉතින් ඔය දකුණු පළාත හරහා කතරගම පැත්තෙ එහෙම යනකොට මෙතැනත් බලාගෙනම යන්න.

 

Image: makulu.lk
Image: www.tripadvisor.com

 

03. සීතාවක උද්භිද උද්‍යානය.

 

Image: throughourcameras.blogspot.com

ලංකාවෙ උද්භිද උද්‍යාන පද්ධතියට අවසන්වරට එකතුවුනු ලාබාලම සාමාජිකය තමයි අවිස්සාවේල්ල සීතාවක උද්භිද උද්‍යානය. මෙහි තියෙන විශේෂත්වය තමයි අතිශය ජනාකීර්ණ කොළඹ නගරයට ආසන්නව මෙවැනි භූමියක් පිහිටල තිබීම. කොළඹද නුවරඑළියද කියල නෑ හැමෝම කැමතියි තදබදයෙන් පිරුනු ජීවිතයෙන් මිදිල ගහක් කොළක් යට ඇවිදින ගමන් දෙයියනේ කියල ටිකක් නිදහසේ ඉන්න. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ නාගරික ජනතාවට එහෙම යන්න තියෙන තැන් අවමවීම. ඒත් ඔන්න දැන් කොළඹ අවට අයටනම් මේ සුන්දර ස්ථානය හිමිවෙලා තියෙනව ඒ වෙනුවෙන්ම. ඉතාම රමණීය භූමියක පිහිටල තියෙන සීතාවක උද්භිද උද්‍යානය ඉදිකිරීම් ආරම්භවෙන්නෙ 2008දි. 2014 වසරෙදි තමයි මෙම උද්‍යානය මහජනයා සඳහා විවෘත වෙන්නෙ. උද්භිද විද්‍යාව හා ඒ ආශ්‍රිත පර්යේෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පර්යේෂණාගාර පහසුකම් පවා මේ තුළ ක්‍රියාත්මකයි.

Image: www.lanka.com
Image: www.chauffeuremillankatours.com

 

02. හක්ගල උද්භිද උද්‍යානය.

 

image: www.pinterest.com

ලංකාවෙ මුහුදු මට්ටමේ ඉඳල ඉහළින්ම පිහිටල තියෙන උද්භිද උද්‍යානය තමයි හක්ගල උද්භිද උද්‍යානය. ඒ වගේම තමයි විශාලත්වයෙන් දෙවෙනි ස්ථානය හිමිකරගන්නෙත් මේ උද්‍යානයම තමයි. ඉතාම සුන්දර දර්ශනීය පරිසරයක තමයි පිහිටල තියෙන්නෙ. ඒ වගේම තමයි ඉතින් සීතලත්. පුංචි එංගලන්තෙ එහෙමත් නැත්නම් නුවරඑළිය ප්‍රදේශයේ සුන්දරත්වය තවත් වැඩිකරන තැනක් තමයි හක්ගල මල් වත්ත. රබර් වගාව මුල්කරගෙන ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ආරම්භ වෙනව වගේම තමයි හක්ගල උද්භිද උද්‍යානය ආරම්භ වෙන්නෙ සින්කෝනා වගාව මුල්කරගෙන. ඒ 1861 වර්ෂයෙදි. නමුත් පසුව වගාකටයුතුවලින් ඉවත්කර 1884 දි මෙය උද්භිද උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරනව. හක්ගල සංචාරකයින් අතරනම් වැඩියෙන් ප්‍රසිද්ධ මනස්කාන්ත මල් වර්ග නිසා කිව්වොත් වැරදි නැහැ. මාර්තු, අප්‍රේල් කාලය තමයි හක්ගල නරඹන්න සුදුසුම කාලය. ඒ කාලෙට තමයි හක්ගල වසන්තය.

Image: www.chauffeuremillankatours.com
Image: www.flylankatravels.com

 

01. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය.

 

Image: www.srilankahillcountrytours.com

මෙතෙන්ට නොගිය කෙනෙක් එහෙම ඉන්නවද? එහෙමනම් ඉතින් කියන්න තියෙන්නෙ සේරම වැඩ පැත්තකින් තියල ගිහින් පේරාදෙණිය මල් වත්ත දැකබලාගන්න කියල තමයි. මොකද මේ තමයි ලංකාවෙ උද්භිද උද්‍යාන අතර රජ්ජුරුවො. ඒ වගේම තමයි ලංකාවෙ පැරණිම උද්භිද උද්‍යානයත් මෙයයි. අක්කර 147ක භූමියක් පුරා විහිදිලා තියෙන, මහවැලි නදිය අයිනෙ පිහිටල තියෙන මේ සුන්දර භූමිය උද්භිද උද්‍යානයක් ලෙස ආරම්භ වෙන්නෙ වර්ෂ 1821දි යටත්විජිත පාලන සමය තුළ. නමුත් ඊට සෑහෙන කලකට ඉහතදී ඉඳලම ඒ කියන්නෙ 14වෙනි සියවස පමණ දක්වාම දිවයන අතීතයක් මෙම උද්‍යානයට උරුමවෙලා තියෙනව. ගම්පහට රබර්, හක්ගලට සින්කෝනා වගේම තමයි පේරාදෙණියටත් සුවිශේෂී දෙයක් තියෙනව. ඒ තමයි ලංකාවෙ පළමුවෙනි තේ පැලය රෝපණය කරන්නෙ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ. විවිධාකාර ශාක විශේෂ 4000කට අධික සංඛ්‍යාවක් මෙහි දක්නට ලැබෙනව. වසරකට දෙස් විදෙස් සංචාරකයන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් මෙම භූමියේ සුන්දරත්වය අත්විඳින්න එනව කියල තමයි වාර්තාවෙන්නෙ.

 

Image: www.srilankahillcountrytours.com
Image: www.srilankanexpeditions.com

මේ තරම් සුන්දර ස්ථාන තියෙන රටේ ඒව බලන්නෙ නැතුව ඉන්නව කියන්නෙනම් අවාසනාවක්. මොකද මේ හැමතැනක්ම එකකට එකක් වෙනස්. පරිසර පද්ධතීන් සහ දේශගුණික තත්ත්වයන් විවිධාකාරයි. ඉතින් කට්ටියටම කියන්න තියෙන්නෙ ඇවිදින්න තැන් හොය හොය ඉන්න වෙලාවෙ මේ ලස්සන තැන්වලත් ඇවිදල බලන්න කියන එකයි.


Like it? Share with your friends!

271 SHARES
271 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
3
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
5
Like
Confused Confused
2
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ශ්‍රී ලංකාවේ ඔබ නැරඹිය යුතුම උද්භිද උද්‍යාන 05 ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes