web analytics

ඇනිමේෂන් ඉගෙන ගන්න ලංකාවෙ හොඳම තැන් 05ක්


ලෝකයේ මෑත ඉතිහාසයේ සීඝ්‍රයෙන් ජනප්‍රියවෙමින් පවතින ක්ෂේත්‍රයක් තමයි මේ ඇනිමේෂන් කලාව එහෙමත් නැත්නම් ත්‍රිමාණ සජීවීකරණය. ලංකාවෙ කියලත් ඒකෙ වෙනසක් නැහැ. සෑහෙන පිරිසක් ඉන්නව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න උනන්දුවෙන්. ඇත්තටම ඒක හොඳ ප්‍රවණතාවක්.

බටහිර රටවලට සාපේක්ෂව අපේ රටේ මේ ක්ෂේත්‍රයට ලැබිය යුතු පිළිගැනීම, අවස්ථා ලැබෙනවද කියන එක එක්තරා විදිහකට ගැටලුවක් තමයි. විශේෂයෙන් තාක්ෂණික සහ භෞතික සම්පත් ඌණතාවය තමයි ප්‍රධානතම ගැටලුව. ඒ වගේම තමයි දරන්නටවෙන පිරිවැය. නමුත් මේකෙන් අදහස් වෙන්නෙ නෑ ලංකාවෙ වැඩකාරයො නෑ කියන එක.

Artist: Aloka kodithuwakku

අපේ රටේ මේ ක්ෂේත්‍රයේ නිරතවෙලා ඉන්න අතිදක්ෂ නිර්මාණකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නව. ඇත්තටම ඇනිමේෂන් කලාව මේ මට්ටමට ලංකාවෙ ප්‍රචලිත වෙන්න මෙන්න මේ සැඟවුනු මිනිස්සුත් විශාල දායකත්වයක් ලබා දීල තියෙනව.

Kanchayudha by Arimac Lanka

අනාගතයේ ඇනිමේෂන් කලාව තවදුරටත් ඉදිරියට යන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නෙ. සිනමාව, වෙළඳ දැන්වීම් කලාව, පරිඝණක වීඩියෝ ක්‍රීඩා වැනි විශාල පරාසයක පැතිරෙමින් පවතින මෙම ක්ෂේත්‍රය තුළ අද වෙනකොට හොඳ රැකියා අවස්ථාවන් නිර්මාණය වී තිබෙනව. මේ නිසා අනාගතය සුභවාදී බවනම් කිව යුතුයි.

මේ හේතු නිසාම ඇනිමේෂන් කලාව උගන්වන ආයතනත් හතු පිපෙනව වගේ බිහිවෙමින් තියෙනව. ඒත් මේ ආයතනවල ප්‍රමිතිය කොහොමද කියන එක ගැනනම් දෙපාරක් හිතන්නම වෙනව. අලුතෙන්ම ත්‍රිමාණ සජීවීකරණය ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න අයට ලංකාවෙ ඇතුලෙ තියෙන පිලිගත් ආයතන කිහිපයක් ගැන දැනුවත් කරන්නයි මේ හදන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නැහැ මෙයින් පරිබාහිරව ගුණාත්මක ආයතන නැහැ කියන එක. ඒ වගේම වඩා වැදගත් කාරණාව තමයි මේ ක්ෂේත්‍රය තුළ තියෙන වැදගත්ම දේවල් තමයි නිරන්තර පුහුණුව, යාවත්කාලීනවීම, ස්වයං අධ්‍යනය, නිර්මාණශීලීත්වය වැනි කරුණු.

ආයතනය මොකක් උනත් මූලික දැනුම ගත්තට පස්සෙ එතනින් එහාට වැඩේ තියෙන්නෙ ඔබ අතේ.

01. AMDT – Academy of Multimedia Design & Technology

2005 වර්ෂයේදී ආරම්භවුනු මෙම ආයතනය වසර 11ක් පුරාවට ත්‍රිමාණ සජීවීකරණ ක්ෂේත්‍රයට අතිදක්ෂයින් රැසක් බිහිකරල තියෙනව. මේ හේතුව නිසාම අද වෙද්දි බහුමාධ්‍ය නිර්මාණකරණය පිළිබඳව පාඨමාලා මෙහෙයවන ප්‍රමුඛතම ආයතනයක් බවට පත්වෙන්න AMDT ආයතනය සමත්වෙලා තියෙනව කියන එක මේ ක්ෂේත්‍රයේ වැඩකරන සහ උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම දන්න කාරණයක්.

AMDT Website

02. AOD – International Design Campus

නමේ හැටියටම අන්තර්ජාතික පිළිගැනීමක් තියෙන ආයතනයක්. එංගලන්තයේ Northumbria විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගෙන තමයි මේ ක්‍රියාකාරකම් සිදුවෙන්නෙ. මේ නිසාම ශිෂ්‍යයින්ට විශේෂ වරප්‍රසාද අත්විඳින්නත් අවස්ථාව තියෙනව. නිර්මාණකරණය සහ නිර්මාණකරුවන් වෙනුවෙන්ම බිහිවුණු ආයතනයක් කිව්වොත් නිවැරදියි.

AOD Website

03. SLMTI – Sri Lanka Media Training Institute

මේ තමයි මේ ක්ෂේත්‍රයට රාජ්‍ය අංශයේ මැදිහත්වීම දකින්න පුලුවන් අවස්ථාක් කිව්වොත් නිවැරදියි. දීර්ඝ ඉතිහාසයක් තියෙන ආයතනයක්. ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය නමින් මුල් යුගයේ හඳුන්වපු මෙය අද වෙනකොට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. ඒ වගේම ත්‍රිමාණ සජීවිකරණය පිළිබඳව ප්‍රමිතියෙන් යුත් පාඨමාලාවන් පවත්වාගෙන යන ආයතනයක්.

SLMTI Website

04. SLIIT – Sri Lanka Institute of Information Technology

නම කියපු ගමන් හැමෝම දන්නවනෙ තැන මොකක්ද කියල. මේ තමයි තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් පරිබාහිරව පවතින ජනප්‍රියම ආයතනය කිව්වොත් නිවැරදියි. අද වෙනකොට ඩිජිටල් ඇනිමේෂන් සහ දෘශ්‍ය ප්‍රයෝග පිළිබඳව ඉතා ඉහළ මට්ටමේ පාඨමාලා ක්‍රියාත්මක කරමින් අනෙකුත් ආයතන සමඟ කරටකර තරඟයක් ලබාදීමට ඔවුන් සමත්වෙලා තියෙනව.

SLIIT Website

05. Wijeya Graphics

මේකත් හැමෝම දන්න කියන තැනක්නෙ. වසර ගණනාවක් තිස්සෙ ක්‍රියාත්මකවන මෙම ආයතනයෙනුත් ලංකාවෙ සජීවිකරණ ක්ෂේත්‍රයට දායකත්වයක් ලැබිල තියෙනව. විශේෂයෙන්ම මූලික විෂය කරුණු හැදෑරීමට හොඳ ආයතනයක් කියන එක බයක් නැතුව කියන්න පුලුවන්. පුළුල් පරාසයක විහිදුනු පාඨමාලාවන් ගණනාවක් මේ තුළ ක්‍රියාත්මක වෙනව.

Wijeya Graphics Website

මේ තියෙන්නෙ ලංකාවෙ කට්ටිය කරපු ඇනිමේෂන් වැඩ කීපයක්.

 I) .  by Dimension X , Producer: Probodha Illungasinghe

 II) .  by Arimac Lanka

 III) . Production House : OdloVFX, Agency : BBDO Lanka

 

Cover Image Credit:  Aloka kodithuwakku


Like it? Share with your friends!

1.5k SHARES
1.5k SHARES
What's Your Reaction?
Cute Cute
4
Cute
Lol Lol
3
Lol
OMG OMG
14
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
6
Cry
Like Like
12
Like
Confused Confused
3
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
6
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඇනිමේෂන් ඉගෙන ගන්න ලංකාවෙ හොඳම තැන් 05ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image