වස විස නැති රසකාරක 05ක්


ආහාරයක පෝෂණ ගුණය ආහාරයෙහි රසය, වර්ණය, පෙනුම වගේම ඊට ඇති රුචියත් වැඩි කරන්න බලපානවා. දැන් වෙළදපොලේ තියෙන ගොඩක් කෑම ජාති වල පෙනුම,රසය වැඩි කරන්න යොදා ගන්නේ කෘතිම වර්ණකාරක සහ රසකාරකයි. ඒත් සොබා දහමේ රසකාරක, වර්ණකාරක නම් මිට වඩා හාත්පසින්ම වෙනස්.

ඒවා රසයෙනුත් පෙනුමෙනුත් වගේම ඖෂධීය ගුණයෙනුත් ඉස්තරම්. සොබාදහමෙන් අපට උරුම වුන රසකාරක නම් නිධානයක් ලෙස හැදින්වුවාට වරදකුත් නෑ. මන්ද කටු මැටි ගහපු කුස්සියේ ඉදන් 5 ස්ටාර් හෝටල් වලටත් නැතුවම බැරි සම්පතකි මේ කුළුබඩු වර්ග.

Images: rebootwithjoe.com

අපි රසකර කර කෑවට ඒකට දාපු කුළුබඩු වර්ග ගැන දන්න දෙයක් නෑ නේද? ඒත් රස පොඩ්ඩක් අඩු වැඩි වුනාම නම් අපි හැමෝම කියනවා නේද ? ආපෝ අද නම් පොඩ්ඩක් සැරයි, සැර මදි වගේ, අරවා මෙවා අඩු වැඩි උනා නම් හොඳයි කියලා. ඒ නිසා අපි ගන්න කෑමවේල රසවත් කරන්න උදව් වෙන මේ රසකාරක ගැනත් පොඩ්ඩක් ඉගෙන ගෙන තිබුනොත් හොඳයි නේද? 🙂

01. මිරිස් (Chili Pepper)

විද්‍යාත්මක නාමය :- Capsicum

Image: Ethno-botanik.org

කොළම කොළ පාටට, ලස්සනට, හීනියට, දිගට තියෙන මේ මිරිස් නම් අපි දන්නේ අමුමිරිස් කියලා කිව්වාම. මට නම් මේ මිරිස් දැක්කාම හරි පිරිසිදු බවක් පෙනවා. බෝහෝ ඈත කාලේක ඉදන් තමයි මේ මිරිස් ආහාරයට ගන්න පටන් අරන් තියෙන්නේ.බොහෝ දෙනෙකුගේ විශ්වාසය අනුව නම් මිරිස් වල නිජබිම මධ්‍යම ඇමෙරිකාව සහ මෙක්සිකෝව යි. මේ වන විට ලෝකයේ කැප්සිකම් වර්ගයට අයත් විශේෂ 25ක් පමණ සොයා ගෙන ඇතත් මිනිස් පරිභෝජනයට සුදුසු මිරිස් වර්ග ඇත්තේ 5ක් පමණ වේ.ඒවා නම්,
Capsicum annuum L
Capsicum baccatum
Capsicum frutescens L.
Capsicum pubescens
Capsicum chinese Jacq.(IBPGR 1983).

මේ අතරින් ශ්‍රි ලංකාවේ වගා කරනුයේ Capsicum annuum L වර්ගය යි. මේ Capsicum annuum විශේෂයට අයත් වන මිරිස් වල ලක්ෂණ වනුයේ,

සැරභාවය, හැඩය, වර්ණය, ප්‍රමාණය, ආවේණික සුවඳ සහ ලබා ගත හැකි ප්‍රයෝජන අනුව තවදුරටත් වර්ගීකරණය කළ හැකි විමය. මිරිස් වල අඩංගු වනුයේ කැප්සයිසින් නම් රසායනික සංඝටකය යි. පොඩ්ඩක් සැරට කන්න ආස අපිට නම් ඉතිං මිරිස් කියන්නේ නැතුවම බැරි රසකාරකයක් තමයි ඉතිං.

02. කහ (Turmeric)

විද්‍යාත්මක නාමය :- Curuma longa

Image: Med-Health.net

කුසියේදි අපිට නැතුවම බැරි කුළු බඩුවක් තමයි මේ කහ කියලා කියන්නේ. විටක එය රස කාරකයකි. තවත් විටෙක වර්ණ කාරකයකි. මේ හැරුණු විට ඉපැරණි කාලයේ ඉදන්ම කහ විෂබිජ කාරයක් ලෙසද යොදා ගෙන ඇත.

හිමාල ප්‍රදේශයේ සරුවට වැවෙන මේ කහ ශ්‍රී ලංකාවේ නම් සියළුම පළාත් වල වගා කල හැකියි. අපේ පැරැන්නන් කහ අත්කහ ලෙසද හදුන්වලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් තමන්ගේ රූ සපුව පැහැපත්ව තියා ගන්න මේ කහ ශරිරයේ ගල්වනවා. එය ඈත අතීතයේ සිටම පැවති ආ රූපලාවණ්‍යය සත්කාරයකි. පැරණි පොත් පත් වල පවා ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. බ්‍රාහ්මී පැරණි පොත් පත් වල සඳහන් වි ඇත්තේ කහ, සුදු හඳුන් වගේම කොකුම් පොතුත් එකට අඹරා ඇගේ ආලේප කිරිමෙන් සම පැහැපත් වෙන බවය. ගැහැණු ළමයින්ට නම් ඒ කාරණය ගොඩක් වැදගත් වෙයි. 🙂

විශේෂයෙන්ම මේ කහ වලට රුධිරය පිරිසිදු කිරිමේ මගඟු හැකියාවක් තියෙනවා. සුගන්ධකාරක, වාෂ්පශිලි තෙල් අඩංගු මේ කහ නම් මුළුතැන් ගෙයි අනිවාර්යයෙන් ම තියෙන්න ඕන කුළුබඩුවක්. ඒ නිසා නරකද තමන්ගේ ගෙවත්තේම පඳුරක්, දෙකක් හිටව ගත්තොත්?

කහ පඳුරු වලට වැඩි ඉඩ කඩක් අවශ්‍ය වෙන්නේ නෑ වගේම හොඳ අස්වැන්නකුත් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒක ඔයාගේ පසුම්බියටත් ලොකු සහනයක් වෙයි.

03. සුදු ලූනු (Garlic)

විද්‍යාත්මක නාමය :- Allium sativum

Image: LinkedIn.com

සුදු ලූනු ආහාරවල ගුණාත්මක භාවය වැඩි කිරිම සඳහා බෙහෙවින් උපකාරී වන කුළුබඩුවකි. දේශිය වෙදකමේදි ද සුදු ලූනු කියන්නේ නැතුවම බැරි ඖෂධයක්. ඒ කියන්නේ සුදු ලූනු කුළුබඩුවක් ලෙසත් ඖෂධයක් ලෙසත් අපිට යොදා ගන්න පුළුවන් කියන එකයි.

මිට වසර හය දහකට වඩා පැරණි අතිතයේ වාසය කල අයද සුදු ලූනු පරිභෝජනයට අරගෙන ඇති බවට සාක්ෂි හමුවෙලා තියෙනවා. ඒ වගේම සුදු ලුනු පිළිකා නාශකයක් ලෙසත් යොදා ගන්න පුළුවන්.

සමස්තයක් ලෙස, සුදු ලූනු වල ඖෂධදීය ක්‍රියාකාරිත්වය බැලුවොත් සුදු ලුනු බැක්ටීරියා නාශකයක් ලෙස, ගර්භාෂ උත්තේජකයක් ලෙස, රුධිරයේ සිනි මට්ටම අඩු කරන රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අඩු කරන,කොලොස්ටරෝල් අඩු කරන, පිළිකා ශෛල නසන, වයසට යාමේ වේගය අඩු කරන ඉතාමත්ම වටිනා කුළුබඩුවකි.

කුස්සියට විතරක් සිමා නොවි බොහෝ ප්‍රයෝජන රැසක් මිනිසුන් ට ලබා ගත හැකි විම සුදු ලුනු වල ඇති විශේෂත්වය යි.

04. ගම්මිරිස් (Black Pepper)

විද්‍යාත්මක නාමය :- piper nigrum

Image: NDTV Food

දැන් කාලේ ගම්මිරිස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සල්ලි ගොඩක් නේද? ඊට හේතුව ගම්මිරිස් කවදත් හොඳ වෙළෙඳ පොළක් තියෙන කුළුබඩු විශේෂයකි. සාමාන්‍යයෙන් ගම්මිරිස් ඇට කිලෝවක් රුපියල් 1000 – 2000 මිළ ගණන් අතර පවතිනවා.

ගම්මිරිස් කැබැලි වශයෙන් මෙන්ම කුඩු වශයෙන් ද කොටා පැකට් කර විකිණීමට හැකිය. බඩේ කැක්කුම හා සෙම අමාරු සඳහා ඉක්මන් කි‍්‍රයාකාරි ඖෂධයක් වන ගම්මිරිස් එදිනෙදා සකස් කරනු ලබන කෑම බීම පිණිස විවිධාකාරයෙන් යොදාගන්නා රසකාරකයකි. ප‍්‍රධාන වශයෙන්ම ගම්මිරිස් කෑම සඳහා යොදා ගන්නා ක‍්‍රම හතරකි.

1. ගම්මිරිස් ඇට පිටින් යෙදීම
2. ගලේ අඹරා යෙදීම
3. තැලූ ගම්මිරිස් ඇට කැබලි යෙදීම
4. ගම්මිරිස් කුඩු යෙදීම

මේ අවස්ථා හතරේදී ගම්මිරිස් වලින් මතුවන රසය විවිධාකාර වන නිසා රසකාරකයක් වශයෙන් මේවා ලොකු වටිනාකමක් පෙන්නුම් කරයි. ගම්මිරිස් ආහාරයට එක් කර ගැනිමේ දි වර්ග තුනක් භාවිතා කරනවා.

ඒ තමයි කළු ගම්මිරිස්, කොළ ගම්මිරිස් හා සුදු ගම්මිරිස්. නමුත් බහුලවම භාවිතා කරනුයේ කළු ගම්මිරිස් තමයි.

හොඳට වියළිමෙන් පසුව තමයි ගම්මිරිස් ආහාරයට එක් කර ගන්නේ. ගම්මිරිස් සඳහා ඊට ආවේණික රසයක් තියෙනවා නේද? ඒ කියන්නේ කාපු ගමන් කනින් දුම් දාන වගේ හැඟීමක් එනවා. ඊට හේතුව වෙන්නේ ගම්මිරිස් වල පයිපරින් නම් රසායනික ද්‍රවය අඩංගු වෙලා තියෙන නිසයි.

05. කුරුඳු (Cinamon)

විද්‍යාත්මක නාමය :- cinamomum verum

Image: healthylnb.com

කුරුඳු කියන්නේ ලොරේසියේ කුලයට අයත් බහු වාර්ෂික හා සිනමෝමම් සිලනිකම් නමින් හැඳින් වෙන ශාකයේ කදෙහි වියලන ලද පොත්තයි.

කුරුඳු ආහාරයට එක් කර ගැනිමේ දී ආහාරයට රසයක් වගේම වර්ණයකුත් ලැබෙනවා. කුරුඳු වල ඉයුජිනෝල් සහ සිනමයිල් නම් රසායන ද්‍රවය අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් කුරුඳු ආහාරයට එක් කර ගැනිමේ දි කුඩු වශයෙන් ද, කැබලි වශයෙන් ද යොදා ගන්න පුළුවන්. කුරුඳු ඖෂධීය ගුණයෙනුත් අනුන කුළුබඩු වර්ගයකි.

ඊට අමතරව කුරුඳු වලින් සගන්ධ තෙල් නිපදවනවා. සාමාන්‍ය පෙළ පංති වලදි පරික්ෂණ එහේම තිබුනා ඔයාලට මතක ඇති. 15 – 17 සියවස් වලදි ශ්‍රී ලංකාව පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් යටත් කර ගත්තේ මේ කුරුඳු යහමින් අපේ රටේ තිබුන නිසයි. පාරම්පරික සමාජයේ කුරුඳු ජීර්ණ අපහසුතා සුව කිරීමට මල බද්දය සඳහා, ඔසප්වීමේ ප්‍රශ්න ය සඳහා, සංධි උලුක්කු වීමට සහ මාංශ පේශි වල ගැටලු සඳහාද ඖෂධයක් ලෙසට භාවිතා කල බව සඳහන් වෙලා තියෙනවා.

Cover Image: idhsustainabletrade.com


Like it? Share with your friends!

44 SHARES
44 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වස විස නැති රසකාරක 05ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes