web analytics

දෙමව්පියන් විසින් දරුවන්ට නොකිය යුතු දේවල් 5ක්.


දෙමව්පියෝ වෙන්න හැමෝටම පුළුවන්. ඒත් හොඳ දෙමාපියෝ වෙන්න හැමෝටම බෑ .  අම්මලා , තාත්තලා දිහා බලලා තමයි ළමයි පොඩි කාලේ ඉදන් හැමදේම ඉගෙන ගන්නේ.

අම්මෙක් , තාත්තෙක් වෙනවා කියන්නේ ඔයාට ජිවිත කාලය තුළදි ලැබෙන ලොකු වගකිමක්.  ඒ නිසා , අපි කියන වචනය ගැන පවා සැළකිලිමත් වෙන්න වෙනවා.  මේ ලිපියෙන්  බලමු දෙමාපියන් දරුවන්ට කියන්න  නුසුදුසු දේවල් මොනවද  කියලා

01.” වැඩිහිටියන්ට ඇහුම්කන්දෙන්න”

ඔයා බලයි , ඇයි මේ වැඩිහිටියන්ට ඇහුම්කන් දෙන්න එපා කියන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. අපි පොඩි කාලේ ඉදලා ඉගෙන ගෙන තියෙන්නේ , වැඩිහිටියෝ කියන දේ අහන්න ඕන කියලා.  නමුත්,  ළමයා මෙතනදි හිතන්න පුළුවන් ,මේ ලෝකේ ඉන්න හැම වැඩිහිටියම බුද්ධිමත්  වගේම හොඳ මිනිස්සු කියලා. මෙතන බුද්ධිමත් කියන්නේ උගත් ,නුගත් බව නෙමෙයි , හිතන පතන විදිය සහ ආකල්පයි.

ගුරුවරු ඇතුළු දෙමාපියන් විසින් හොඳ යැයි අනුමත කරන පිරිස මේ ගණයට අයත් වෙන්නේ නෑ. නැත්නම් වෙන්නේ,  ළමයි අදුරන්නේ නැති , නරක මිනිසුන් පවා විශ්වාස කරන්න පටන් ගන්න එක. විශේෂයෙන් , ගැහැණු දරුවන්ට එලෙස අවවාද කිරිමෙන් වළකින්න .

අපි දැන් බලමු , කොහොමද  ,මේ අවවාදය හරි විදියට දරුවට කියන්නේ කියලා. “දෙමාපියන් කියන දේ අහන්න පුරුදු වෙන්න කියලා,  ඔවුන්ව නිතර දැනුවත් කරන්න”. එකෙන් ඔබේ දරුවා තේරුම් ගනිවි , හැම වැඩිහිටියම හොඳ නැති බවත් ,තමාට අහිතක් කරන්න එන වැඩිහිටියෝ කවුද කියලත් ඉගෙන ගනිවි. කාලයක් යද්දි දෙමාපිය මැදිහත් වීමක් නැතුවම ඔවුන් සමාජයේ ඉන්න විවිධ පුද්ගලයන් ගැන ස්වයං අධ්‍යනයක් කරගන්න පුරුදු වෙවි.

rampages.us

02.ඔයා අඬන්න එපා.

ඔයා හිතන්න ගෙදරදි දඟ වැඩක් කරලා ළමයා හයියෙන් අඬනවා කියලා. එක්කෝ සෙල්ලම් කරද්දි වැටිලා, නැත්තම් සහෝදරයා, සහෝදරිය එක්ක රණ්ඩුවෙලා. ඉතිං, ඔයා ළමයට කියනවා , ” කෑ නොගහා ඉන්න, බොරුවට අඬන්න ලැස්ති වෙන්න එපා කියලා. ඉතිං, ළමයා තියෙන බයට අඬන එක නවත්ත ගන්නවා , එයාගේ හිතේ තියෙන හැඟිම පිටකර ගන්නේ නැතුවම.

හිතන්නේ නැති වුනාට මෙකෙන් ලොකු හානියක් වෙනවා ළමයට. හේතුව තමයි  , අඬන්න හේතුවවත් අහන්නේ නැතුව අඬන එක නතර කරාම එයාගේ හිතේ වෛරයක් , මුරණ්ඩු ගතියක් , පළිගැනිමේ චේතනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා , හොඳම දේ තමයි ළමයා අඬද්දි අඬන්න හේතුව අහලා දැනගන්න ඒක. මේක ගොඩක් දෙමාපියෝ කරන වැරැද්දක්. එතකොට ඔයාට දරුවගේ හැඟිම් තේරුම් ගන්න පුළුවන්.

දරුවා නරක වැඩක් කරලා නම් එකේ ඇති වැරැද්ද ගැන ආදරෙන් කියලා දෙන්න. ළමයගේ වැරදි වලට ගහලා හදන්න හැදුවොත් එකෙන් වෙන්නේ තවත් මුරණ්ඩු වෙන එක විතරයි. ඒ නිසා දෙමාපියන් විදියට දරුවගේ හැඟිම් තේරුම් ගන්න උත්සාහ කරන්න.

achtedzieciaki.pl

03.කවුද? ඔයාට ,මේක ඉගැන්නුවේ ?

අපි හිතමු , ළමයා ගෙදර තියෙන වටිනා කියන භාණ්ඩයක් කඩලා, ඔයා මේක දැක්ක ගමන් අහනවා , කවුද? ඔයාට , මේ වගේ නරක වැඩ කියලා දුන්නේ කියලා. එහෙම අහන එකෙන් ළමයා වැරදි වැටහිමක් හිතට ගන්නවා, ඔයා නොදැනුවත්වම.

ළමයා හිතනවා ,

අම්මා හරි තාත්තා හරි මගෙන් එහේම ඇහුව්වේ , එයාලා මං කරපු දේ ගැන වැඩිය හිතන්නේ නැති නිසා කියලා . මොකද , මේකට වෙන කෙනෙක්ව පටලවලා තමන්ට බේරෙන්න පුළුවන් කියලා එයා හිතනවා. එතකොට ඕනම නරක වැඩක් කරලා වෙන කෙනෙක් නිසයි මං මේ දේ කලේ , හිතලා නෙමෙයි කලේ කියන හැඟිම හැමදාටම ඒ ළමයගේ හිතේ තියෙනවා .

parenting-articles-

04. බලන්න, මේ ළමයා දිහා, එයා කොච්චර හොඳයි ද? ,ඒකට බලන්න ඔයා?

මේක තමයි දෙමාපියන් විදියට ඔයා ළමයට කරන ලොකුම වැරැද්ද. සංසන්දනය කිරිම. මේ වැරදි වැඩෙන් ළමයාගේ මානසික මට්ට්මට ලොකු බලපෑමක් ඇති වෙනවා. ළමයා හිතන්න පටන් ගන්නවා, මං නරක කෙනෙක් , මට කිසි දෙයක් කරගන්න බෑ, මං දුර්වල ළමෙක් කියලා. බලන්න ,ඔයා ඒ කරන වැඩෙන් ළමයා මානසිකව කොයිතරම් විදවනවද කියලා. මෙකෙන්, ළමයා තමන්ගේ යහළුවෝ ඉස්සරහ ලැජ්ජාවට පත්වෙනවා. ඊට පස්සේ තමයි එයා පුරුදු වෙන්නේ තනිවෙලා ඉන්න.

එහේම නෙමෙයි, ඔයා කිසිම දවසක තමන්ගේ ළමයව අනිත් ළමුන් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. දරුවගේ සැබෑ දක්ෂතාවය හදුනා ගන්න. එයා ආසාවෙන් කරන දේ ගැන හොයලා බලලා, පුළුවන් තරම් ඒ දෙයට උදව් කරන්න. ළමයට ඒත්තු ගන්වන්න දෙමාපියන් විදියට ඔයාලා එයා ගැන ආඩම්බරයෙන් ඉන්නේ , එයාව විශ්වාස කරන බව. එවිට දරුවා හිතනවටත් වඩා ලොකු දුරක්‍ යයි අනාගතයේ දි.

 05.ඔයා මේ දේවල් දැනගන්න තව පොඩි වැඩියි.

ළමයි කියන්නේ හැමවෙලේම කුතුහලයෙන් ඉන්න පිරිසක්. නිතරම එයාලා දකින දේ , ඇහෙන දේ ගැන අහනවා. මොකක්ද ඒ? ඇයි එහේම වුනේ? වගේ ප්‍රශ්න වැලක් අහනවා. ඉතිං එහේම අහද්දි ඔයා කිව්වොත් ,

“තාම ඔයා පොඩි වැඩියි , ලොකු වුනාම දැනගන්න පුළුවන් වෙයි කියලා, ” ඒක ලොකු වැරැද්දක් ,ඔයා ළමයට කරන. උදාහරණයක් විදියට,  එයා ඇහුව්වොත් ප්ලේන් එකක් පියාඹන්නේ කොහොමද කියලා. ඔයා මොකක්ද දෙන උත්තරය ? සමහරවිට විද්‍යාත්මකව පැහැදිලි කරාට එයා ඉන්නේ ඒ වගේ සංකිර්ණ දේවල් නොතේරෙන වයසක වෙන්න පුළුවන් .හොඳම දේ එයාට තේරෙන විදියට සරලව කියලා දෙන එක.

නැතිනම්, ළමයා තීරණය කරනවා , මං මේක දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන කියලා. එතකොට ආයේ ළමයා කිසිම දෙයක් ඔයාගෙන් අහන්න එන්නේ නෑ. බාහිරින් හැමදේම දැනගන්න උත්සාහ කරනවා.

එකේ තියෙන නරක දේ තමයි ,ළමයට ලිංගිකත්වය ගැන පාසලන් හෝ වෙන ක්‍රමයකින් දැනගන්න හම්බුනා කියලා හිතන්නකෝ , ඉතිං ඔය ගැන ළමයාට තියෙන කුතුහලය නිසා පිටස්තර පුද්ගලයන්ගෙන් අහන්න ගියොත් වෙන ඇබැද්දිය හිතාගන්න පුළුවන් නේද? ඒ නිසා , ඔයා කොයිතරම් කාර්යබහුල කෙනෙක් උනත් දරුවාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වගබලා ගන්න.

www.highlights.com

Like it? Share with your friends!

17 SHARES
17 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
3
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

දෙමව්පියන් විසින් දරුවන්ට නොකිය යුතු දේවල් 5ක්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes